වව්නියාවේ බෝගස්වැව ගම්මානයට යන කිලෝමීටර 40ක මාර්ගය වැසි කාලයට තනිකරම වාරිමාර්ගයකි. ‘කුඹුරකි’. අවශ්‍ය වනුයේ වී ටිකක් ඉසීම පමණි. මේ ගම පායන කාලයට ගුරු පාට පස් දූවිලි වී පාරේ වාහන ගුරු පාටින් පින්තාරු කරයි. එම දූවිලි පාරේ යන මිනිසුන්ගේ සිරුරටද ඇතුළුවී ස්වසන රෝගද ගමටම නොමිලේ බෙදයි. වැසියෝ දරිද්‍රතාවේ පතුලේම සිටිති.
පාර හදන බවට රුපියල් දහස් ගණනක් වැය කරමින් ඉදිකළ දැන්වීම් පුවරු පමණක් පවතී. කිලෝමීටර 40ක මාර්ගයේ සෑම අඩියක් පාසාම වලවල් හැරී ඇත. පායන කාලයට බෝගස්වැව සිට වව්නියාවට එද්දී මුළු බසයම ගුරු පැහැ ගැන්වී ඇති අතර ගම්වාසීන්ගේ ඇඳුම් ද ඉබේම ගුරු පැහැ ගනී.
මේ නිසා ශ්වසන ආබාධ ඇති වන බව රියදුරෝ සහ මගීහු කියති. බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කළත් මාර්ගයේ මීටරයක් හෝ පිළිසකර නොදුන් බව ගම්වාසීහු පවසති.
ගමේ සිට වව්නියාව නගරයේ රැකියාවලට එන බෝහෝ දෙදෙනෙක් ආයතනයට පැමිණ දූවිලි වැදුණු ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳ ගනිති. වව්නියාවේ සිට බෝගස්වැවට යෑමට ගත වන කාලය පැය දෙකකි. මේ පාරේ බස් මාර්ගය 903/1 වේ.
(ජායාරූප තරිඳු ජයවර්ධන)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පුරාම සහෝදරයන්ගේ දැන්වීම් පුවරුවලටනම් අඩුවීමක් නැහැ. (බ)
කෝ අනේ උතුරු වසන්තය? හැමෝම බොරුවනේ කරන්නේ. එක එක නම් වලින් ඒ මිනිසුන් රවටනවා. මේ පැත්තත් එච්චරයි. සේරම අබලන්. බදු නම් ගන්නවා එමට (නි)
පාර අත්හැර දැමූ එකක් කියලා නම් කියන්න බැහැ. ගිය ආණ්ඩුවෙන් බෝක්කු එහෙම අලුතෙන් ඉදිකරගෙන ගිය බවක් තමයි පෙනෙන්න තිබෙන්නෙ. නමුත් අලුතෙන් පත්වුණ ආණ්ඩුව අත්‍යවශ්‍ය වැඩ පසෙකලා, අනවශ්‍ය වැඩ වලට යොදන කාලය වැඩිකළවිට මේ වගේ නස්පැත්ති වෙනවා (නි)
සමන්, ඔය අගේට කරපුවා හෙළිවෙන්නේ, නේද? (නි)
ඉදිරියේදී ශ්‍රී ලංකාවට අත්වීමට තිබෙන ඉරණම සිතාගත නොහැක (නි)
තේරෙන්නේ නැහැනේ ඔයාලට. ඔය ඔහොම තියලා තියෙන්නේ පොළොව පදම් වෙන්න. ඊටපස්සේ අවුරුදු දහයකින් පාර හදනවා. (නි)
සමහර කට්ටිය ඡන්දෙ දුන්නේ පාර හදන්න පටන්ගත් අයට නෙමෙයිනේ. ඉතින් හදන්න ගත්ත පාර හදලා ඉවර කරන්නේ කවුද? ඊළඟ ඡන්දෙ එනතුරු යන්න තමයි වෙන්නේ ඔය විදිහටම (නි)
