වව්නියාව නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයක් වන බෝගස් වැව ගම්මානයට පහසුකම් සලසා ගැනීම සඳහා ජනමාධ්‍යයේ මෙන්ම දේශපාලකයන්ගේ ද අවධානය යොමු කිරීමට එම ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ගත් උත්සාහයක් පසුගිය දා සාර්ථක විය.
ඔහු නමින් එස් ඩී දිලංජන් සඳුන් තිලකරත්නය. ඔහු වව්නියාව මඩුකන්ද ජාතික පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාය. වව්නියාව දකුණ ප්‍රාදේශීය ළමා සමාජයේ සභාපති වන ඔහු වව්නියාව දිස්ත්‍රික් ළමා සභාවේ උප සභාපතිවරයාය.
උපන් ගම කුරුණෑගල වුවත් දිලංජන සිසුවා දැන් වසර කිහිපයක සිට ජීවත් වන්නේ වවුනියාව බෝගස්වැවය. ඔහුගේ පියා කුලී රැකියාවක් කරන අතර මව ආබාධිතය.
යුද්ධය අවසන් කිරීමෙන් පසු මායිම් ගම්මාන ඉවත් කිරීමේ අරමුණින් උතුරු වසන්තය වැඩසටහන යටතේ පිහිටැවුණු බෝගස්වැව ගම්මානය තවමත් අති දුෂ්කර ගම්මානයකි.
වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවේ. මීට වසර පහකට පමණ පෙර ගන වනාන්තරයක්ව පැවැති මෙම ප්‍රදේශය හෙළි පෙහෙළි කර 2011 දී ජනාවාස ඉදි කිරීම ඇරැඹිණි.
බෝගස්වැවට අමතරව නන්දිමිත්‍රගම, සැලලිහිනිගම, නාමල්ගම, බෝගස්වැව 2 යනුවෙන් තවත් ගම්මාන හතරක් එම ප්‍රදේශයේ වෙයි.
උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව් ග්‍රාම සේවා වසමටය.
එම මාර්ගයේ ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ධාවනය වන අතර ඇතැම් දිනවල ධාවනය වන්නේ බස් රථ දෙකක් හෝ තුනක් පමණි. මාර්ගයේ ගමන් කරද්දී මුහුණ දෙන දුෂ්කරාතා නිසා බස් සේවකයෝ ද මෙම මාර්ගයේ බස් ධාවනය කිරීමට මැලි කමක් දක්වති.
බෝගස්වැවට යෑමට ඇති කිලෝමීටර 40 ක පමණ මාර්ගයේ සෑම අඩියක් පාසාම වළවල් හැරී ඇති අතර පාරට තාර හෝ කොන්ක්‍රීට් අතුරා නැත.
ප්‍රදේශයේ දුෂ්කරතාවය ගැන දිලංජන් දන්න දන්නා සියලු දෙනාට කීවේය. දන්නා හැම තැනටම ලිව්වේය. ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ද ගමේ දුෂ්කරතා ගැන හෙළි කළේය. මාධ්‍යවේදීන්ගේ දුරකතන අංක සොයාගෙන තම ගම ගැන පළ කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාදීපය ඇතුළු මාධ්‍ය කිහිපයකම ගම්මානයේ දුෂ්කර බව ගැන පළ විය.
මීට මාස කිහිපයකට පෙර පාසල් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වැඩසටහනක් අරලිය ගහ මැදුරේ දී පැවැත්විණි. දිලංජන සිසුවා ද ඊට සහභාගී විය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. දිලංජන තම ගමේ දුෂ්කරතා ගැන තම අත්අකුරින් ලියූ ලියුමක් එහිදී ජනපතිගේ අතට ලබා දුන්නේය.
කාලයක් තිස්සේ දේශපාලකයන්ගේ අවධානයට ලක් නොවූ බෝගස්වැව ගමට මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 12 වැනි දා පැමිණියේය. ගමේ දුෂ්කරතා ගැන පාසල් සිසුවකු දුන් ලියුමක් ගැන ද ජනපති කීවේය.
පසුදින එනම් 13 වැනි දා පොළොන්නරුව රාජකීය විද්‍යාලයයේ දී ජාතික ළමා සභා නිලවරනයේ සමාප්ති උත්සවය පැවැතියේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙනි. ඊට ළමා හා කාන්තා කටයුතු ඇමැති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද සහභාගී වූවාය. සිය කතාව පවත්වමින් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය දිලංජන ගැන කීවේය. දිලංජන තම ගමේ දුෂ්කරතා ගැන ජනපතිගේ අවධානය යොමු කර තිබුණු බවත්, ඒ අනුව ජනපති බෝගස්වැවට ගිය බවත් ඇමැතිවරිය කීවාය.
