ඉන්දියාවේ බැංගලෝර මහාබෝධි විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය හදාරණ ඉන්දියානු හා විදේශීය ස්වාමීන් වහන්සේලා හට සිවුරු හා අටපිරිකර මෙරටින් පුජා කිරීමේ පුන්‍ය කර්මයක් පසුගියදා එම විහාරස්ථානයේදී සිදුකෙරිණි.
අස්ගිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝද, මෙරට මහා භාරකාර සරත් සෙනවිරත්න මහතාද, ජනාධිපති ආගමික කටයුතු අංශයද මෙයට දායක වුහ.
මෙහිදී බැංගලෝර මහාබෝධි විහාරාධිපති පුජ්‍ය ආනන්ද හිමියෝ පැවසුවේ බෞද්ධාගමික වත් පිළිවෙත් නිසියාකාරයෙන් පැවැත්වීමෙන් හා උසස් ධර්ම ග්‍රන්ථයන් එළිදක්වමින් මෙන්ම සංඝයා වහන්සේලා වෙනුවෙන් විවිධාකාර ඇප උපස්ථාන කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා ශ්‍රී ලංකාව අති විශිෂ්ට කැපවීමක් සිදු කරන බවයි.
සියලු ජාතීන්ට අයත් ජනයා එකාවන්ව එකමුතුව තම තමන්ගේ ආගම් අදහමින් සාමකාමීව ජීවත්වන ශ්‍රීලංකාවේ, ගුණාත්මක ප්‍රබෝධයක් ද අද දක්නට ලැඛෙන බවත් ආනන්ද හිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසුහ.
(මෙරටින් පුජා කළ සිවුරු හා අටපිරිකර ජනාධිපති සම්බන්දීකරණ නිලධාරී බුද්ධික සංජීව හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු ජයන්ත අබේසිංහ යන මහත්වරුන් විසින් පුජා කළ අවස්ථාව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ පන්සල කොහෙද තියෙන්නේ? මම මෙහි අවුරුදු අටක් තිස්සේ නේවාසිකව සිටිනවා. මටත් ඕනෑ මේ කොහෙද කියා දැන ගන්න? (හේ)
සාධූ සාධු සාධු!!! (නි)
මහගු පින්කමක්.(හේ)