හොරණ පාදුක්ක මාර්ගයේ මීටර් 200 ක කොටසක් පිිළිසකර නොකළැයි විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු තුන්සයයක් පමණ ප්‍රදේශවාසීහු එම මාර්ගය හරස් කර පාර මැද වාඩී විරෝධයක යෙදී සිටිති. මේ හේතුවෙන් එම මාර්ගය වාහන ගමනා ගමනබට බාධා එල්ල වී ඇත. කිලෝ මිටර් 21 දුර මාර්ගය පිළිසකර කිරීමේ දී මිල්ලෑව ප්‍රදේශයේ මීටර් 200 පමණ ප්‍රදේශයක් නතර කර ඇතැයි උද්ඝෝෂකයෝ කියති. ඉඩම් පවරා ගැනීමේ සිදු ගැටළුවක් නිසා පිළිසකර කිරීමට නතර වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මීටර් 200 කියන්නේ මොකද්ද (දී)
ජයවේවා උත්සාහ කරන්න උත්සාහ කරන්න බැරි නැහැ (දී)
මීටර් 200 මොකද්ද අපේ කිලෝමීටර් 10 ක් විතර තියෙනවා. (දී)
පානදුර හොරණ පාර මිල්ලෑවෙන් යන් නෑ (දී)
මම හිතාගෙන හිටියේ සාමාන්‍ය මහජනතාව උද්ඝෝෂණ කලාම මන්ත්‍රීලා ඇවිත් විසඳුම් ලබාදෙනවා කියලයි. මන්ත්‍රීලා කියන මිනිස්සු තම ගෞරවය රැකගෙන පාර්ලිමේන්තුවේදී ඉල්ලීම් සහ සාකච්චා මගින් ප්‍රශ්න වලට උත්තර ලබාදීම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය උනේ ඉස්සර. අපොයි රටකට ගිය කල. (දී)
පාරක් හදාගෙන යනකොට දෙපැත්තේ ඉඩම් හිමියන් ආරාවුල් ඇතිකරනවා. නිරවුල් කොටස් නිමකරන කොන්ත්‍රාත් කරුවන් වෙනත් ප්‍රදේශ වැඩ වලට ගියවිට මීටර් 50 කට 100 කට උපකරණ සමග පැමිණීම අදි මදි කරනවා ! (දී)
මෙයට ලියන්න පුළුවන් එකම අදහස නම් 'ජනතාව ගොනාට ඇන්දවීම ' යනුවෙනි (දී)
පාර බාගෙට හැදුවත් නැතත් මිනිස්සු තමයි දුක් විදින්නේ (දී)
එතනට දක්වා පාර හදා දීම අගේ කිරිමකුත් කල යුතයි. මොකද රටක දෙශපාලයකයින් රටට සේවය කරන්නේ රටේ ජනතාව ගැන අනුකම්පා කරලයි, නැතුව ඒක ගන්න පඩියට කරන රැකියාවක් නිසා නෙමෙයිනේ. (අ)
අනේ අපිට තේරෙන්නේ නෑ මේවා. ආණ්ඩුවේ මන්ත්‍රී මෙහම පාරේ වාඩි වෙන්ව නම් අපි බහින්නෙ විරුද්ද පක්ෂයට. ඇයි විරුද්ද පක්ෂයට බැරි මේ රටේ තක්කඩින්ට හොරුන්ට විරුද්ද වෙන්ඩ? (අ)
කසුන් සහ සුමුදු කියන්නේ ඇත්තනම් ඕකට අදාළ අයගේ ඇඳි වත ගලවල පාරේ දුවවන්න ඕනේ. (දී)
රවී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා (දී)
ඉත්න් මන්ත්‍රී තුමෝ..කිලෝමීටර් 21 ක් හදපු එකේ ඔය චුට්ටට උද්ගෝෂණය කරන්න ඕනෙයැ.ඉඩම් හිමියන් එක්ක සාකච්ඡා කරලා ඉඩම් ගැටළු විසඳාගෙන වැඩේ කරන්නකෝ. (අ)
මෙතන මේ රජයේ දේශපාලයෝ හදන්නේ බොරු වීරයෝ වෙලා ලකුණු දා ගන්න. රජය දිනවල මේ මිනිස්සුන්ව රජයේ නියෝජිතයෝ කරලා ජනතාව ලක්ෂ ගණන් පඩි දීමනා ගෙවන්නේ රට සංවර්ධනය කරන්න මිසක් පාරේ වැඩිවෙලා උද්ගෝෂණය කරන්න නෙවේ. වැඩක් කරන්න බැරිනම් නම්බු පිට පුළුවන් කෙනෙක්ට කරන්න දීල ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් මේවගෙන් පෙනෙන්නේ මොවුන්ගේ නොහැකියාව. මීළඟ මැතිවරණ වලදී ජනතාව මොවුන්ට නිවැරදි පිළිතුරු දියයුතුය. (අ)
මෙතන මේ වාඩිවෙලා ඉන්න රජයේ දේශපාලයෝ කරන්න ඕනේ තමන්ගේ පළාතේ ඉඩම් ගැටළු තිබෙන අය සමග සාකච්චා කරලා ඒවා විසඳලා පාර හදන්න උදව් කරන එක මිස පාරේ වැඩිවෙලා කාලේ කන එක නෙවෙයි. මේවා නිකන් ගැලරිය චූන් කරන වැඩ. (අ)