ඇගේ කතාවෙන් පසු උත්සවය යන අතරතුර චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය දිලංජනට තමා අසලට පැමිණෙන ලෙස අතින් සංඥාවක් කළාය. ඒ අනුව එතැනට ගිය දිලංජන සමග ජනපති සුහදව කතා කළේය.
‘ජනාධිපතිතුමා සුහදව කතා කළා. මම ඇහුවා එතුමගෙන් ගමේ දුෂ්කරතා ඔබතුමාම දැක බලා ගත්තා නේද කියලා. මං ඒ ඔක්කොම දැක්කා. හැකි ඉක්මණින් පාර හදනවා. ඉතිරි වැඩ කටයුතු ටිකත් කරනවා. කියා ජනපති කිව්වා. මගේ පාසලටත් ළඟදීම අනිවාර්යයෙන්ම එන බව ජනාධිපතිතුමා කිව්වා.‘ යැයි දිලංජන ලංකාදීපයට කීවේය.
පසුදිනම එනම් 14 වැනිදා ජනපති කාර්යාලයයෙන් දිලංජනගේ පාසල වන මඩුකන්ද ජාතික පාසලට දුරකතන ඇමතුමක් ලැබිණි. කැබිනට් රැස්වීමෙන් පසු එම ඇමතුම ලබාගෙන තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනපති විසිනි. නියෝජ්‍ය විදුහල්පති එම් කේ රංජිත් මහතා දුරකතනයට ප්‍රතිචාර දක්වා ඇත. පාසලේ ගුරු ගැටලුවට හැකි ඉක්මණින් විසඳුම් ලබා දෙන බවත්, ලබන සතියේ දිලංජන, දිලංජනගේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කැටුව තමා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයයට එන ලෙසත් ජනපති දැනුම් දී ඇත.
කාලයක් තිස්සේ කාගෙත් ඇස් නොඇරී තිබුණු දුෂ්කර ගම්මානයක් ගැන රටේ මුල් පුරවැසියාගේ අවධානය යොමු කිරීමට තම පුතාට හැකිවීම ගැන දිලංජනගේ දෙමාපියෝ හදවතින්ම සතුටු වෙති.
දිලංජනගේ එකම ඉල්ලීම තම ගම්මානයට අවශ්‍ය පහසුකම් හැකි ඉක්මණින් ලබා දෙන ලෙසයි. ඔහු එදා ලංකාදීපයට කී දේ අදත් සිහිපත් කළේය.
‘‘උසස් පෙළ කිරීමට බෝගස්වැව පාසල් නැහැ. වව්නියාවේ නගරයේ උසස් පෙළට සිංහල මාධ්‍ය පාසල් දෙකක් තිබෙනවා. ඒ මඩුකන්ද පිරිවෙන සහ මඩුකන්ද ජාතික පාසල. මම ඉගෙන ගන්නේ මඩුකන්ද ජාතික පාසලේ. බෝගස්වැව සිට වව්නියාවට බසයක් එන්නේ උදේ 6.30ට. එම බසයේ වව්නියාවට ඇවිත් පාසලට යද්දී උදෑසන අට විතර වෙනවා. එවිට පළමු වැනි කාලච්ඡේදයෙන් කොටසක් ගිහින්. සතියකට දවසක් දෙකක් බස් රථය නැති වෙනවා. එදාට පාසල් යන්න ලැබෙන්නේ නෑ.
