නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සංක්‍රමණිකයන් නාවුරු සහ පැපුවා නිව්ගිනියා හි පදිංචි කිරීමට ඔස්ට්‍රේලියා රජය තීරණය කළ බව ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස්ගේ අනුමැතිය මත එක්සත් ජනපද සරණාගත පරිපාලන වැඩසටහන යටතේ මෙලෙස සරණාගතයන් එම රටවල් වල පදිංචි කරවන බව කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
මේ වනවිට නීති විරෝධී ලෙස තම රටට ඇතුළුවීමට උත්සාහ ගත් පුද්ගලයින් 740 දෙනෙකු රැගත් යාත්‍රා 29ක් පමණ පමණ යළි හරවා යැවීමට පියවර ගෙන තිබෙන බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බව පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය එලෙස පැමිණෙන යාත්‍රා අඛණ්ඩාවම ආපසු හරවා යවන බවද කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට හිටිය තැනට වැඩිය නාවුරු සහ පැපුවා නිව්ගිනියා හොඳවේවි. සරණාගතයන්නේ කොහේ වූණාම මොකද. (අ)
පැපුවා නිව්ගිනියා කියන රටවල් ඕස්ට්‍රේලියාවේ යටත්විජිතයන් නොවෙයි නේද. ලංකාවෙන් යන සරණාගතයන්ට වැඩිවෙනසක් නැතිවේවි. මොකද ලොකු ගිනිකඳුත් තිබෙන නිසා (නි)