ඓතිහාසික බෝගම්බර සිර ගෙදර සුඛෝපභෝගී හෝටලයක් කිරීමට යයි.
පසුගිය වසර දක්වාම හිරගෙයක් වූ බෝගම්බර සුඛෝපබෝගී හෝටලයක් කරන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මහනුවර තදබදය නැති කිරීම සඳහා උමං මාර්ග තුනක් ඉදි කිරීමේ සැලැස්මක් ඇති බව ද ඔහු කියයි.
අංපිටිය සිට තැන්නකුඹුරට ද, බෝගම්බර සිට ගැටඹේ දක්වා ද, අම්පිටියේ සිට මහනුවර නගරය දක්වා ද එම උමං ඉදි කැරෙන බව ඇමැති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑ කෙනෙකුට උමං හාරන්නත් පුළුවන් හෝටල් හදන්නත් පුළුවන් (නි)
ඔව් ඔව් හැරි මහත්තයෝ, පසුගිය ආණ්ඩුවෙන් කරපු හොර වැඩ නම් මේ ආණ්ඩුවේ නැහැ තමයි. අනික චන්ද්‍රිකා දහයයි මහින්ද දහයයි 20ක්. මෙයාලා ඇවිල්ලා තාම අවුරුද්දක්වත් නැහැ. තාම පරණ ණය වන්දි ගෙවනවා මේ ආණ්ඩුව (නි)
මේ හිරගෙදර කරුණාකර බස් නැවතුම් පොළක් කරලා මිනිසුන්ට හොඳ පහසුකමක් කරන්න. එ්ක කාලයක් තිස්සේ තිබුන සැළසුමක්. හෝටල් හදන්න පොහොසත් කාටහරි විකුණන්න එපා. කරුණාකර මෙතන විකුණන්න එපා. නුවරට දුර සිට එන මහජනයාට ඉන්න පහසුකම් සහිතව බස් ටික හරියට නවත්වන්න හදන්න කරුණාකරලා. (නි)
මට තේරෙන හැටියට නම්, බෝගම්බර හෝටලයක් හදනවට වඩා වැඩි ප්‍රයෝජනයක් වෙන්නේ තට්ටු කිහිපයක වෙළඳ සංකීර්ණයක් හදනවා නම්. නගරය මැද තිබෙන කඩ සාප්පු මෙතනට ගෙනවිත් නුවර නගරය මැද ඉඩ ගත්විට පාරවල් තදබදයත් අඩු කළහැකියි. උමං මාර්ගත් වැටෙන්න ඕනෑ වැව රවුමේ සහ පේරාදෙණිය පාරේ තදබදය නැතිකරන්න. (නි)
සුසන්ත,හැරී, ඔබ හරියටම හරි (නි)
හැරී, පසුගිය ආණ්ඩුවෙන් කරපු විදිහට කරගෙන ගියා නම් ඔබ ඇඳගෙන සිටින වස්ත්‍රයත් හෙට අනිද්දාට උගස් කිරීමට සිදුවනු ඇත. දෙයක් ගැන ගැඹුරින් අධ්‍යයනය කර පමණක් අදහස් දක්වන්න. (නි)
සුපිරි හෝටලයට කොමිස් ලංසුව කීයද? (අ)
වැලිකඩත් තියෙනවා ඔය වගේ හෝටලයක් සුඛෝපභෝගී කරනවා නම්.(හේ)
ඒ වගේම කටුගස්තොට සිට නුවරටත්, පිළිමතලාවේ සිට නුවරටත් විකල්ප මාර්ගයන් ගැනත් හිතුවොත් හොඳයි. (නි)
අපි ඔබ සමඟය අපි වසර විසිපහක් ඔබ සමග දේසපාලන කළා, (හේ)
නියමයි වැඩ පෙන්නන්න ....(හේ)
කියන කතා.දේශපාලුවන්ගේ උවමනාවට නැතුව විද්වතුන්ගේ අදහස් අරගෙන මාස්ටේර් ප්ලෑන් එකකට අනුව වුණොත් හොදයි.(අ)
කවද ඉවර වේද නොදනමි (අ)
ඔය කිවුවට ඕන ගොනෙකුට පුළුවන් වේවිද පාරවල්, උමන් මාර්ග හදන්න? කලින් හදපුව විවෘර්ත කරනවා සහ කලින් පටන් ගත් ව්‍යපෘති වලට ආයෙත් මුල් ගල් තියනවා ඇරෙන්න? (අ)