සුදු ඇඳුම් ඇඳගෙන උදෙන්ම ලස්සට ලෑස්ති වෙලා ආවට වැඩක් නෑ . වව්නියාවට එද්දී ඇඳුම් ගුරු පාරයි. කොණ්ඩෙත් තඹ පාටයි. පාරේ දූවිලි නිසා ඇග කසන්න ගන්නවා. මෙහේ වැඩිපුර තියෙන්නේ කටු මැටි ගෙවල්. හරිම දුෂ්කර ජීවිත බොහෝ දෙනෙක් ගත කරන්නේ.‘‘ යයි ද දිලංජන සිසුවා කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත් මහතා කියන්නේ අපේ ත්‍රිවිධ හමුදාපතිවරු, අතපය අහිමිකරගත් රණවිරුවන්,ජිවිත අහිමිකරගත් රණවිරුවන්,රණවිරු පුතුන් අහිමිකරගත් දෙමාපියන්, දේපළ උන්හිටි තැන් අහිමිකරගත් ජනතාව,රැකවරණ සමඟ මන්දිරවල හිඳ සියලුම කැපකිරීම්වල අයිතිය ලබමින් පරම්පරා ගණනකට ධනය රැස් කළ උත්තමයන්, බදු ගෙවීමෙන් දායකවුන ජනතාව මේ සියල්ලන් අතරින් කව්රු ගැනද? (බ)
ගොඩක් සතුටුයි.(හේ)
කවුරු කලත්, ඒ දේවල් කරන්නේ රටට. කරන්නන් වාලේ කරනවට වඩා.යමක් පිළිවෙලට කළා නම් මොකද?ගම්මානයක් හදනවනම් කලින්ම කල යුත්තේ එහි යටිතල පහසුකම් මුලින්ම හදන එක. මුලින්ම මේ පාරවල් කාපට් කරලා,විදුලිය ජල පහසුකම් ලබා දුන්න නම් කොපමණ අගේද? (බ)
ගයාන් මහතාණෙනි, මා යමක කොටස්කරුවකු වූ පමණින් එහි අයිතිය පවරාගෙන මගේ පැවැත්ම ගෙනයාමට තරම් කුහක සිතුවිල්ලක් මා හට කිසි දවසක ඇතිවී නොමැත. (නි)
අර දේශපාලුවෝ කෝටි ගණන් වාහන ඉල්ලුවේ මේවට යන්න වෙන්න ඇති. කරුණාකරලා හැමෝම තමන්ගේ ඉල්ලපු මුදලින් එක පනස්දාහක් දෙන්න, මේ වගේ පාරවල් ගණනාවක් හදන්න පුළුවන් එතකොට. ටිකක් ලාබ වාහනයකින් වුණත් මේවට යන්න පුළුවන් (නි)
මහින්දගේ කෙරුවාව නම් කියලා වැඩක් නැහැ. මිනිස් පුළුටක් නැති තැන් වල මාළිගා හැදුවා එයාලට සැප ගන්න. දැයට කිරුළ කියලා මිලියන ගණන් යට කෙරුවේ. ඒ ජනතාව දැන් බය නැතුව එළියට ඇවිල්ලා තමන්ගේ අඩුපාඩු කියනවා. මේ වගේ දුප්පත් රටක ජනතාව මුලාකරමින් මුදල් දේපල හොරකම් කරන කිසි කෙනකුට හරියන්නේ නැහැ. හැමදාම කරදර. කනකොට රසයි, විඳවනකොට දුකයි (නි)
මෙතන සමහර කට්ටිය ඉන්නවා මෙලෝදෙයක් දන්නේ නැහැ, ඔහේ ලියනවා. මේ ගම්මානෙට ගිහින් තියනවා නම් විතරක් ලියන්න. පුතා, ඔයාට ඉගෙනගන්න දේවල් වලට උදවූ කළ කෙනෙක් හැටියට අප්‍රමාණ සතුටක් විඳිනවා. ඒවගේම හමුදාවේ ඒ දවස්වල වැඩ කළ ඔයාලට උදවූ කළ හැමෝම මතක් වෙනවා. දැන් ඔයාලගේ වාරේ. මේ අවුරුද්දේ ලංකාවට අාවම බලන්න එන්නම් වෙනදා වගේම තෑගි අරන් (නි)
මේකේ ප්‍රශ්නය මේ වගේ ගම් වලට යන්න ඇමතිවරුන්ට අවශ්‍ය වාහන නැති එකනේ. තිබුනානම් මෙලහකටත් මේක හදලා. එ්කනේ කොටි 117 ක වාහන ඉල්ලන්නේ..!! (නි)
