පසුගිය පස් වැනි දා කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුවේ තිදෙනකු ගැන පොලිසියේ අවධානය යොමු වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
සිද්ධියෙන් බේරුණු කොස්තාපල්ගේ ගම් ප්‍රදේශය වන ගල්ගමුවේ පදිංචි පුද්ගලයකු ද මෙම ඝාතනයේ වැදග් තොරතුරු දනිතියි පොලිසිය කියයි.
ඔහු ආරක්ෂක අංශයකට සම්බන්ධදැයි පොලිසිය සොයයි.
ඝාතනයට හේතුව ද සොයාගෙන ඇති බව දැනගන්නට ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි. ඉක්මනට හොයා ගන්න පුලුවන්නම්. (ස)
රටක නීතිය සදාචාරය පවත්වා ගැනීමට සැවොම එකතුවිය යුතුය. වරදකරුවන්ට දඩුවම් දිය යුතුය. (ස)
ආයුධ පෙන්නන්න රැගෙන යන තෙක් අපි බලා සිටින්නෙමු. (ස)
සැගවුණු ආයුධ පෙන්නන්න එක්ක යමු. (ස)
අපරාධකරුවන්ව ඇල්ලීමට යාමේදී සැඟවී සිට වෙඩි තැබීමට උත්සාහ කරන තුරු හෝ, මාංචු සහිතව පළායාමට තැත්කරන තුරු හෝ මාංචු සහිතව පිහිනීමට හදන තුරු අපි බලා සිටිමු (නි)
ආයුධ පෙන්නන කතාව අහලම එපා වෙලා. වෙන කතාවක් කියන්න (නි)
මොවුන් අල්ලන තෙක් අපි නොයිවසිලිව බලා සිටි (ස)
නියමයි. (ස)
කාවහරි කමක් නැහැ අල්ලාගෙන දඬුවම් කරන්න. එතකොට ඉවරයිනේ! (නි)
අහලම එපා වුණත්, කවුරුන් මොනවා කිවුවත්, අපි නම් කැමති අපරාධකාරයන්ට ආයුධ පෙන්නන්න අරගෙන යනවට. මොකද අපි කාටවත් කරදර නැතුව ජීවත් වෙන අහිංසක මිනිස්සු. (ස)
හා එහෙනම් රොකි මේ අපරාදය කළා කියලා පිළිගෙන පොලිසියට බාර වෙන්න.එතකොට ඉවරයිනේ. (නි)