ඔය මන්ත්‍රීතුමාගෙ පියා අපේ රටේ අගමැතිකම පවා කලා ඒත් තමන්ගෙ ගමට යන පාරවත් හදල දුන්නෙ නැහැ. ඒකට අන්න අපේ ජනාධිපති තුමා. වාහන නැතත් හම්බන්තොටට ලේන් හයේ පාරක් හදල දුන්න. (අ)
අසරණ වෙන්නේ අහිංසක මිනිස්සුයි (දී)
විදුර සහ රත්නසිරි කියන්නනේ දේශපාලනය නිසා තමන්ගේ දේපල නැති කර ගත්ත පිය පුතු දෙන්නෙක් ඒ දෙන්නට ඡන්දෙ දෙන්නේ පක්ෂේ නිසා නෙවෙයි පුද්ගලයින්ට මමත් අතුලු අපි හැමෝම මොහුට ඡන්දෙ දෙන්නේ එක නිසයි එතුමා සහ එතුමාගේ පියා වන රත්නසිරි ගැන දන්නේ නැත්නම් හොරණ ඕනෑම කෙනෙකු ගෙන් අහන්න.ඒ දෙන්න මේ රටේ ඉන්නාවූ අනිකුත් දේශ පාලුවන්ට අති ගරු තුමා ඇතුළු හැමෝටම ආදර්ශයක්. (අ)
සේරටම කලින් බලන්න ඕන පාරේ ඉතුරු කිලෝමීටර් 20කම මිනිස්සු තමන්ගේ ඉඩම් ලබාදීලා මීටර් 200කට විතරක් ඉඩම් ලබා නොදුන් කෙනා කව්ද කියල.. එත් ඔය විදුරගේ පියාගේ ගෙදරම තමයි..ඒ කියන්නේ රත්නසිරි වික්රමනයක මහට්ටයේ ගෙදර.. නඩුයි,බඩුයි දෙකම හමුදුරුවොන්ගෙ (අ)
ඔය උද්ඝෝෂණය කරන මන්ත්‍රීතුමාගේ මහා ගෙදරට අයිති ඉඩම තමයි පාර හදන්න පවර ගන්න නොදුන්නේ. එකට ඉතින් කාටවත් බැනලා වැඩක් නැ.බනින්න ඕන ඔය ලජ්ජා නැතුව පාර මැද ඉදන් උද්ඝෝෂණය කරන මන්ත්‍රීතුමටම තමයි (අ)
කාට කියන්නද මේවා? (නි)
රොහාන් ඉපදුනේ අද ඊයේ වගෙයිනේ කතාව (නි)
ඕක අපට පෙනෙන පැත්තනේ. නොපෙනෙන පැත්තකුත් තියෙනවා. මේ සිද්ධියෙන්ම ඔප්පු වෙනවා පාරවල් හැදුවේ ජනතාව වෙනුවෙන් නොවෙයි කියලා. (නි)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මේ ප්‍රශ්නය ඉහළට ගෙනිහින් විසඳන්න පුළුවන් නේද? (නි)
කසුන් ,සුමුදු ඒකත් එහෙමද.......? (දී)
විදුර මන්ත්‍රීතුමත් එතන ඉන්නවනේ? (නි)
මේ පුවතේ වටිනාකම වැඩිකර ගන්න තිබුන මන්ත්‍රී තුමාගේ අදහසුත් විමසලා පුවත සමබර කළානම්. සමහර අදහස් නිසා පුවතේ සම බර බව ගිලිහිලා වාගේ පෙනෙන්නේ. කෙසේ වෙතත් මා දන්නා තරමින් මේ මන්ත්‍රී තුමා වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලකයන් අතරින් අඩුපාඩු අඩුයි කියා කිව හැකි, මෙන්ම දෑස්, දෙසවන් පිරිසිදුබව මොහුගේ භාවිතාවේ ලක්ෂණයක් බව විශ්වාස කළ හැකිය. " නිවැරදි කෙනෙක් මෙදියත උපදනේ නැත" මෙය සුභාශිතයකි. දේශපාලකයෙකුගේ අඩුපාඩු වැරදි කප්පරකට තිබිය හැකිය. එහෙත් ඔහුගේ යහ ගුණයක් ද අනිවාර්යයෙන්ම තිබේ. අප කළ යුත්තේ එම යහ ගුණය පළමුව අගය කර තමන් රිසිනම් සනාථ කළ හැකි අවගුණ ගැන පසුව කතා කළ හැක. අවාසනාවට අප පටන් ගන්නේ පළමුව වලිගයෙන් අල්ලා ගැනීමෙනි. සනාතන සිංහල සංස්කෘතියේ හර පද්ධතීන් ගේ සෝදාපාළුව නොනැවතී අන්තර් ජාල වේගයෙන් ඉදිරියට ගමන් කරයි. තම සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරය සහ වටාපිටාව තම දිවි දෙවෙනි කොට රැක ගැනීමට අනවරත වූ වෙහෙසකර මෙහෙවරක නියලී සිටින "මීමුරේ" කන්‍යා ගම්මානයේ දිවි ගෙවන අහිංසක දරු පවුල් 243 ගැන මෙහි සඳහන් කිරීම ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි ඉහළම ගෞරවයකි. (අ)
මන්ත්‍රී විදුරට ජය වේවා! (නි)
ඔක්කොම පාරවල් එක පාර හදන්න බැහැ පොඩ්ඩක් ඉවසන්න (දී)
වික්‍රමනායකලා කවදත් හිටියේ ජනතාවගේ පැත්තෙනේ (නි)