ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 63 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් පිල හමුවේ කඩුලූ 7 කින් පරාජයට පත්වීමත් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ පළමු කණ්ඩායම් හතරට පැමිණීමේ බලාපොරොත්තුව අවධානම් තත්ත්වයකට පත්විය.
බැංගලෝර් පිල මේ වන විට තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වන අතර අවසන් වටයේ කණ්ඩායම් හතරට පැමිණීමට නම් මේ මස 18 වැනිදා චෙන්නායි පිලට එරෙහිව පැවැත්වෙන පළමු වටයේ අවසන් තරගයෙන් බැංගලෝර් පිල ජය ලැබීම අනිවාර්ය වේ.
හයිද්‍රාබාස් පිල තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව පස්වැනි ස්ථානයේ පසු වෙයි. හයිද්‍රාබාද් පිලට තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.
පංජාබ් පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඇඩම් ගිල්ක‍්‍රිස්ට් (නොදැවී 85) සහ අෂාර් මහ්මූඞ් (61) ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් වූහ.
බැංගලෝර් පිල නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් යැවූ ඕවර හතරට එක කඩුල්ලක් පමණක් ලබා දෙමින් ලකුණු 44 ක් රැස් කිරීමට පංජාබ් පිතිකරුවෝ සමත් වූහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 175
(ක‍්‍රිස් ගේල් 77, චෙටෙෂ්වර් පුජාරා 19, විරාට් කෝලි 57, පර්වින්ඩර් අවානා 39/3, අෂාර් මහ්මූඞ් 25/2)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 18.1 කදී කඩුලූ 3 ට 176
(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් නොදැවී 85, අෂාර් මහ්මූඞ් 61)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝලි තමා පෙනෙන්න බැරි (නි)
අපෝ කෝලිලා පරදින තරමට හොදා (නි)
ලංකාවෙන් ගිය හැමදෙනාම සෙල්ලන් කරන හැටි දැක්කම අනේ අපොයි කියවෙනවා. බැටින්, බෝලින් ඉස්තරම්. (නි)
සංගාගේ ටීම් එක අවොත් හොදයි. (ස)
මොකා ආවත් අපිට හුලන්.(නදී)
මුරලි තමයි අද මැච් එක කෑවේ (නි)
බන්ග්ලොරේ පිලට අද තරඟය තීරණාත්මක නිසා වෙන්න ඇති මුරලිව ගන්න ඇත්තේ. (ස)
සංඟලා තමයි එන්න ඕන. මොකද අපේ කෙනෙක් සෙල්ලං කරනවනේ. කොලිඑයව කාටවත් පෙන්න බෑ. (ස)
මහේල, සංගා, දිල්ෂාන්, ක්‍රිකට් ගහන හැටි දැක්කම අනේ කියල හිතෙනවා .........(ස)
ශාමන්,සංගාගේ ටීම් එක අවාට් සංගාට බංකුවේ ඉදන් මැච් බලන්න වෙන්නේ ........(ස)
අද තරගයේදී ක්‍රිස් ගේල් ලකුණු රැස් කරපු වේගය මදි කියලයි මට හිතෙන්නේ. (නදී)
මුරලිට සුභ පැතුම්! (නි)