අද වැඩ වර්ජනයක් ඇරඹූ බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
බැංකු සේවකයන් 2000 ක් පමණ මාර්ගය හරස් කරමින් විරෝධයේ නියුතු වීම හේතුවෙන් කොටුව ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය ඇන හිට ඇතැයි කියති.
බදුල්ල නගරයේද බැංකු වසා දමා තිබූ අතර ගනුදෙනු කටයුතු සඳහා පැමිණි ජනතාව මහත් අපහසුතාවයට පත්ව ආපසු හැරී ගිය බව කියති.
වැඩ වර්ජනය සාර්ථක වූ බව වර්ජකයෝ කියති. එහෙත් මුදල් අමාත්‍යංශය කියනුයේ බැංකු කටයුතු කිසිදු ප්‍රශ්නයකින් තොරව සිදුවූ බවයි.
(ඡායාරූප - ජී.ප්‍රසංග)
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජනය කරන්න අයිතියක් නම් තියනවා තමයි. මේවා එකපාරටම වෙනස් කරන්න පුළුවන් ඒවා නෙමෙයි නේද ? (ර)
මහජනතාවට එරෙහි වන ස්ථාන වල උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කළ යුතුය (ම)
රවී එක තමයි කට්ටිය කලින් ඡන්ද වලදී උඩ පැනලා ඡන්දෙ දුන්නේ. හැබැයි එයාලගේ ඡන්දෙ ගන්න බොරු කියන්න හොඳයි උද්ගෝෂණ කරනකොට නරකයි නේද.? (ර)
මේ වැඩ නිසා කී දෙනෙක් අසරණ වෙනවද?(හේ)
ජය වේවා (ම)
මොනතරම් නම් රස්තියාදුවක් වුණාද අපි? (නි)
විජයබාහු වගේ අය කියන දේවල් නෙමෙයි, රවී තමයි හරියටම හරි. (නි)
රජයේ සේවකයෝ රජයේ රස්සාවල් වල යෙදෙන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පමණි. ලංකාව දියුණු කිරීමට නම් මේවා රජය පුද්ගලිකකරණය කළ යුතුයි. එවිට මේ මිනිස්සු රටට සේවයක් වෙන විදියට රැකියාව කරනු ඇත. (ම)
දැන් රජයට බඩු මිල අඩුකරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මමත් බැංකු සේවකයෙක්. අපිට විශ්‍රාම වැටුප නැති වුනත් කමක් නැහැ බඩු මිල අඩු කරලා (බ)
හරිම වැදගත් නේද? (ම)
අද පාර්ලිමේන්තු ප්‍රකාශයත් අගයක් නැතිවෙලා (ම)
මෙයාලට මෙහෙම නම් දුප්පත් ගොවි ජනතාවයි, රැකියා නොමැති අයයි ඇවිල්ලා කොළඹ කොටුව උලා කන්න වෙයි (බ)
මේ අය ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන මෙහෙම කරන එක නරක නැද්ද? (බ)
පිටකොටුවේ මුට්ට කර ගහන නාට්ටාමි මහතුන් ටික වැඩ වැරුවොත් රටේම කොයි කොයි මහතුනුත් මහා පාරේය (බ)
බැංකු කිහිපයකම සේවකයන් එළියට බැස්සා. සපෝර්ට් එක දුන්නු බැංකු කළමනාකාරිත්වයට තේරුණා තමන්ගේ ආයතන වලට එන අවදානම. ඒ වුනත් අපිට නිවාඩු තහනම් කළේ අපේ ඉහළ කළමනාකාරිත්වයයි. අපි බලාගෙන ඉන්නේ කාගේ හරි පිහිටෙන් වැඩේ වෙනවට. (බ)
