පිළියන්දල බෝකුන්දර කොමර්ෂල් බැංකු ශාඛාව කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
අංක තහඩු නැති යතුරුපැදියකින් ෆුල්ෆේස් හෙල්මට් දමා ආ බව කියන කොල්ලකරුවන් අහසට වෙඩි තබා රුපියල් ලක්ෂ 10 ක් පමණ බැංකුවෙන් කොල්ලකා පලා යන්නට ඇතැයි පොලිසිය කියයි.
ටී 56 ගිනි අවි රැගෙන පැමිණි මොවුන් බැංකුවේ ඉදිරිපස වීදුරුවට වෙඩි තබා ඇතැයිද එක් ආරක්ෂකයකුට පහර දී ඇතැයිද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම විශ්වාසද මේක කළේ ෆුල්ෆේස් දාගෙන කියලා?(නි)
ලංකාවේ එක්තරා රූපවාහිනී නාලිකාවක ටෙලි නාට්‍යයක ලස්සනට පෙන්වනවා බැංකු ,රත්තරන් සාප්පු කොල්ලකන හැටි. ඒවා බැලුවහම ඒ විදියට කරන්න කොල්ලෝ පෙළඹෙනවා (නි)
කැමරා තිබුනාට වැඩක් නැහැ ඒක නිතර බලන්න ඕනෑ. (නි)
දැන් ඉතින් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න (නි)
ආශ්චර්යයනේ මේ....! (නි)
මම හිතන්නේ කොත්තමල්ලි, කහ ගන්න සල්ලි මදිවෙලා බැංකු එන්න ඇති. (නදී)
මට හිතෙන විදියට එකම කල්ලියක් මහරගම, හෝමාගම, පිළියන්දල, බණ්ඩාරගම වගේ ප්‍රදේශවල සංවිදනාත්මකව කොල්ලකෑම් කරනවා. පසුගිය දවස් වල මේ ප්‍රදේශ වල මේ වගේ සිදුවීම් උනා. මේ හැම දර්ශනයකම තියෙන්නේ එකම විදියට මේ අය මංකොල්ල කෑම් කරන බව. පොලිසිය මීට වැඩිය මේ ගැන අධ්‍යනය කරොත් මේ අයව අල්ලගන්න පුළුවන් වේවි මම හිතන්නේ. (නදී)
සමාජය මෙහෙම හැසිරෙන්න කාරණාව රජයත් වග කියන්න ඕනා. ග්‍රාම නිලදාරී දැනගන්න ඕනා තරුණ තරුණියන් හොද දේවල්වලට යොදවලා ගමේ අයට යමක් ගමට කරන්න රජයෙන් ආදාර අරන් මුදල් වෙන්කර සමාජයට රටට හොද දේවල් කරන්න (නදී)
කෝ මේ බැංකුවල අයට තුවක්කු? රජයේ බැංකු වලට හොරු එන්න බයයි. මොකද ඒවායේ තුවක්කු 2, 3ක් තියනවා (නි)
ඇයි අපි තවමත් නවීන ආරක්ෂක උපක්‍රම මෙවැනි ස්ථාන වලට යොදා නොගන්නේ? (නි)
හිස් වැසුම් දා ගෙන ව්‍යාපාරික ස්ථාන වලට විශේෂයෙන් බැංකුවලට ඇතුල් වෙන්න ආරක්ෂක නිලධාරීන් ඉඩ නොදිය යුතුයි (අ)
ජීවන වියදමට ගැලපෙන වැඩක්ද (නදී)
මීට ටික දවසකට කලින් ෆිනෑන්ස් කොම්පැනි එකක් කොල්ල කන්න හදපු අයම වෙන්න බැරිද (අ)
ඉස්සෙල්ලා කිව්වා මේ වගේ දේවල් උනේ අනිත් ආණ්ඩුව එක්ක. දැන් මේ වගේ දේවල් කොහොමද වෙන්නේ ? (නදී)
ඉතින් තවමත් මේ වගේ මිනිස්සු ආරක්ෂා කල උදවියට දඬුවමක් ලැබුනේ නැහැනේ නිරුප. ඒගොල්ලන් ඔක්කොම හොඳ බබාලා වෙලා. ගෝලයෝ හෙන්චය්යෝ සුපුරුදු වැඩේ දිගටම කරගෙන යනවා. ඇයි ඉතින් බොස් ලාට කිසි ප්‍රශ්නයක් වුනේ නැහැනේ. (නදී)
ජේ වී පි එකට කියන්න. ගාන ටිකක් වැඩි කරල පැමිණිල්ලක් හදල දේවි. (නදී)
මේවට තමයි යහ පාලනය කියන්නේ. තියෙන තැනින් නැති තැනට දීම (නදී)
හොරු ළඟ ටී56 නවීන ගිනිඅවි. බැංකුවෙ ආරක්ෂකයින් ළඟ පොල්ලක්වත් නෑහැ. බැංකු ආරක්ෂකයින්ට නවීන අවි ලබාදිය යුතුයි. ෆුල්ෆේස් තහනම් කිරීම විසඳුම නොවෙයි. (නි)
අපි හිතුවේ යහපාලනය යටතේ මෙව්වා නැති වෙයි කියල (අ)
අයියෝ ලක්ෂ 10 ගන්නද මේ ටි 56 අරන් ඇවිල තියෙන්නෙ... මට පෙන්නේ ෆුල්ල් ෆේස් හෙල්මට් තහනම් කරන්න කරපු වැඩක් වගේ ....... (ස)
ළමයෙක් දුර දුවන්විට කරදරක් වුණා කියල දුර දිවීමේ ඉසව්ව පාසල් වලින් ඉවත් කරන්න යන කලේ මෙච්චර මංකොල්ල කන ෆුල්ල් ෆේස් හෙල්මට් තහනම් කරන්න බැරි මොකද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක් (අ)
මේක ලිච්චවි රජ තුමාගේ සරදියෙල් බජට් එකෙන් ලැබෙන සහන මල්ල ගන්න ක්‍රමය. (අ)