IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බක්මාසය පුරාම එංගලන්තයට අවුරුදු

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ කලා සහ සංස්කෘතික සංවිධාන ඉදිරිපත් කරන සිංහල සහ දෙමල අවුරුදු උත්සව බ්‍රිතාන්‍යයේ සියලුම ප්‍රධාන නඟරවලදී අප්‍රේල් මාසයේ සෑම සති අන්තයකම පැවැත්විමටයි.

මෙහි මුලාරම්භය වුයේ පසුගියදා ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ජනහඬ පදනම මඟින් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබූ බක්මහ සැණකෙලියයි.

මෙවර බක්මහ සැණකෙළිය පැවැත්වුනේ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බෝගොඩ සිලවිමල නාහිමියන්ල එම විහාරවාසී පුජ්‍ය කෝන්වැවේ අරිය රතන හිමියන්ලහවුන්ස්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ශීමා මල්හොත්‍රාල නගරාධිපති හා නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

උත්සවය සඳහා ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතිකයි විශාල පිරිසක්ද සහභාගී වුහ.

දහවල් 2 කේ සිට එලෙමහනේ සම්ප්‍රදායික අවුරුදු කෙලි සෙල්ලම් සහ තරඟ සහ සවස 6 හේ සිට ශ්‍රී ලාංකික නර්තන අංගයන්ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශනයක් පැවැත්විණි.

ජනහඬ පදනම ප්‍රජා කොමිටිය විසින් දසවනි වරටත් සංවිධාන කරන ලද මෙවර අවුරුදු උළෙල පිලිගනිමින් සභාව ඇමතූ සභාපති ශ්‍රී ලාල් ඩයස්  වසර10 ක් තිස්සේ තමන් ඇතුලු ජනහඬ පදනම ප්‍රජා කොමිටි සමාජිකයින් පිරිස උත්සාහ ගන්නේ විදෙස් ගතව සිටියත් අපගේ සංස්කෘතික ගති සිරිත් පිළිබඳව අපගේ අනාගත පරපුරට කිසියම් අවබෝධයක් ලබාදී එ පිලිබඳ උනන්දුවක් ඇතිකිරීම බව කිවේය. එමන්ම  සියලුම දෙනා එක්ව කටයුතු කරන මෙවන් ජාතික වැදගත් කමක් ගෙන දෙන උත්සව පැවත්වීමෙන් ජාතින් අතරේ සමගියක් ඇතිකිරීමට අවස්තාවක් උදාවන බවද ඔහු මෙහිදී පැවසීය.  පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශීමා මල්හොත්ත්‍රි ජගිත් ශර්මා ඇතුලු නගර සභා මන්ත්‍රීවරුන් රැසක් ඇතුලු නිතීඥ සූරියා සමරසේකර ද කෘතවේදී අදහස් දක්වා  සිටියේය.

ජනහඬ පදනම විසින් සංවිධානය කරන ලද මෙම 10 වනි අලුත් අවුරුදු උළෙලෙහි සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුන අතර එහා ඉදිරිපත් කලේ සංජීව හා ලිලානි පෙරෙරා  ඇතුලු  ලන්ඩනයේ වෙසෙන දක්ෂ සංගීත  ශිල්පීන් රැසකගේ මුලිකත්වයෙනි.



අදහස් (0)

බක්මාසය පුරාම එංගලන්තයට අවුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site