ලන්ඩන් නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයකට හා ගැනුම්කරුවන්ගේ හමුවකට සහභාගී වීමේදී අයුතු ලාබයක් හා වාසියක් ලබාගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ පහළොව හමාරකට ආසන්න මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පොළඹවන ලදැයි හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමැති රෝහිත බෝගොල්ලාගමට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඇති අභියාචනය සලකා බලමින් සිටින බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (16) දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජනී සෙනෙවිරත්න මහත්මිය මේ බව අධිකරණයට දැනුම් දුන්නාය.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 2 වැනිදාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට ඡන්දය දෙන්න එපා. ඔවුන් සිටින පක්ෂත් ප්‍රතික්ෂේප කළ යුතුයි. (අ)
මෙයා අනෙක් පැත්තට පනින්න ගියේ ඕවගෙන් බේරෙන්න තමා.(හේ)
මෙතුමා අහිංසකයෙක් බොරු මඩ ගහන්න එපා (හේ)
මම නම් දැන් ලංකාවේ දේශපාලනය ගැන අන්තිමටම කළකිරිලා ඉන්නේ (නි)
මේ වගේ අල්ලස් නඩු තියෙනකොට කොහොමද නැවත ඡන්දෙ ඉල්ලන්නේ? ඒ වගේ අයටද ආපසු රට හදන්න බාරදෙන්නේ. (නි)
ඇත දිගහැර රජයේ මුදල් වියදම් කරන ඔහු නැවතත් සන්ධානයෙන් මැතිවරණයට?යෝජනා කාගේ උවමනාවටද? (අ)
ඇයි දැන් සිර දඬුවම් විඳින අයෙකුගෙන් සිර ගෙදරට ගොස් නාමයෝජනා වලට අත්සනුත් ගත්තා නේද? ලංකාවේ විතරයි මෙහෙම අයට ඡන්දෙ දෙන ජනතාවක් ඉන්නේ. (නි)