ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පිළිගැනීමේ උත්සව දෙකක් පෙරේදා (22) ඔහුගේ උපන්ගම වන අම්බලන්ගොඩ නගරයේදී පැවැත්විණි.
නිලූක කරුණාරත්න ඉගෙනුම ලැබූ අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලවල ඔහු පිළිගැනීමට මෙම උත්සව සංවිධාන කර තිබුණි.
පී.ද.එස්. කුලරත්න විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැති පිළිගැනීමේ උත්සවයට විදුහල්පති ජී.ඩබ්ලිව්. ජගත් සේනාරත්න, නිලූකගේ පියා වන ලූවී කරුණාරත්න, ක‍්‍රිකට් ජයගෝෂකයකු වන පර්සි අබේසේකර, අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ දිලිප් කුමාර යන මහත්වරු සහභාගී වූහ. ධර්මාශෝක විද්‍යාලයීය මුදළිඳු තෝමස්ද සිල්වා ශ‍්‍රවණාගාරයේදී පැවති නිලූක පිළිගැනීමේ උත්සවයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය, විදුහල්පති එම්.ජී. ඕ.පී. පණ්ඩිතරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ඩබ්ලිව් සරණි, විකුම්පි‍්‍රයලාල් කේ.පී. තිලකරත්න, ක‍්‍රීඩා ලේකම් විරාජ් චමින්ද, බූස්ස යුද හමුදා කඳවුරේ ආඥාධිපති බි‍්‍රගේඩියර් අරුණ ආරියසිංහ, ආදිශිෂ්‍ය සංගමයේ සමලේකම් තාරක මාදුවෙගේ, ලාල් රණසිංහ, ජනක විමලසූරිය, හැළඹගේ පේ‍්‍රමසිරි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූක, ඔටට ඉදිරියටම යන්න පුළුවන්
තවත් රත්තරං පුතෙක්
නිලූක, ඔටට ඉදිරියටම යන්න පුළුවන්
නියමයි නිලූක ජය වේවා!!
මෙයාගේ ගම බලපිටිය.ඉතිං මමත් බලපිටියේ තමයි. ලංකාදීප, කාටද ආඩම්බර ඈ........
විශිෂ්ඨ වැඩක්....