දේශපාලකයන්ට මේ ගම්මාන මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි. ඇඟිල්ලෙන් ඇනලා යුතුකම් ගැන කියලා දෙන්න ඕනෑ කාලයක් මේක. මහරගම පෙට් යන්ත්‍රයත් මහජන මුදලින් ලබාගන්න පුළුවන් වෙලා. සතුටුයි. කට්ටිය පෙළගැහිලා ඇති විවෘත කරන්න එන්න. (නි)
දේශපාලන පොරපිටියේ සැපසම්පත් ගැන සිහින මවමින් කාලය ගෙවන අපේ වගකිවයුත්තන්ට සත්‍ය තත්ත්වය අවබෝධවීමට ලංකාදීපය ඇතුළු මාධ්‍යය කරන සේවය අපි අගය කරමු. එක ගමක් නොව රටේම ඇති මෙම තත්ත්වය තුරන් කිරීමට සැළසුම් කිරීම දේශපාලකයන්ගේ වගකීමය. අවුරුදු 68 ක් ජනතාවට කළ රැවටීම් දේශපාලකයන් තවත් නොකළ යුතුය. (නි)
ඒ ගම්මාන වල ඡන්දදායකයෝ ගොඩක් ඇති නේද. එයාලට ඡන්දේ දාන්නවත් පහසුකම් සළසලා දෙන්න. (නි)
වින්සන්ට්, කුහකකම නැතුව හිතන්න. (නි)
රටපුරා මේ සහෝදරවරුන්ගේ පින්තුරුවලට අඩුවක් නැහැ (ම)
ඔව් අපිත් ගියා ඒ පැත්තේ. අනේද කියන්නේ ගෙවල් ගැන කියලා වැඩක් නැහැ. නොදී හිටියා නම් ඊට හොඳයි. (නි)
මේ වගේ ළමයි තමයි අනාගතයේ දේශපාලනයට එන්න ඕනෑ. මේ පොඩි පුතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. රාවන්, බොරුවට වැඩක් නැති කතා නොකියා ඉන්න. ඔයා හරියට කතා කරන්නේ අපේ රට ඇමරිකාව වගේ කියලද. (නි)
මහින්ද මහතා සිංහල ජනාවාස අතිනොකරන්න බෝගස්වැවත් දෙමළ හෝ මුස්ලිම් ගම්මාන තමා. චන්න වගේ මිනිසුන්ට ඕවා තේරුම් කරන්න අමාරුයි (නි)
වින්සන්ට් මහත්තයෝ, හේරත් මහත්මයා කියන්නේ සියලු පුද්ගලයෝ හරි ආකාරයෙන් මෙහෙයවා යුද්ධය ජයගත් මහින්ද මහත්මයා ගැන. ඕකවත් තේරුම් ගන්න බැරිද? (නි)
අපිත් දන්නවා එහෙ මිනිස්සු කොයිතරම් දුකක් විඳිනවාද කියලා. කවුරු රට කළත් මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකරන්න ඕනෑ කියලයි මගේ අදහස (නි)
ජනතා නියෝජිතයින්ට නොපෙනෙන, නොදකින ඔවුන් මොකටද, පාසල් සිසුවාගේ ක්‍රියා දාමයට ඔවුන් ලජ්ජා විය යුතුය. (ම)
රාවන්, කවුරු කළත් හොඳ දේවල් කරන්නේ රටේ අභිවෘද්ධියට නම් ඊළඟට පත්වෙන අයටත් යුතුකමක් තියනවා ඒවා ඉදිරියට ගෙනයන්න. මෙහෙමවත් මිනිස්සු පදිංචි කළේ නැත්නම් ඕවටත් ඕනෑතරම් අයිතිකාරයෝ ඉඳීවි. කොහොමටත් බුද්ධිමත් දරුවෙකුගේ පොදු ඉල්ලීමකට ජනාධිපතිතුමාගේ අවදානය යොමුවීම වාසනාවක්. ප්‍රදේශ බාර මැති ඇමතිවරු මොනවා කිව්වත් ඇත්ත ඇතිසැටියෙන් දැකගැනීමට ජනපතිතුමා පැමිණීම ගැන ඔවුන් කොපමණ සතුටට පත්වෙනවා ඇද්ද? (නි)
අප්‍රතිහත දිරියෙන් යුතු දරුවෙක්. අනාගතයට හොඳ ආයෝජනයක්. මේ දරුවා දක්ෂ, රටට දැයට වැඩකරන යහපත් පුරවැසියෙක් වෙනවා සිකුරුයි. ඔබට ජය! (නි)
මේකේ මහින්දගේ ගුණවරුණාව කියන අයට පේන්නේ නැද්ද දෙවන පින්තූරය? බොරුවට නම ගහලා බෝඩ් ලෑලි ගහලා තිබුනට මිනිසුන්ට තඹ සතයක වැඩක් තියනවද? එක ගෙයක අත්තිවාරම දාලා තියනවද? යටිතල පහසුකම් දෙන්නේ නැතුව මිනිස්සු පදිංචි කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? යුද්ධය ඉවරවෙලා අවුරුදු කීයක් තිබුනද කරනවා නම්...? (නි)
