ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) මීර්පුර් නුවරදී පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශ පිල කඩුලූ 5 ක ජයක් (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ලැබීය. බංග්ලාදේශ පිල ලබාගත් මෙම ජයත් සමග ඉන්දියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවිය. ඒ අනුව පාකිස්තානය සහ බංග්ලාදේශය අතර ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (22) පැවැත්වේ. බංග්ලාදේශය ආසියානු කුසලාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ද මෙය වේ. නසීර් හුසේන් සහ මහමදුල්ලා එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 77 ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් බංග්ලාදේශයට මෙම ජයග‍්‍රහණය හිමිකර දුන්නේය. තරගයේ අවසන් ඕවර තුනට ලකුණු හතරක් ලබා ගැනීමට බංග්ලාදේශයට සිදු වු අතර නසීර් හුසේන් හතරේ පහරකින් තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළේය. ආරම්භක පිතිකරු තමිම් ඉක්බල් (59) සහ සකීබ් අල් හසන් (56) අර්ධ ශතක ලබමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කිරීමට සමත්වුහ. මෙවර තරගාවලියේ ලබා ගැනීමට තිබු එකම ජයග‍්‍රහණය ද ශ්‍රී ලංකා පිලට ඒ අනුව අහිමි විය. ජයග‍්‍රහණය සඳහා බංග්ලාදේශයට ඕවර 40 කදී ලකුණු 212 ක ඉලක්කයක් හිමි වු අතර ශ්‍රී ලංකා ඉනිම නිමාවීමෙන් පසුව හටගත් වර්ෂාව නිසා ඕවර සංඛ්‍යාව මෙලෙස අඩු කෙරිණ. පළමුවෙන් පන්දුවට පහර දුන් ක් ලබා ගත්තේය. බංග්ලාදේශය ඕවර 37.1 කදී කඩුලූ 5 ක් දැවී 212 ශ්‍රී ලංකාව ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 232
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට