ලන්ඩන් නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයකට හා ගැනුම්කරුවන්ගේ හමුවකට සහභාගී වීමේදී අයුතු ලාබයක් හා වාසියක් ලබාගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ පහළොව හමාරකට ආසන්න මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පොළඹවන ලදැයි හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමැති රෝහිත බෝගොල්ලාගමට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඇති අභියාචනය සලකා බලමින් සිටින බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (16) දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජනී සෙනෙවිරත්න මහත්මිය මේ බව අධිකරණයට දැනුම් දුන්නාය.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 2 වැනිදාට කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝගොල්ලාගමගේ නඩුව කල් යයි
ඩුන්ගු Friday, 17 July 2015 03:46 AM
මෙවැනි අයට ඡන්දය දෙන්න එපා. ඔවුන් සිටින පක්ෂත් ප්‍රතික්ෂේප කළ යුතුයි. (අ)
අබේරත්න Thursday, 16 July 2015 03:56 PM
මෙයා අනෙක් පැත්තට පනින්න ගියේ ඕවගෙන් බේරෙන්න තමා.(හේ)
යසිරු Thursday, 16 July 2015 04:10 PM
මෙතුමා අහිංසකයෙක් බොරු මඩ ගහන්න එපා (හේ)
කමල් Thursday, 16 July 2015 05:15 PM
මම නම් දැන් ලංකාවේ දේශපාලනය ගැන අන්තිමටම කළකිරිලා ඉන්නේ (නි)
මානවි Thursday, 16 July 2015 07:28 PM
මේ වගේ අල්ලස් නඩු තියෙනකොට කොහොමද නැවත ඡන්දෙ ඉල්ලන්නේ? ඒ වගේ අයටද ආපසු රට හදන්න බාරදෙන්නේ. (නි)
දිලිප් Friday, 17 July 2015 07:24 AM
ඇත දිගහැර රජයේ මුදල් වියදම් කරන ඔහු නැවතත් සන්ධානයෙන් මැතිවරණයට?යෝජනා කාගේ උවමනාවටද? (අ)
ශිරන්ති Friday, 17 July 2015 01:02 AM
ඇයි දැන් සිර දඬුවම් විඳින අයෙකුගෙන් සිර ගෙදරට ගොස් නාමයෝජනා වලට අත්සනුත් ගත්තා නේද? ලංකාවේ විතරයි මෙහෙම අයට ඡන්දෙ දෙන ජනතාවක් ඉන්නේ. (නි)