මහින්ද මහත්තයාගේ අගය දැන් තමයි තේරෙන්නේ (නි)
ඡන්ද දැන්වීම් ගහපුවත් දැම්මා නම් තමයි හොඳ (නි)
මොකටද මෙහෙම දේශපාලඥයෝ? (නි)
දැන්වීම් පුරු දාල වැඩ පටන් ගන්නකොටනේ එලවගත්තේ . දැන් ඉතින් අලුතින් පත්කරගත්ත උදවියටම කියන්න හදල දෙයි. (ර)
පව් අසරණ ගම් වැසියෝ. (ර)
මහින්ද මහත්තයා හදපු ඒවා නවත්තලා තියෙන්නේ. (ර)
ලංකාවේ වැඩි හරියක්ම තියෙන්නේ ඔය වගේ ගම්මානනේ. ලංකාවේ අග නගරේ ලස්සනට තිබුනාම ඔක්කොම හරිනේ. කොළඹට කිරි ගමට කැකිරි. (ර)
මහින්ද මහත්තයෝ, ඔබ නැති රඟ දැන් ජනතාවට පේනවා. ඔබ සිටියා නම් මේ පාර මේ වෙනකොටත් හදලා. (නි)
අනේ දෙවියනේ මේ මිනිස්සු විඳින කරදරයක්! (නි)
නිමල් රාජපක්ෂ, මොනවද හෙලිවුනේ (බ)
කොළඹ මෙගා කරන්න හදන ඇමති තුමාලා හැදාම කතා කෙරුවෙ මේ වගේ දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කිරීම ගැනයි. දැන් බස්නාහිර පළාතට කොටු වෙලා ඉන්නවා.(ර)
මහින්ද පටන් ගත්තා.... යහපාලානය නතරකළා... (නි)
මම මේ ගම්මානයට කීපවරක් ගොස් තිබෙනවා අසරණ මිනිසුන්ට සහ ළමයින්ට පොත්පත් සහ නොයෙක් දේ අරගෙන. මේ ගම්මාන වල ඉන්නේ අලුතින් පදිංචි වුණ අය. හරිම දුෂ්කර ගම්මාන (නි)
අයියෝ පවු අහිංසක මිනිස්සු ගැන සොයන්න කවුරුත් නැද්ද (අ)
මේ වගේ දුක්විඳින ජනතාව තව කොච්චර ඇද්ද? (නි)
පාරවල් හදපු ආණ්ඩුව ගෙදර යවලා දැන් පාරවල් ඉල්ලනවා... (නි)
දැන් කොහොමත් ගම නැඟුම ඉවරනේ.... ඉතින් ඔහොම ඉන්නවෙයි දුවිලි කාගෙන තව අවුරුදු 5ක්... (නි)
"පාර හදන බවට රුපියල් දහස් ගණනක් වැය කරමින් ඉදිකළ දැන්වීම් පුවරු පමණක් පවතී" ඇත්ත! පෙනෙනවා නේද එතනම තියන බෝක්කුවට කොන්ක්‍රීට් දාල,දැන් වැඩ නැවතිලා තියෙන බව.දැන් රට බාර ගත්ත අය ඒවාට වගකියන්න ඕනේ (අ)
මේ තරම් ඇත ගම්මනෙක ඉන්න පවුල් කිහිපයකට කොටි ගණනක් වියදම් කරලා පාරක් හදල, විදුලිය ජලය වගේ පහසුකම් දීල, රටේ අනිත් පැතිවල වගේ සියලු පහසුකම් දෙන්න වියදම් කරන පු සලින් මේ පිරිස එම පහසුකම් ඇති පළාතක අති නවීන නිවාස පද්දතියක් හදල එව්වගේ යලි පදිංචි කරන එක වඩාත් ප්‍රයෝජනවත් සහ ලාබ දායක වෙන්න බැරි නැහැ. වෙන එකක් තබා අර පහසුකම් නඩත්තු කරන්නට යන මුදලින් මේ අයට දීමනාවක් ගෙවන්නත් පුළුවනි. මේක සමහර රටවල්වල කරනවා. හැබැයි විකල්ප යෝජනාවක් විතරයි. (අ)