දැන් එතකොට මෙතන උද්ඝෝෂණය කරන්නේ බඩු මිල අඩු කරන්න කියලද ? (බ)
ඔය ඔක්කොමලගේ ඉල්ලීම් දෙයි වගේ.!!! අපිවගේ අහිංසක ජනතාවට තමයි පිළිසරණක් නැත්තේ...!!! (බ)
රජයේ සේවකයෝ රජයේ රස්සාවල් වල යෙදෙන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පමණි. ලංකාව දියුණු කිරීමට නම් මේවා රජය පුද්ගලිකකරණය කළ යුතුයි. එවිට මේ මිනිස්සු රටට සේවයක් වෙන විදියට රැකියාව කරනු ඇත. (ම)
ඔතන ඉන්න ඔක්කොම බැංකුවල වැඩ කරන අයද කියල බලන්න ඕනේ? ශාන්ත හරි, රට හදන්නේ කොහොමද ඉතින් (ම)
මමත් රජයේ සේවකයෙක්. නමුත් මම ඉගෙනෙගෙන තියෙන ආර්ථික විද්‍යාව අනුව මෙලෙස හැමදේටම සහනාදාර දෙන්න බැහැ. දැනටමත් රජයේ වියදම ආදායමට වඩා ගොඩක් වැඩි. අපි ටිකක් දුක් වින්දොත් අපේ ළමයින්ට හොද කලක් යාවි. නැති වුණොත් අපේ ආර්ථිකයත් ඉවරයි. අපිත් ඉවරයි අපේ ළමයිනුත් ඉවරයි.....(ම)
රජයේ සේවකයෝ කියන්නේ කවදාවත් රටක් ගැන හිතන ජාතියක් නම් නෙමේ තමුන්ගේ බඩ ගෙන විතරයි ...............ඔය තරම් නිකන් ඉන්න කොටසක් රටේ නැතුව ඇති......... (ම)
ශාන්ත බැංකු සේවකයො වර්ජනය කරන්නේ ඒ අයට වාසි ගන්න නෙමෙයි. බැංකු කර්මාන්තයේ ආදායම් උත්පාදන මාර්ග ඔක්කොම මේ අයවැයෙන් විනාශ කරල ඒ අයට විදේශ මුදල් පිළිබඳ අයිතියත් නැති කරලා (ම)
බැංකු සේවකයන් හරි තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙළ ගැසීම ගැන සතුටු වෙනවා. සමහර නායකන් වගේ සුළු ලාභයක් වෙනුවෙන් අද පවත්වන්න තිබ්බ උද්ඝෝෂණය නවත්වන් නැතිව. මෙතන දේශපාලනය නෙමේ තියෙන්නේ ජීවත්වීමේ අරගලය. (ම)
පොදුවේ හැමෝම එකතුවෙලා බඩු මිල අඩු කිරීම ගැන කතා කරනවානම් හරිනේ එක් එක් කෙනාගේ ඉල්ලීම් ගැන කතා කරන්නේ නැතුව. (ම)
රාජ්‍ය බැංකු පුද්ගලිකරණය (ම)
බැංකු වල පැවැත්ම සදහා වන යම් යම් කාරණා මේ අයවැය නිසා අභියෝගයට ලක් වෙලා තියනවා. බැංකු පද්ධතිය වැටෙනවා කියන්නේ බදු මිල ගැන කතා කරන්න දෙයක් නෑ. (ම)
අනේ කොහොමහරි වැඩි පොළියට චීනයෙන්වත් ණයගෙන මේ අය ඉල්ලන දේවල් දෙන්න . (නි)
ජයවේවා සහෝදර වරුනි...ජයග්‍රහණය තෙක් පෙරට..(ම)
රාජපක්ෂ රජයෙන් බොහෝ ඉල්ලිම් ලැබිල තියනවා වගේ (ම)
බැංකු සේවකයන්ට ජය වේවා! (නි)
