IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බැංගලෝර පන්සලට ලංකාවෙන් පිරිකර

ඉන්දියාවේ බැංගලෝර  මහාබෝධි විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය හදාරණ  ඉන්දියානු හා විදේශීය  ස්වාමීන් වහන්සේලා හට සිවුරු හා අටපිරිකර  මෙරටින් පුජා කිරීමේ පුන්‍ය කර්මයක්  පසුගියදා එම විහාරස්ථානයේදී සිදුකෙරිණි.

අස්ගිරි මහානායක  උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝද,  මෙරට මහා භාරකාර සරත් සෙනවිරත්න මහතාද, ජනාධිපති  ආගමික කටයුතු අංශයද මෙයට දායක වුහ.

මෙහිදී  බැංගලෝර මහාබෝධි  විහාරාධිපති පුජ්‍ය ආනන්ද හිමියෝ පැවසුවේ බෞද්ධාගමික වත් පිළිවෙත් නිසියාකාරයෙන් පැවැත්වීමෙන් හා උසස් ධර්ම ග්‍රන්ථයන් එළිදක්වමින් මෙන්ම සංඝයා වහන්සේලා වෙනුවෙන් විවිධාකාර ඇප උපස්ථාන කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා ශ්‍රී ලංකාව අති විශිෂ්ට කැපවීමක් සිදු කරන බවයි.

සියලු  ජාතීන්ට අයත් ජනයා එකාවන්ව එකමුතුව තම තමන්ගේ ආගම් අදහමින් සාමකාමීව ජීවත්වන ශ්‍රීලංකාවේ, ගුණාත්මක ප්‍රබෝධයක් ද අද දක්නට ලැඛෙන බවත් ආනන්ද හිමියෝ  මෙහිදී වැඩිදුරටත් පැවසුහ.

(මෙරටින් පුජා කළ   සිවුරු හා අටපිරිකර ජනාධිපති සම්බන්දීකරණ නිලධාරී බුද්ධික සංජීව හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු ජයන්ත අබේසිංහ යන මහත්වරුන් විසින් පුජා කළ අවස්ථාව)  

01

 

 



අදහස් (0)

බැංගලෝර පන්සලට ලංකාවෙන් පිරිකර

ධම්මික Saturday, 11 October 2014 09:25 AM

ඇත්තටම මේ පන්සල කොහෙද තියෙන්නේ? මම මෙහි අවුරුදු අටක් තිස්සේ නේවාසිකව සිටිනවා. මටත් ඕනෑ මේ කොහෙද කියා දැන ගන්න? (හේ)

:       0       0

මොහාන් Friday, 10 October 2014 08:36 PM

සාධූ සාධු සාධු!!! (නි)

:       0       0

සුරංග Sunday, 12 October 2014 05:59 AM

මහගු පින්කමක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site