(අංජුල මහික වීරරත්න)
බංගලාදේශයේ සංචාරයක නිරත වන්නැයි බංගලාදේශ රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල ආරාධනාවක් කර තිබේ.
බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය කළ මෙම නිල ආරාධනය බංගලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තාෆා කමල් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට පෙර සාකච්ඡා වටයකදී මෙම ආරාධනය කර තිබේ.
බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා දුලිප් මෙන්ඩිස් ප්රමුඛ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගයට බංගලාදේශ රජයේ කෘතවේදීත්වය පළ කරන බව ද එරට කර්මාන්ත අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සහ හෙට වියට්නාමයේ සංචාරයක නිරත වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශයේත් මහා බැංකුවක් ඇතිනේද? බංගලාදේශ ජනතාවට කියන්න ඕනේ ඒ ගොල්ලන්ගේ ලොක්කාට කියන්න කියලා අසේවනාච බාලානං කියලා.
ඉක්මනටම ඒවි , මොකෝ ගුවන් ටිකට් පත් , හෝටල් වලට අතින් වියදම් වෙන්නේ නැහැනේ , ඔයගොල්ලගේ මොනවා හරි වෙළද ගිවිසුමක් වැනි මොකක්ක් හරි ලියකියවිල්ල තිබෙනවා නම් අත්සන් කරන්න එකත් කියවල බලන්නේවත් නැතුව දීපු ගමන් අත්සන් කරලා දේවි . ඔය රටේ තිබෙන විශ්ව විද්‍යාලයකට ගිහින් ඔලුවට තොප්පියක් දමල මොක්කක් හරි ගෞරව උපාධියක් දීල මුරුංග අත්තේ තිබ්බහම කැමති දෙයක් කරලදෙවී ,
බංගලාදේශය ඇගලුම් අතින් ලංකාව අභිබවා ගිහින් ගොඩක් කල්. ඔව්න් දියුණු කරන්න පුළුවන් අංශයක් තෝරාගෙන එක ඔස්සේ විදේශ විනිමය හොයාගන්නවා. අපි තාම සිංගප්පුරුවක් වගේ වෙන්න යනවා. තමන්ට තියෙන සම්පත් වලින් ප්‍රයෝජන අරන් තමන්ගේ විදියකට දියුණු වෙන්න ඕනේ. අනිත් රටවල් දිහා බල බල ඒවා කරන්න ගියාම අසාර්ථකයි. අන්තිමට සුරංගනා කතා වෙනවා ඔක්කොම.
බංගලාදේශ් ගිහිනුත් හිගාකන්න යයිද?