ඩොලර් ලක්ෂ ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකෙරෙන ශාලිකා පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය (ඉන්ටපෝල්) සහය ලබාගැනීමට කටයුතු කරන බව ශ්‍රීලංකා පොලිසිය පවසයි.
‘‘මේ පුද්ගලයා හොයාගන්න අපි ඉන්ටපෝල් සහය ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.ඔහු ජපානයේ සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.නමුත් දැන් වෙනත් රටකට ගිහිල්ලා කියලත් හිතන්න පුලුවන්.‘‘ පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
දෙහිවල පිහිටා තිබූ මෙම සංවිධානයේ කාර්යාලය සෝදිසි කළ පොලිසිය එහි තිබූ පරිගණක හා වෙනත් උපකරණ අත්අඩංගුවට ගත්තේය.එහි සිටි එක් පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කෙරුණද මේ දක්වා කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් නිලධරයෝ පවසන්නෝය.
පිලිපීනයේ බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 810 ක මුදලක් වංචනික ලෙස බැර කළ චීන හැකර්වරුන් පිරිසක් තවත් ඩොලර් ලක්ෂ 20 මුදලක් මෙම රාජ්‍ය නොවන සංවිධානයට අයත් බැංකු ගිණුමට බැර කිරීමට යාමේදී මෙම තොරතුරු අනාවරණය විය.
රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම අයත් පෑන් ඒෂියා බැංකුවේ එම අවස්ථාවේ සිටි නිලධරයා මේ සා මුදලක් එකවර බැර කිරීම ගැනත්,ගිණුම් හිමියාගේ නම වූ රාජ්‍ය නොවන සංවිධානයේ නම වැරදි ලෙස සඳහන් කර තිබීමත් ගැන සැක සිතා අදාළ නිලධරයින් දැනුම්වත් කිරීමට කටයුතු කළේය.
මෙම මුදලේ නිසි හිමිකරු වන්නේ බංගලිදේශ මහ බැංකුවයි.එහි වෙබ් අඩවියට කඩාවැදී ඇති හැකර්කරුවෝ සංකේත හා වෙනත් තොරතුරු සොරාගෙන එක්සත් ජනපදයේ රාජ්‍ය සංචිත වලින් ඩොලර් ලක්ෂ ගණනක් පිලිපීනයේ සහ ශ්‍රීලංකාවේ බැංකු ගිණුම් වලට බැර කිරීමට උත්සාහ කර ඇත.එක්සත් ජනපද රාජ්‍ය සංචිත වල ඇති බංගලාදේශයට අයත් ඩොලර් බිලියනයක මුදලක් මෙසේ ලබාගැනීම ඔවුන්ගේ සැළසුමවී තිබේ.
අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ පරිගණක අපරාධ පිළිඹද ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේය.
ශාලිකා පදනම දුගී ජනතාවට උපකාර කිරීමේ සහ ඔවුන්ට නිවාස ඉදිකර දීම වෙනුවෙන් බව සඳහන් කර පිහිටුවා තිබෙන්නක් බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලිදේශ සල්ලි ගිල්ල හැකරා අල්ලන්න ඉන්ටපෝල් සහය