(අංජුල මහික වීරරත්න)
බඩගින්න නිවුණු පසු ජනතාවට ඡන්දපොළට යවමු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
බුදුන් වහන්සේද බණ කිව්වේ බඩගින්න නිවුණු මිනිසුන්ට බව කී අබෙිවර්ධන මහතා ආර්ථික අර්බුදය නිසා දහසකුත් එකක් ප්‍රශ්න මැද මිරිකී ජීවත්වන ජනතාවට මුලින්ම අවශ්‍ය කරන්නේ ඡන්ද නොව කුසට අහරක් බව කීය.
සියලු ශ්‍රී ලාංකිකයන්ගේ කුසට අහරක් දී ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරඹා තිබෙන්නේ යැයිද බඩපිරුන, හිතේ කේන්තිය,වෛරය,ක්‍රෝධය,පළිගැනීම නැති ඡන්ද දායකයන් ඡන්ද පොලට යවමු යැයි වජිර අබේවර්ධන මහතා කීය.
ශ්‍රී ලංකාවෙි දේශපාලන සංස්කෘතිය විය යුත්තේ පොහොසතුන්ගේ බුද්ධිමතුන්ගේ දේපොළ උදුරාගැනීම නොව ජනතාවට වැරදුන තැන් හඳුනාගෙන වැරදි හදා ගැනීම බව ද එජාප සභාපතිසභාපතිවරයා සඳහන් කළේය.
නිදහසින් පසු මෙරට ජනතාව පොහොසතුන්ගෙන් කොල්ල කන ආර්ථික රටාවක සිටි බවත් ඒ නිසා මෙරට බස් සමාගම්, වතු ආර්ථිකය නැතිව ගිය බවත් අබෙිවර්ධන මහතා කීය.
එකිනෙකාට වෛර කරගැනීමෙන් සහ පළිගැනීමෙන් වන්නේ රට තවත් ප්‍රශ්නවල පැටලීම බවත් යම්කිසි දේශපාලන කණ්ඩායමකට රට ගොඩගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇත්නම් ඒ ගැන පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කර ව්‍යවස්ථානුකූලව බලය ලබාගත යුතු බවත් අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අය කරපු දේකුත් නැහැ... මේ පාර යූ එන් පී නෝ ඒ එන්පී...
එහෙම නම් 2048 වෙනකම් ඉන්න වේවි...!
එහෙනම් මේ අය මිනිස්සුන්ගේ බඩගින්න නිවන්නේ නැහැ.
මේ පාර බත්පැකට් එකට අරක්කු කාලට රැවටිලා මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.
අනේ ජූතකයෝ... පින් ලොක්කගේ පින් ඇමැති. ඊට ඉස්සරවෙලා අපි ඔය ජෝක් කාරයෝ ගෙදර යවනවා.
පළමු දේ තමයි ඔබලාව ගෙදර යවන එක...!