කිසියම් පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳුදා (18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
බුකීකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් මුදලට තරග පාවා දීමට පෙළඹවීමට උත්සාහ කර ඇති බවට එම ක්‍රීඩකයන් දෙදෙනා පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පවත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එෆ්සීඅයිඩියට කළ පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් ප්‍රකාශ ලබාගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් පසුගිය 12 වැනිදා එහි කැඳවා තිබිණි. පැය තුනකට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ආයතනයේ කසල ශෝධක කම්කරුවාගෙනුත් මොනවා හරි දැනගන්න ක්‍රමයක් නැතිවෙයිද? (ම)
ලංකාවේත් බුකිකරුවන් ඉන්නවාද? නොදන්නා නිසයි අහන්නේ (නි)
පිටිගල, තාම තේරෙන්නේ නැද්ද, හොරු හොරු කියලා ඡන්දෙ කාලේ සද්දේ දැම්මේ කරුණු ඇතුව නෙමෙයි කියලා. අවුරුද්දක් තිස්සේ මොනවාහරි පටළවන්න පුලුවන්ද කියලා බලනවා. ඒත් හරියන්නේ නැහැ. (නි)
වැඩ ගොඩගහගෙන පටලවා ගන්නේ නැතුව මුලින්ම ජාතික ධනය හොරකම් කළ හොරු අල්ලා දඬුවම් කර මේ වැඩ පටන්ගන්න. (නි)
මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන ආඩම්බරයි (නි)