මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක බඩ ඉරිඟු විකාණාගත නොහැකිව සියඹලාන්ඩුව ගොවීන්ගේ ගෙවල්වල ගොඩ ගැසී ඇත.
ඉඩම් හා රන් බඩු උගස් කර හෝ බැංකුවලින් ණය ගෙන හෝ මුදල් ගෙන වගා කළ තමන් අමාරුවේ සිටින බව කොටියාගල ඊ ඩී එම් පියසේන මහතා කියයි.
ඉඩ ඉරිඟු මිලයට ගන්නා සමාගම් බඩඉරිඟු නොගැනීම නිසා මේ අත්ත්වය උදා වී ඇතැයි ද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට පිටරටවල විශාල ඉල්ලුමක් තියෙනවානේ. මේවා පමණක් නොවේ. පොල් කිරි, පොලොස්, කරවිල, අඹ, වැනි සියලුම දේ රටට විනිමය ගෙන්වාගත හැකි අපනයන. (ස)
එක්සත් ජාතික පක්ෂය යනු කිවු දේ කරන්නා වුද කළ දේ කියන්නා වුද අතීතයට වර්ථමානයට අනාගතයට සිදුව ඇති ප්‍රශ්ණ දෙස දුරදර්ශීව බලා විසදාලමින් ඉදිරියට ගමන්කරන්නා වු පක්ෂයක් බව සමහරුන් තේරුම් නොගැනීම මෙවැනි ප්‍රශ්ණවලට හේතුවක් වන අතර අප බලයට පත් වු විට කෘෂිකාර්මික රටාවේ දියුනුවට අලුත් සවියක් එලියක් ලබාදෙන අතර බඩ ඉරිගු දේශීය වශයෙන් පමනක් නොව විදේශීය වශයෙන් ඉහල වෙළද පොලක් ඇතිකරලීම එකම අරමුණ බව ගොවිමහතුන්ට තේරුම් ගැනීමට දැන් කාලය එලඹ ඇත (නි)
ආසියාවේ ආස්චර්ය කියන්නේ මේකද ? (ස)
බඩ වියත් රැකගන්න බඩඉරිගු වගාකල ගොවියනි, ඔබලාගේ දුක ඇමරිකාවේ සෑම් සහ නීල්ට කියන්න. එයාලා හරි සංවේදී නිසා ඔබලාට යම් උපකාරයක් කරාවී .චීනයේ සහ ඉන්දියාවේ නිෂ්පාදන ලොව හැම තැනම තිබේ.එයට හේතුව නිෂ්පාදනයට සරිලන අලෙවිය ලෝක වෙළදපොල තුල අත්පත් කර ගැනීමට ඔවුන් දක්ෂ වීමයි. (නි)
මටත් අහන්න තියෙන්නේ වීරසේකරගේ ප්‍රශ්නෙම තමයි (නි)
අසරණ මිනිස්සු
මෙහෙම් අයගේ දුක බලන්න කෙනෙක් නැහැ. එයාලගේ මනාප හැරෙන්න වෙන මොනවද වටින්නේ. (නි)
ඔව් ඉතින් ඕවා අපිට දෙන්න එපා, ඇමරිකාවෙන් ගිණි ගානට තිරිඟු ගෙන්න හොඳේ.. (ස)
සමාගම් බඩ ඉරිගු මිලදී නොගැනීමට හේතුව මොකක්ද? බඩ ඉරිගු වල තත්ත්වය හොඳ නැති නිසා නම් ඒක පාර්ලිමේන්තුවේ වරදද? මුදලාලිලාගේ වරදද? (නි)
සංවේදී මිනිසුන් අඩුවීමත් මේකට හේතුවක්. (නි)
පිටරටවල බඩ ඉරිගු ටින්කරලා වෙලදපලට එනවා. අවාසනාවට අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ. තිබුනත් මහා පරිමානෙන් සිද්ධ වෙන්නෙ නැහැ.විදුලිබිල වැඩිවුණාට කමක් නැහැ කියලා පෙලපාලි ගිය මිනිස්සු ඉන්න රටේ මේවට කර්මාන්තශාලා ඇතිකරලා ගොවින්ගෙ අස්වැන්න මිලදී ගන්න කියලා පෙලපාලි යන්නකො (නි)