අපිට නම් ලස්සනට හදපු ඇවිදින මංතීරු, බයිසිකල් පදින මංතීරු තියෙනවා, අධිවේගී මාර්ග තියෙනවා. (නි)
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මහින්ද මහතා යුද්ධය නිමකිරීම ගැන ප්‍රශංසා කරනවා. නමුත් යුද්ධයෙන් පස්සේ බිහිවූ මහින්ද මහතා ගැන තමා රටේ බහුතර ජනතාව කළකිරුණේ. 2011 මිනිස්සු ගිහින් දැමු පසු ඔය කියන පළාතේ පාර හදන්න වසර දෙකක් මදිද? ඔය පළාත්වල සිටි සිංහල දෙමළ මිනිස්සු ගැන අමතකවුණා. වන්දිබට්ටයෝ වැඩිවුණා. (නි)
අපේ රටේ යම්කිසි සිද්ධියක් වුණාම මාධ්‍ය මඟින් පෙන්වන පුවත් වලින් සමහර ගම්මාන වල මිනිසුන් ජීවත්වන නිවෙස් එහෙම පෙන්නනවිට ඇතිවෙන්නේ හරිම කණගාටුවක්. අපේ අසරණ මිනිස්සු (මොන ජාතිකයෝ වුණත්) ජීවත්වීමට මොනතරම් දුක් විඳිනවද? කුමන පක්ෂයක් පාලනය කෙරුවත් දේශපාලකයෝ හරිම ආත්මාර්ථකාමියෝ පිරිසක් (නි)
බොහෝ අය මෙහි ඇත්ත දන්නේ නැහැ. 2011 තමයි මේක හදලා තියෙන්නේ. හිටපු පාලකයා සහ ගෝලයින් 2015 ජනවාරි වෙනතුරු ගමට කිසිම දෙයක් කළේ නැහැ. අපෙත් ඥාතින් මෙහේ ඉන්නවා. පාරවල් හදන්න පටන් අරන් තිබුණා කිය කියා මේකේ අදහස් දාලා තියෙන අය මෙලෝදෙයක් දන්නේ නැහැ (නි)
බොහොම හොඳ වැඩක් (නි)
ලියන්න දේ අපමණ ඇතත් කිසිත් නොලියමි ? ලංකාදීපය ඔබ කල සේවය අගයමි..! (ර)
ජනපති තුමනි ඔබට ගොඩක් පින්, මෙවන් අය අප රටේ කොතෙක් ද? ඒ හැමෝටම මේවගේ උදව් කරන්න ශක්තිය ඔබතුමාට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. (බ)
සමහරු නම් කියයි අධිවේග හැදුව ගුවන් තොටවල් හැදුව වරාය හැදුව කියල. ඒත් බලන්න මේ මිනිස්සු විඳින දුක.ඇත්තටම අපි අපේ මුලිකාංග හඳුනා ගන්න ඕන. (බ)
සමහරු නම් කියයි අධිවේග හැදුව ගුවන් තොටවල් හැදුව වරාය හැදුව කියල. ඒත් බලන්න මේ මිනිස්සු විඳින දුක.ඇත්තටම අපි අපේ මුලිකාංග හඳුනා ගන්න ඕන. (බ)
චන්න තිබුනට වඩා මහින්ද රට ඉදිරියට ගෙනාවා එකෙන් කියන්නෙ නෑ මේ වගෙ හැමතැනම සියලු ප්‍රශ්න විසදුවා කියලා තව අනන්තවත් මෙවැනි තැන් ඇති ඡන්දෙ ගන්න හැමෝගෙම වගෙම වත්මන් නායකයන්ගෙත් යුතුකම එම සංවර්ධනය ඉදිරියට ගෙනයාම (බ)
වින්සන් හමුදාව කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු අපේ පවුලේ අපිට කෙනෙක් නැතිව ගියා කොටි ගහලා අපේ රට වෙනුවෙන් දිවි පිදුවා.පක්ෂය මට වැඩක් නෑ.රට ආරක්ෂා කරන,රට සංවර්ධනය කරන කෙනෙක් හිටියොත් අපිට ඒ ඇති. (බ)