මම මාස 06ක් ලංකා බැංකුවේ වැඩ කරා. කැම්පස් යනකම් ලංකාවේ රජයේ බැංකු සේවකයන් ගේ තරම මට හොදටම තේරුණා. ඇත්තටම කියන්න ලැජ්ජයි . 95% පඩි ගන්නේ නිකම් ඉඳල. අපි වැඩක් ඉක්මනට ඉවර කලොත් බනිනවා. ඔයාලට පිස්සුද මේක දවස් 03ක් වත් කරන්න ඕනේ වැඩක් කියලා.අතිකාල දීමනා ගන්න කොම්පියුටර් වල ගේම් ගහ ගහ ඉන්නවා පැය ගණන්. දේශපාලනය කතා කිරීම, ඉස්කෝලවලින් ළමයින්ව ගේන්න යාම, සේල් පොළවල් වලට යාම තමයි මුලිකම දේ .ඇත්තටම වැඩක් කරන්නේ උසස් පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙක් විතරයි.අපිට ඉගන ගන්න තිබ්බේ අලසකම. පින් පඩි ගැනීම, හොරකම දුෂණය වගේ දේවල්. ඉතින් මම එතනින් අයින් වෙලා පෞද්ගලික ආයතනයක වැඩට ගියා (මාස 03ක් විතරයි යන්න උනේ). මට හිතා ගන්න බැරි උනා. කාර්යක්ෂම තාවය, සේවකයින්ගේ, නිලධාරීන්ගේ උනදුව කැපවීම මාස 03ට මොන තරම් දේවල් මම ඉගන ගත්තද ? විලිලජ්ජියි මහත් වරුනි නෝනා වරුනි, ඔබ සියලු දෙනා ගැන. (ස)
හෙට්ටිඅරචි -ලන්දොන් , නිකං බොරුවට ජයවේවා කියන්න එපා. මෙතන තිබ්බේ තනිකර දේශපාලන කුමන්ත්‍රණයක්. මොවුනට වරප්‍රසාද විතරයි බලපොරොත්තු වෙන්නේ. වැඩ නැත. (ස)
දිලුම් දන්නා දෙයක් කතා කරන්න නොදන්නා දේට කට දාන්නේ නැතුව. අපිත් ඕවගේ වැඩ කරා."බැංකු කර්මාන්තයේ" දියුණුවට ඔය ගොල්ල කරන හරිය ඔයා දන්නවා නම් ඔයා වහ බොනවා. (ස)
ජය වේවා. (ස)
තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙළ ගැසීම ගැන සතුටු වෙනවා නමුත් සාමාන්‍ය ජන ජිවිතයට අවහිර කරමින් මාර්ග වසමින් කරන මේ වර්ජනයට අපගේ බලවත් විරෝධය.(ම)
ජයවේවා සහෝදර වරුනි...ජයග්‍රහණය තෙක් පෙරට..(ම)
මෝඩ අයවැයක් නිසා රට පස්සට යනවා වගේ. (ස)
මෙම රජයේ බැංකු සියල්ලම පුද්ගලික අංශයට දියයුතුයි කියා මට සිතෙනවා. (නි)
අද ගෙදර ගිහින් ඉවරයි. (ර)
ශාන්ත ඔබ 100%ක් ම හරි මොකද මම ඔය බැංකුවක වැඩ කලා. (ර)
උද්ඝෝෂණ පැවැත්වීම ගාලු මුවදොරට රැගෙන ගියා නම් ඉවරයි මොකද කොටුව දුම්රිය පොළ අසල වාහන තදබදයට මුහුණ දෙන්නේ ජනතාව මේ නිසා (ම)
බඩු මිල දැනෙන්න අඩුකරා නම් ඔය මොන ප්‍රශ්නයක් වත් නැහැ. මම හිතන්නේ ඔය පටන් ගැන්ම. (ම)
දවසක් කොටුවේ වර්ජනයක් කරනකොට අහළ පහළ බැංකුවල වැඩකරන කට්ටියකට වෙලාවට යන්න ගිය ගමනක් යන්න බැරිවෙලා ලොකු දෝස්මුරයක් ඇහුනා. එතකොට අද අපහසුතාවයට ඒ අය මොකද කියන්නේ? තමන් කරනකොට හොඳයි අනුන් කරනකොට නරකයිද? (නි)