මේ ගොවියෝ ඇත්තටම ගොඩාක් අසරණ වෙලා. අද මේ විදියට ගොවියෝ අසරණ වුණශම කොහොමද රටක් දියුණු වෙන්නේ? ඇත්තටම මේවා වගා කරපු අය විතරයි දන්නේ මහන්සි වෙන තරම්. (නි)
අපේම මිනිස්සු දුවගෙන ගිහින් කතිරේ ගහපු ප්‍රාදේශීය සබා මන්ත්‍රීගෙ ඉදලා ඒ අයට ටැලිෆෝන් බිලේ ඉදලා මහජන සල්ලි වලින් ගෙවන නිසා ඔය ගොවි මහත්තුරු වෙනුවෙන් කතාකරන්න බල්ලෙක්වත් නැහැ (නි)
මට කමල්ගේ මව ගැන දුකයි (නි)
කමල්, නිකන් මෝඩයෙක් වගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. හොදට හිතලා දෙයක් ප්‍රකාශ කරන්න (නි)
චතුල වෙරෝනා ,ඔබේ අදහස් වලත් යම් හරයක් තියනවා. නමුත් හොදට හිතලා බලන්න .මෙරටේ ඉන්න බලදාරින් නිලදාරීන් ව්‍යාපාරිකයන් ඒ නිසා පාරිබෝගිකයන්ට සහනයක් ලැබෙන්නේ නැහැ.ඔවුන් තීරණ ගන්නේ ව්‍යාපාරික මනසින්.ඒ නිසා තමයි මම කියන්නේ අපි මිලදී ගන්න සෑම දෙයක්ම පිටුපස එම භාණ්ඩයේ සත්‍ය මිලට වැඩිය තුන් හතර ගුණයක් වැඩි වටිනාකමක් ඇතුල් කරලා තියෙනවා කියලා. මේක මුදලාලි මාෆියාව නේද? (නි)
පාන් පිටි කනවට වඩා බඩ ඉරිගු වලින් ඉතාම පෝෂ්‍යදායක රොටි හදා ගන්න පුළුවන්. බඩ ඉරිගු ඇට පිටි කරගන්න විතරයි තියෙන්නේ. අපි රොටි හදන විදියට හදාගන්න පුළුවන්. දැන් හුගක් රටවල මිනිස්සු කන්නේ බඩ ඉරිගු පිටි ආහාර. බඩ ඉරිගු ඇට පිටි කරගන්න යන්ත්‍රයක් විතරයි අවශ්‍ය. දකුණු ඇමෙරිකාවේ 80% මිනිස්සු කන්නේ බඩ ඉරිගු පිටි ආහාර. යූ ටියුබ් එකෙන් හුගාක් තොරතූරු ගන්න පුළුවන්. (නි)
මේ ගැන විතරක් හිතන්න දෙයක් නැහැ. රටේ සමස්ස්තයම අර්බුදයට ගිහිල්ලා ඉවරයි. මෙහෙම රටක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙච්චරයි (නි)
අද කොච්චර කෑ ගැහුවත් රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ.ගොවියා ආරක්ෂා නොකලොත් අනාගතය ඉතා භයානකයි.ගොවියා සුරක්ෂිත කිරීම ඉන්න පාලකයන්ගේ යුතුකමක්.නමුත් එය සිදුවන්නේ නැහැ. හැම් බේකන් කන සුපිරි පැලැන්තියේ අයට ගොවියාගේ දුක තේරෙන්නේ නැහැ.අද වසරකට ගොවියෝ කී දෙනෙක් වහ බොනවද? වසරකට ස්වාභාවික විපත් ( ජල ගැලීම් ,නියගයෙන් ) වගා හානි වී ගොවියෝ කී දෙනෙක් අනාත වෙනවද? එදාට ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුවෙන් ඇවිත් ආහාර පාන ටිකක් දීලා සොච්චන් මුදලක් අත මිට මොළවලා ඇමතිතුමා කයිවාරුවකුත් ගහලා ගියාට පස්සේ පසු විපරමක් නැහැ.අර දීපු කෑම ටිකයි සල්ලි ටිකයි ඉවර වුණාට පස්සේ නැවත පරණ තත්ත්වයට ඇද වැටෙනවා.එදා ගොවියා රජා අද ගොවියා හිගන්නා, ඉතින් මෙවැනි රටක්ද ආසියාවේ ආශ්චර්ය කරන්න යන්නේ ? (නි)
