පානදුර ළමා නිවාසයක ගැහැණු ළමයින් හය දෙනකුට එරෙහිව පාලිකාවක කළ පැමිණිල්ලක දී එම දැරියන් කියා ඇත්තේ ළමා නිවාසයේ තමන්ට හරි හැටි කෑම නොදෙන බවයි.
බඩගින්න ඉවසාගත නොහැකි නිසා ගබඩා කාමරයයේ දොර ඇර කෑම හදාගෙන කෑ බව ඔවුන් කියා ඇත.
පාලිකාවගේ පැමිණිල්ල සහ ළමයින් කියන කතාව අධිකරණයට යොමු කරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ස්ථාන වලට ඉතා ගුණයහපත් පාලක පාලිකාවන් පත් කළයුතුයි. (නි)
මුළු විශ්වයටම තිබෙන එකම කේතුමතී රාජධානිය, ඒ අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවයි (නි)
පාලිකාවට ප්‍රමාණවත් තරම් කෑම ලැබෙන්නේ නැද්ද දන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට තීරණ ගන්නේ උඩින් බලානේ. (නි)
උසාවියෙන් පරිවාසයට භාරදෙන ළමයි යවන්නේ මෙවැනි ස්ථාන වලටද? මෙවන් ස්ථාන පරිවාස නිලධාරීන් අධීක්ෂණය කරන්නේ නැද්ද? (නි)
මමත් මනෝජ්ගේ අදහස අනුමත කරනවා. (නි)
මේ වගේ පාලිකාවන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියේ පෙන්විය යුතුයි. අහිංසක දරුවන්ට හිරිහැර කරන මෙහෙම උදවිය මෙවන් ස්ථාන වලින් ඉවත්කරන්න. (නි)
මේ පාලිකාව ගැන පරීක්ෂණයක් කළයුතුයි (නි)
මනෝජ්ගේ කතාව ඇත්ත (නි)
සමහර අය තීරණ දීලත් ඉවරයි (නි)
මේකේ පැතී කීපයක් තිබෙනවා. නිවාසයට ලැබෙන ආහාර ප්‍රමාණවත්ද, ඒවා පාලිකාව නිසිපරිදි කළමනාකරණය කරනවද, ළමයින්ට දෙන ආහාර ප්‍රමාණවත්ද සහ ළමයි දඟකමට හොරෙන් කෑවද යන කරුණු සොයාබලා නිසි පියවර ගතයුතුයි. හැබැයි හොරකම හොරකමමයි. (නි)
පාලිකාවන්ගේ පුද්ගලික මතය අනුව ළමයින්ට අඩු වැඩි සැළකිලි සිද්ධ වෙනවා. සමහරුන්ට ආහාර ප්‍රමාණවත් ලෙස දෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඉහළ අයට ඒවා පෙනෙන්නෙත් නැහැ. (නි)
මට මතකයි අපේ ගෙවල් ළඟත් ඔය වගේ පාලිකාවක් හිටියා (නි)
පාලිකාව ගැන හොයලා බලන්න. (නි)
ළමා නිවාසයක පාලිකාවක වියයුත්තේ මුළු හදවතින්ම අසරණ දරුවන් වෙනුවෙන් කැපවීමෙන්, ආදරයෙන් සහ කරුණාවෙන් නියම මවක මෙන් කටයුතු කළහැකි කාන්තාවකි. එවැනි කාන්තාවන් සමාජයේ ඕනෑතරම් සොයාගත හැකිය. (නි)
සාධාරණ පාලිකාවක් නම් එයා බඩගින්නේ ඉඳලා හෝ දරුවන්ට ආහාර දියයුතුයි (නි)
දරුවන්නේ බඩගින්න නොහඳුනන අය සිටිත්ද ?(රේ)