මෙහෙම ජනතාවක් ඉන්න රටක තමා කෝටි ගණන් සුපිරි වාහන, ටයි පටිය නැතුව වැඩ කරන්න බැරි නිලධාරීන් ඉන්නේ. ලැජ්ජා වියයුතුයි. (නි)
මම ඊයේ මේ ගම් වල ඇවිද්දා. බෝගස් වැව සඳහා වෙනම සංවර්දන ව්‍යාපෘතියක් අවශ්‍යයි.(අ)
රට සංවර්ධනය කරන්න එක ළමයෙක් මෙහෙම කියනකල්ම ඉන්න ඕනද? මේක හරියට චිත්‍රපටියක කතාවක් වගේනේ. ඔයගොල්ලන්ගේ ගමත් සංවර්ධනය කරගන්න ඕනෙනම් මේ විදියටම ජනපතිට ලියන්න. අපේ රටේ දේශපාලකයෝ රටේ ප්‍රශ්න දෙනගන්නේ මෙහෙම විතරනේ. ඔය පළාතේ මන්ත්‍රීවරු එහෙම පුටු රත්කරනවද ? (බ)
පිළිගතයුතු ඇත්ත නම් 2015 නව රජය පත්වනතෙක් මෙවැනි දුෂ්කර ගම්මනවලට යුද සමයේ සහ ඊටපසුවත් විශාල සේවයක් කළ සිවිල් ආරක්ශක බලකායට කිසිම් පිළිගැනීමක් නොදුන් බවයි. අද එය සියලු පහසුකම් සහිත සේවය ස්ථීර කළ 40,000 භට හමුදාවකි. (නි)
දැන් මහින්දට බැනලා වැඩක් නැහැ. මහින්දගේ වටේ හිටිය අය හින්දා ඔහුට යන එන මං නැතිවුණා. දැන් කාටවත් බැනලා වැඩක් නැහැ. එතුමා රටට දෙයක් කළා. නමුත් එක හොඳ වැඩක් වැරදි වැඩ 1000ක් කරන්න ආශිර්වාදයක් කියලා හිතාගත්ත එකයි එයාට වැරදුනේ (නි)
මෙතන අදහස් දමන අය පණ යනතුරු කුළල් කාගන්නවා. මරාගන්නවා. හැබැයි දේශපාලුවෝ ඔක්කොම එකට අපේ සාරය උරාගෙන සුර සැප විඳිනවා. (නි)
මේ වගේ දේවල් පළ කළාට ලංකාදීපයට තුති ,අපේ සමහරක් අය ඉතා සැපවත් ලෙස ජීවත් වීමට රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරකම් කරනවා බලන්න මේ අසරණ මිනිස්සු ජීවත් වන්න කොතරම් අරගලයක් කරනවද කියල (බ)
ෆොටෝ දැක්කම පේනවා මහින්දගේ පුරසාරම් සංවර්ධනය (බ)
චන්න ඒ අය මර බියක් නැතිව ජිවත් වෙන්නේ අද කවුරු නිසාද? (බ)
චන්න දන්නවද සිංහලුන් එහෙ පදිංචි කළේ කව්ද කියල , ඒ 2011 දී, ඔය ගම්මාන බලන්න මමත් ගිහිල්ල තියෙනෙව , එදා ද පාරවල් සකස් කරමිනුයි තිබුනේ ඒ 2013 දී, අපි පින් දෙන්න ඕනි ඔය මිනිසුන්ට උදව් උපකාර කරන්න ඕනි (බ)
කුඩු උරනා දුදරුවන් අතරින් , සැප විදිනා දුදරුවන් අතරින්, දුක්විදිනා දිලංජන් පුතේ ,ඔබ දුප්පත් අප අතර උපන් මුතු ඇටයකි. දුප්පතුන්ගේ දුක දෑතට ගෙන රජ මැදුරුවලට ඇතුළු වී ඔව්න්ගේ ඇස්ඇරි ඔබ, කෝටි ගණන් ඉල්ලන බඩගොස්ත්රයන්ටද පාඩමක් කියාදී ඇත එනම් මේරට ගොඩ ගනිව් කියාය. ඔබේ වීර ක්‍රියාවට උත්සාහයට සුභ පතනා අතර, අනාගතයේදී රටට හොද සේවයක් කිරීමට ශක්තියත් ධෛර්යයත් ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (බ)
චන්න ප්‍රවෘත්ති පත්තර පොත් පත් කියවන්නේ එහෙම නැද්ද (බ)
මහින්ද මහත්තය හිටිය නම් මේ පාරත් හදල. හදපු පාරවල් ගැන මිනිසුන්ට ගුණයක් නැති වුනාට හදපු නැති පාරවල් ගැන බනින්න පුළුවන්. එතුමා හිටියනම් පාරක් හදන්න මෙච්චර දගලන්න ඕනේ නැහැ (බ)