ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුව සැකසීම ඔස්සේ මෙතෙක් ආර්ථික ස්ථාවරයට බාධාවක්ව පැවැති දේශපාලන අස්ථාවරය නිම වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ අද (12) පැවැති ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනයේ දී පැවැසීය.
රටේ ජනතාව බඩගින්නේ තබා කරන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් වැඩක් නැති බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුත්තේ රටේ ජනතවාගේ කුස් හා සාක්කු පිරවීමට බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වනවිටත් සකසා අවසන් බවත් අගමැති කීය.
ඉදිරියේදී වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ව්‍යාපාරවල නිරත විය හැකි මූල්‍ය නගරයක් ස්ථාපිත කරන බව ද අගමැති සඳහන් කළේය.
‘දැන් අපේ පස් අවුරුදු ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්ම සකසා අවසන් වෙමින් තිබෙනවා. එය නුදුරේදීම ඉදිරිපත් කළ හැකියි. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වුණා. පොදු අපේක්ෂකයෙක් යනු පක්ෂ රැසක් නියෝජනය කරන පුද්ගලයෙක්. එවැනි අවස්ථාවක ප්‍රතිපත්ති, මතිමතාන්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා‘ යැයි ද අගමැති එහිදී පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බඩවල් නොපිරුනාට ඔහෙලගෙ නම් සාක්කු පිරෙයි (නි)
වැඩ පටන් අරගෙනම සැළැස්මේ අඩුපාඩු හැදුවා නම් හොඳයි නේද? දැන් අවුරුදු 2ක් අවසන් වෙන්න එන්නේ. කතාව දෝලාවෙන් වෙන්න නොතියා හරි නම් චණ්ඩියා වාගේ හෙට ඉඳලා වැඩ පටන්ගනිමු. ආරම්භය වශයෙන් පුලුවන් නම් හෙට උදේම උදැල්ලක් අරගෙන ඇවිත් පාර්ලිමේන්තු බිමේ එක එළවලු පැළයක් හිටවලා පෙන්වන්න ආදර්ශයක් විදිහට. හැම රජයේ සේවකයෙකුටම කියමු හැම සති අන්තයකම එක එළවලු පැළයක් ගානේ හිටවන්න කියලා. වැඩේ කළොත් අපි දිනුම්, රටත් දිනුම්. (නි)
අගමැතිතුමනි, ඔය ප්‍රතිසංස්කරණ සිදුවන්නේ කවදාද? (නි)
මෙයා ඉන්නේ ලංකාවේද ඔය එකම තැටිය අහල අහල අපේ කන්දෙක පිරිලා (බ)
නීතියට පිටින් ජනතාවට බදු බර පටවල, අධිකරණය දෙන තීන්දු වලට අභියෝග කරලා දැන් 28 ඇමති මණ්ඩලෙන් නැවතත් බර පටවන්න හදනවා.(බ)
ඉන්දියානුවන්ගේද දන්නෙ නැහැ මේ කියන්නේ (නි)
ඉතිහාසේ ඉඳලාම ඔය වගේ සුරංගනා කතා කිවුවා. මහා ලොකු සැළසුම් ගැහුවා. එ්ත් අනේ අපිට පේන සංවර්ධනයක්, ආර්ථික දියුණුවක් ඇතිවුණේ මහින්දගේ කාලේ විතරයි. දැන් ආයෙත් මහා ලොකු බ්‍රහ්ම සැලසුම්, ලොකු කතා වලට කාලය ඇවිල්ලා. හැබැයි වැඩ නම් නැහැ. (නි)
කුස නෙමෙයි පිරෙන්නේ... මොකට කියනවද ඒ ගැන? (නි)
හිස් වචන හැමදාම කියවනවා. ඕක හරිනම් කියන්න ඕනෑ අපියි ඔයාලට. ගිනි ගණන් බඩු-නඩු සහ බදු විතරයි අපිට. (නි)
පිරෙයි පිරෙයි. එතකොට අපි මැරිලා එතන ගසුත් පැලවේවි. (නි)
කටින් බතල කොළ තමයි ඉතින් (නි)
යකා කියන තරමට කළු නැහැ (නි)
පස් අවුරුදු සැළැස්ම හදලා අවසන්වෙද්දීම අවුරුදු 2ක් ඉවරනේ. කොහොමහරි කමක් නැහැ ඉදිරියටවත් රට ඉස්සරහට යයි කියලා හිතමු. රටට ආයෝජන ගෙනල්ලා ඒ මඟින් ආර්ථිකය දියුණු කරන්න. පඩි කොච්චර වැඩි කළත් වැඩක් නැහැ බඩු මිල ඒ වගේම වැඩිවෙනවා නම්. ආර්ථිකය දියුණු වුණොත් නිකන්ම ප්‍රශ්න විසඳේවි. (නි)
හැමදාම අපට ඉන්න වෙන්නේ මේ කතා අහල (බ)
එය ඇත්තය. එසේ වුවත් බඩපිරීම හා පොහොසත්වීම ඉතා සුළු පිරිසකට සීමාවී ඇත. මෙම කොටසට දේශපාලකයෝ වැඩිපුර අයත්ය. දුප්පතුන් ඉන්නේ බදු ගෙවන්න විතරය. වියයුත්තේ මධ්‍යම පන්තිය වැඩිවීමය. (නි)
හරියට හරි. කුස පිරෙන සාක්කු පිරෙන, නමුත් කෑල්ලක් අඩුයි. "රට රැකෙන". (නි)
අනේ මන්දා මේ කතා කොහොම කියනවද කියලා (නි)
ඔයාලගේ සාක්කු, බඩ පිරෙනවා. එ්ක අපි දන්නවා. එ්ත් අපේ බඩ පිටට ඇළෙනවා දවසින් දවස (නි)
හොඳ වෙලාවට ටයි කෝට් ඇඳපු අය ඉස්සරහ ඕක කිවුවේ (නි)
සැලසුම් සකස් කර ඇත්නම් ගොඩක් සතුටුයි.(හේ)
වෙන දේවල් බලපුවහම බඩයි සාක්කුයි දෙකම පිරෙන සයිස් එකක් තමයි තියෙන්නේ. හැබැයි ජනතාවගේ නෙවෙයි . ඔබතුමාලගේ. (අ)
වචන පමණි. දවසින් සවස රුපියලේ අගය පහළ බහිනවා. බඩුමිල වැඩිවෙනවා. අගේට තිබුන සංවර්ධනය නවත්තලා දැම්මා. පාරවල් කඩාගෙන ඉන්නවා. ඉබිගමනින් තමා වැඩ. ඉවරයක් නැහැ. (නි)
බණ නම් හොඳයි. ඒත් දානය කෝ? (නි)
කරන දෙයක් ඉතා ඉක්මනින් කරන්න.(හේ)
නමුත් මගේ මව්බිම විනාශ කර කිසිවෙකුට අජරාමර වෙන්න නම් බැහැ (නි)
කතාව හොඳයි. වැඩත් ඒ වගේ තිබුනා නම්. (නි)
මොනවද මෙතුමා මේ කියන්නේ? (නි)
අනේ මොකට කියනවද? මේවා අහන් ඉන්න අයට මඩු වලිගෙන් තලන්න ඕනේ (හේ)
රනිල් කියන්නේ බොරුවට එකක් කියල පස්සේ තව එකක් කියන කෙනෙක් නෙමේ. (බ)