දේශපාලුවනේ, ඇයි මේවා මැද පෙරදිග රට වලට එවන්න බැරි ටින් කරලා? (නි)
ගොවි මහත්වරුනේ, දැන්වත් රටේ අනාගතය ගැන හිතලා මීළග ඡන්දයේදී ඡන්දය පාවිච්චි කරන්න (නි)
වපුරපුව තමයි ඉතින් නෙලාගන්න වෙන්නේ (පාර්ලිමේන්තුවේ) (නි)
ආශ්චර්ය ලගම එනවා. (නි)
අපේ කෘෂිකර්ම ඇමතිවරු විසිපස් දෙනාගෙන් කවුරුහරි අනේ ඉක්මනට බඩ ඉරිඟු සංස්ථාවක් හදලා මේවා ටිකට මොකක් හරි කරන්නකෝ. සත්ව ආහාර හැදුවත් කමක් නැහැ බෙදලා දෙන්න කට්ටිය ඉන්නවනේ. (නි)
අපි වවමු රට හදමු සංකල්පේ එක අංගයක් මේ. තව තියෙනවා. (නි)
අපි වවමු රට නගමු. ඊළඟ ඡන්දෙදිත් ...... කොළයට කතිරේ ගහමු! (නි)
මොනවා වැවුවත් අළෙවි කරගන්න බැහැ. ඒත් කොළඹ එළවලු ගිනි ගණන්.මේකට හේතුව මුදලාලි මාෆියාව (නි)
බඩ ඉරිගු ටිකක් තම්බගෙන කන්න අනේ, බඩගින්නේ ඉන්නේ නැතුව. (නි)
අපි වවමු රට නගමු. කෝ ඉතින් අපි වැවුවා, ඔහේලා ගත්තද කියලා තමයි ගොවියන්ට අහන්න තියෙන්නේ (නි)
මේ ආණ්ඩුවෙන් ජනතා ප්‍රශ්න වලට විසදුම් නැද්ද? (නි)
විදේශිය කුමන්ත්‍රණ? (නි)
වරුණ, වවන්න කිව්වට ගන්නවා කියන එක ඒ සංකල්පේ නැහැ නේ (නි)
අනේ දෙයියනේ! ඩුබායි වල අපි තම්බපු බඩඉරිගු කරලෙන් 3/1 කෑල්ලක් රු. 204.00ට ගන්නේ. බඩ ඉරිගු ඇට ග්‍රෑම් 350 ක ටින් එකක් රු. 136.00යි. (නි)
දිසානායක, මේක මුදලාලිලාගෙ වරදක් නෙමෙයි. කළමනාකරනය ගැන හසරක් නොදත් ලොක්කන් පත්කිරීමයි වරද. ඒකට අපි හැමෝම වග කියන්න ඕනෑ. මොකද අපිනෙ අඩුම තරමෙ උපාධියක්වත් නැති මෝඩයන්ව පාර්ලිමේන්තුවට යැව්වෙ.පක්ෂ විපක්ෂ දෙපැත්තෙම මන්ත්‍රීවරුන් දේශපාලනේ ගැන අද කියන කතා, වොයිස් කට් දෙන එකට සීමා වෙලා. (නි)
එදා සඟ, වේද, ගුරු, ගොවි, කම්කරු, අද ගණිකාව, කුඩුකාරය, කාලකන්නි දෙසපලුවෝ..... අාස්චර්යකේ හැටි...(ස)
චතුල ඔබ හරියට හරි. (නි)
ඇන්ඩි ගේ අදහස ඉතාම හොදයි.පොප් කෝන් හදන්න පුළුවන් හරිම ලේසියෙන්. ප්‍රෙෂර් කුකර් එකකට බටර් ටිකක් දාලා පියන තද කරන්නේ නැතුව ටික වෙලාවක් තියන්න.රොටි හදන්න පුලුවන් කියන එක හුගක් හොද දෙයක්. (නි)
අනේ පව් මේ අය කොච්චර දුක් විදිනවද ? හරියට කැමක් නැහැ. ගිනි අව්වේ වැඩ කරන්නේ. අනේ සාධාරන මිලකට ගන්න. පින් සිද්දවෙනවා. (ත)
එහේ බඩඉරිඟු විකුණාගන්න බැරිලු. මම අද බත්තරමුල්ලෙන් බඩඉරිඟු කරල් 3 ක්ම ගත්තා රුපියල් 100කට.. තම්බපු නැති අමු ඒවා..