පිටකොටුව බැස්ටියන් බස් නැවතුම්පොළේ බෑගයක දමා තිබු මළ සිරුර කාන්තාවකගේ බව පොලිසිය පවසයි. කාන්තා ඇදුම් කිහිපයක් එහි තිබු බවත් බොහෝ විට එම සිරුර ගෘහ සේවිකාවකගේ විය හැකි බවත් පොලිසිය අනුමාන කරයි. මහේස්ත්‍රාත්වරයා තවත් සුළු වේලාවකින් එහි පැමිණිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ වෙනස එක තමා යහපාලනයේ (ම)
අසමජ්ජාති වැඩවලට යහපාලනයට බැනල වැඩක් නැහැ. උගත් සහ බුද්දිමත් පිරිසක් රටේ පාලනයට තෝර ගන්න.(නදී)
මේ යහපාලනයේ වෙනස නෙවේ. අවරුදු ගානක් තිස්සේ සමාජය කුණු වේවි ඇවිල්ල අද තියෙන තැන. ඉස්සර ඉතින් අතුරුදහන් උනාම හොයාගන්නම බැහැනේ? (නදී)
සරත් එහෙම කියන්න එපා. දැන් ලංකාව දියුණුයි. එක්තරා කාලයක මළසිරුරු පාරවල් වල තිබුනේ ටයර් එක්කල පිළිස්සෙමින්. දැන් තියෙන්නේ බෑග් වල. අනික අමතක කරන්න එපා කාලයක් නැතිව තිබිල මෑතකදී තැන තැන වලලා ඇති බෝම්බ එහෙමත් හමුවෙන්න පටන් ගත්තා. ඉස්සරහට මැතිවරණයකුත් තියෙනවනේ? (නදී)
සරත් මේ වගේ දේවල් වලට යහපාලනය සම්බන්ද කරගන්න එපා. දෙයක් කියන කොට මොලේ ටිකක් කල්පනා කරලා කියන්න. මේ අපේ රටේ ඉන්න තිරිසන් මිනිස්සු කරන දේවල්. (නදී)
මේවා ලංකාවේ සිද්ධවෙන දේවල්ද? (ම)
සරත් ඔයා වගේ අය යහපාලනයට ගැලපෙන්නේ නැහැ (නදී)
ගෙවල් ඇතුලට ඇවිත් කරදර කරන මීයෙක්, මී කතුරකට අහු වුණත් මරා දමන්නේ නැතිව කැලයකට ගිහින් අතහරින සංවේදී මිනිසුන් ඕනෙ තරම් අප අතර ඉන්නවා. කිසිම හිතක් පපුවක් නැතිව මෙසේ මිනිසුන් මරණ යක්ෂයෝ පෙරේතයෝ වැනි මිනිසුන් අතර ඉපදෙන්න තරම් අප කෙතරම් පව් කරන්නට ඇද්ද? (නදී)
පුදුම රටක් ලංකාව දැන්.(ම)