කටින් බතලකොල හිටවන එක තමා මේ ආණ්ඩුව තවම කරන්නේ. දැන් ඉතින් පත් වෙලා අවුරුදු එක හමාරක්ම ගිය කියමුකෝ.(අ)
කොහොමත් මේගොල්ලෝ හොඳට දන්නවා හිර ගෙවල් සුපිරි හෝටල් කරන්න. (අ)
මහනුවරට උමං ඉදිකිරීම බරපතල කාරණයක්. මහනුවර අවට තිබෙන්නේ හුණුගල් සහිත බිමක්. මෙය තවත් උමා ඔයක් කරන්නට එපා කියන කාරණය කිවයුතුයි. නිවැරදි පරිසර අධ්‍යයනයක් නොකෙරුවොත් මහා විශාල විනාශයකට අතවැනීමක්. (නි)
නුවරට ඕනෑ සුපිරි හොටෙල් නොවෙයි, සාමාන්‍ය මිනිසුන්ට යහපතක් වෙන්නයි (නි)
අම්පිටිය ඉඳලා නුවරටයි තැන්නේකුඹුරටයි කිලෝමීටර් කීයක් තියනවද කියලාවත් දන්නවද? මම ඉන්නේ කටාර්. මෙහෙ මිනිසුන්ටවත් ඔච්චර දිග උමං හදන්න සල්ලි නැහැ. හෝටලේ නම් හැදෙයි දැනට හෝටල් තියන (හෝ නැති) ඇමති කෙනෙක් ඔය ඉඩම ගත්තාට පස්සේ. (නි)
අන්න හරි මහත්තයෝ වැඩකරලා පෙන්නනන ,කතා නොකර (අ)
1991 වසරේ විලියම් ගොපල්ලව මාවත ඉදිකළාට පසු මහනුවර මාර්ග තදබදය අඩුකිරීම සඳහා කිසිම රජයක් පියවර ගත්තේ නැහැ. පසුගිය රජය මහනුවරට දැක් වූ කුඩම්මාගේ සැළකිල්ල ගැන කවුරුත් දන්නවා. තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් ඉදිකිරීමට විශාල වියදමක් වැයවෙන නිසා බුවෙලිකඩ දක්වා උමං මාර්ගයක් ඉදිකිරීම වඩා ප්‍රායෝගිකයි. බෝගම්බර බන්ධනාගාරයේ පෞරාණික ගොඩනැගිලි වලට හානි නොකර සංවර්ධනය කළයුතුයි. (නි)
මෙයා කියන එවට නම් දෙපැත්තෙන්ම හිනා යනවා.(අ)
දැන් මේකේ මොකක්ද වැරැද්ද?අපේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් මාස්ටර්ලට මේකට කලින් අරක කරන්න කියලා දාන්න බැරි වෙලාද තාම. (අ)
ඔක්කොම කටෙන් බයිලා ගහනවා. කරන දෙයක් පේන තෙක් මානයක නැහැ. කෝ කඩවත ඉදලා නුවරට හදනවා කියපු හයි වේ එක. මුල් ගල් පැලවෙනවා ඇමතිතුමෝ. පහු ගිය ආණ්ඩුවෙන් කරපු දේවල් වලින් එක මයිල් ගහක් කරලා නැහැ.(අ)
කවදද ඉවර වෙන්නේ මේවා (අ)
ගරු ඇමතිතුමනි, මම ඉන්නේ කටාර් වල. මේ පුංචි රටෙත් උමං මාර්ග හදනවා. නුවර වටකොට ඇති කටුගස්තොට, පේරාදෙණිය, තැන්නේකුඹුර යාකරන උමං මාර්ගය හැදුවේ නැත්නම් හැම විසඳුමක්ම වතුරේ (නි)
නුවර ගැන පහුගිය කාලේ කවුරුත් සොයා බැලුවේ නැහැ. ලංකාවේ තියන අනිත් නගර දියුණු වූ විදියට නුවර දියුණු වුණේ නැහැ. කදිම සාක්ෂි අනිත් නගරවල තිබෙන බස් හෝල්ට් සහ නුවර තියන බස් හෝල්ට් එක. නුවර මිනිසුන්ගේ එකම විශ්වාසය කිරිඇල්ල ඇමතිතුමා. උමං මාර්ග හෝ ගුවන් පාලම් ඕනෑ දෙයක් හදන්න. නුවර කියන්නේ ලස්සන නගරයක්. කරුණාකර නුවරට කුඩාම්මාගේ සැළකිල්ල නම් එපා. (නි)