කිසියම් පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳුදා (18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
බුකීකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් මුදලට තරග පාවා දීමට පෙළඹවීමට උත්සාහ කර ඇති බවට එම ක්‍රීඩකයන් දෙදෙනා පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පවත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එෆ්සීඅයිඩියට කළ පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් ප්‍රකාශ ලබාගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් පසුගිය 12 වැනිදා එහි කැඳවා තිබිණි. පැය තුනකට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුකීකරුවෝ පරදිති ?
සේනක Friday, 15 January 2016 11:25 AM
ක්‍රිකට් ආයතනයේ කසල ශෝධක කම්කරුවාගෙනුත් මොනවා හරි දැනගන්න ක්‍රමයක් නැතිවෙයිද? (ම)
සමන්ති Friday, 15 January 2016 02:56 PM
ලංකාවේත් බුකිකරුවන් ඉන්නවාද? නොදන්නා නිසයි අහන්නේ (නි)
දහම් Friday, 15 January 2016 03:21 PM
පිටිගල, තාම තේරෙන්නේ නැද්ද, හොරු හොරු කියලා ඡන්දෙ කාලේ සද්දේ දැම්මේ කරුණු ඇතුව නෙමෙයි කියලා. අවුරුද්දක් තිස්සේ මොනවාහරි පටළවන්න පුලුවන්ද කියලා බලනවා. ඒත් හරියන්නේ නැහැ. (නි)
පිටිගල මිලානෝ Friday, 15 January 2016 08:56 AM
වැඩ ගොඩගහගෙන පටලවා ගන්නේ නැතුව මුලින්ම ජාතික ධනය හොරකම් කළ හොරු අල්ලා දඬුවම් කර මේ වැඩ පටන්ගන්න. (නි)
ටෙරන්ස් Friday, 15 January 2016 07:11 PM
මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන ආඩම්බරයි (නි)