එංගලන්තයේ ග්‍රෝනර් හවුස් හෝටලයේ පැවති පස්වැනි ආසියා සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් සාර්ථකත්වයේ ඇගයීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පාත්‍රවිය.
මුත්තයියා මුරලිදරන් 2011 දී මේ සම්මානය දිනා ගත් අතර එය හිමිකරගත් දෙවැනි ලාංකිකයා සංගක්කාරයි.
එංගලන්තයේ ‘ඒෂියන් යූකේ‘ නමැති ඉන්දියා සඟරාව වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වයි.
ආසියා කලාපයේ ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විශිෂ්ටයෝ කිහිපදෙනෙක් ඇගයුමට ලක්වූහ.
සිනමාව - ශාරුක් ඛාන්
විද්‍යාව හා තාක්ෂණය - ශ්‍රීමත් ටෙජින්ජර් සිං වීර්දි
රූපවාහිනිය - සංජීව් බෂ්කර්
ව්‍යාපාර - හින්දුජා සහෝදරයෝ
සංගීතය - සයන් මලික්
ව්‍යවසායකත්වය - ගෝපි ගෝපලක්‍රිෂ්ණන්
විශේෂ ඇගයීම - ආචාර්ය අමර් බොස්
ඡායාරූප - ඒෂියන්ස් යූකේ වෙබ් අඩවිය අනුග්‍රහයෙනි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා නියම දක්ෂයෙක්. අපේ රටෙන් බිහිවුන හොදම ක්‍රිකට් තරුවක් වගේම හොද මහත්මයෙක්. ඒ වුනාට අපේ රටෙන් බිහිවුන එක නායකයෙකුට අනුව නම් සංගා හොදම තුන්දෙනා අතරත් නෑ. සංගා විශ්‍රාම ගැනීම ගැන හරිම කනගාටුවෙනවා. ආයේ කවද මෙහෙම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහිවේවිද ? (බ)
සංගක්කරව අවතක්සේරු කරනවා නෙමෙයි. මේ සම්මාන උළෙල ආසියානු එකක්ද ඉන්දියානු එකක්ද? අපේ කෙනා ඇරෙන්න ඔක්කොම ඉන්දියානුවෝ. ආසියාවේ තියෙන්නේ ලංකාවයි ඉන්දියාවයි විතරද? (බ)
මහත්මයකුට සුදුසු තැන (ම)