IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බෑග් දාරයේ හැට ලක්ෂයක රන්

රුපියල් ලක්ෂ හැටක්  වටිනා රත්තරන් කූරු හයක්  රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි  ඉන්දියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කළ රේගුව එම රත්තරන් කූරු හය රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරික්ෂනය  නියෝජ්‍ය  රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් අද  සිදු කළේය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු මෙම රත්තරන් කූරු හය ඔහුගේ ගමන් මල්ලේ දාර ඇතුලට දමා තිබූ බවයි.

අත් අඩංගුවට ගනු ලැබූ රන් කූරු වල බර කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් එකසිය අනූ හතරක් විය.

සැකකරු අද  උදෑසන ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව් 255 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කර  ඔහුව  රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යකෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදු කලහ.




අදහස් (0)

බෑග් දාරයේ හැට ලක්ෂයක රන්

මහී Thursday, 24 October 2013 12:05 AM

අර සීනි ඇමති වගේ රේගු ඇමති කෙනෙක් දැම්මොත් හොඳ නැද්ද? (නි)

:       0       0

ලාල් Thursday, 24 October 2013 01:56 AM

ගුනේ රේගුවත් ඉවර වෙන යෝජනාවක්නේ කරලා තියෙන්නෙ (නි)

:       0       0

උපාලි ගුණසේකර Thursday, 24 October 2013 05:25 AM

හිත මිතුරු ධර්මේ ඇතුළු රේගු මිතුරන්ට මගේ උණුසුම් සුබ පැතුම්!!! (නි)

:       0       0

කුමුදු ඉතාලිය Wednesday, 23 October 2013 05:29 PM

අධෝ මාර්ගයේ රන් හොරෙන් ගෙනයාමට පසුව නවතම ක්‍රමයක් නැවත ඉන්දියානු සංචාරකයන්ගෙන් ඇවිල්ලා වගෙයි. මොවුන් මෙහි එන්නේ සංචාරය සඳහා නොව අපේ ජාතික සම්පත් හොරෙන් ගෙන යෑමට වෙන්න පුළුවන්. ඉතා දක්ෂ රේගු නිලධාරින්ට පින්සිදු වන්නට කොටසක් හෝ අපට නැවත ලැබෙනවා. රේගු නිලධාරින්ට බොහෝම ස්තුතියි (නි)

:       0       0

ජානි Wednesday, 23 October 2013 05:55 PM

මේගොල්ලෝ තමයි ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය දක්වන සංඛ්‍යාලේඛන වලට ඇතුළත් අය. (නි)

:       0       0

සදුන් කුමාර Thursday, 24 October 2013 07:22 AM

රත්තරන් කූරු අල්ලලා වැඩක් නැහැ. ඇයි ඒවා ගෙන්නන තැන් අල්ලන්නේ නැත්තේ. මේ අල්ලපු අයගෙන් ප්‍රශ්ණ කළා නම් හරිනේ? (නදී)

:       0       0

චන්ද්‍ර වනිගසේකර Thursday, 24 October 2013 01:41 PM

මොවුන්ගෙන් ප්‍රශ්න කර මේ වංචාවේ සුල මුල සොයාගත යුතුයි (නි)

:       0       0

ගුණේ Wednesday, 23 October 2013 07:02 PM

මේ රේගුවෙන් රජයට කොයිතරම් ආදායමක් ලැබෙනවද? නරකද රේගු ඇමතිකෙනෙක් පත් කළොත්? (නි)

:       0       0

ගයාන් Thursday, 24 October 2013 09:28 AM

රාජ සන්තක කරන ඒවට මොකද වෙන්නේ (නදී)

:       0       0

ඩීසීඩී Wednesday, 23 October 2013 07:33 PM

ගුණේ හදන්නෙ රේගුවත් නැතිකරන්නද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 23 October 2013 07:36 PM

මේවා හදන්නේ කොහෙද, ගන්නේ කාගෙන්ද කියා සොයා බලා, ඔවුන්ගේ කූට රන් ව්‍යාපාර රාජසන්තක කළ යුතුමයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 23 October 2013 07:50 PM

ඔය අල්ලා ගන්නා රත්තරන් ටොන් ගාණට මොකද වෙන්නේ? (නි)

:       0       0

රත්නසිරි Wednesday, 23 October 2013 07:53 PM

මොවුන්ට සංචාරක වීසා දීම නතර කළ යුතුය. මේවාට උපකාර කරණ අයත් අතඩංගුවට ගතයුතුයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site