(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා අතර පැවති හමුවකින් අනතුරුව අබ්දුර් රවූෆ් මහතා මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් බව බීඩී නිවුස් 24 පුවත් සේවය පෙන්වා දුන්නේය .
විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ආපසු ගෙවීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ගෙවා නිම කිරීමට නොහැකි වූ බවත් බංගලාදේශය දෙවරක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ණය ගෙවීමේ කාලය දීර්ඝ කළ බවත් බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික තුනකින් ආපසු ලබා දීමට නියමිත බව තලුක්දර් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාව නියමිත පරිදි ගෙවීමට ඇති දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවන බවට සහතිකයක් ලබා දුන් බව බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියමාලිට වැඩේ බාරදුන්න නම් ලංකාවෙ ඉන්න කෝටිපතියො ටික වෙලාවට ණය ගෙවන්න උදව් කරයි...හරියට අර රට වෙනුවෙන් ඉන්ධන ලබා ගන්න ඩොලර් හොයල දුන්න වගේ...
මොකටද බං ඔය සාකච්ඡා වලට නන්දලාලයා වගේ පෙන්දන් යවන්නේ. යවපියව් අර තිළිණි කෙල්ලව. ණය ටිකත් කපා හැරලා ඩොලර් තව බිලියන එකක් දෙකකුත් උස්සන් එනවා ශුවර්...!
පුළුවන් නම් ගන්න. දෙන්න සල්ලි නෑ.. සල්ලි ගස්වලින් කඩන්නද?
හොඳ වැඩේ මෝඩ බංගලියන්ට... ලංකාවට ණය දෙන්නේ මොන මී හරක්ද?
නන්දසේන රටට කරපු මේ අපරාධයට නම් සොබාදහමින් පඩිසන් ලැබේවි..!
ජෙප්පන් මේවාට වග කිවයුතුයි. 1989 කාලේ ලංකාවේ සිටි ආයෝජකයින් කර්මාන්තකරුවන් ලංකාව අත්හැර බංගලාදේශයට ගියේ මේ ජෙප්පන් නිසයි...