පුත්තලම - වනාතවිල්ලුව රෙඩිබානා ප්‍රදේශයේ කඩොලාන අක්කර 10 – 15 වැනසී යැයි අසල ඉස්සන් ගොවිපොළක අයිතිකරුවකු සහ හා සහයකයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය කියයි.
කළපු ධීවරයින් වානාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති ඩග්ලස් ඉන්දික සේනාධීර මහාතාට කළ පැමිණිල්ලකට අනුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ වනාතවිල්ලුව පොලීසිය සහ වන නිලධාරිහු පරීක්ෂණ කළහ.
කඩොලාන වනය එලිකොට ඉස්සන් පොකුණක් හදමින් සිටි බැකෝ යන්ත්‍රයක්ද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබිණි.
රෝවන් පෙරේරා
එච් සී චන්දන









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විසින් පරිසරය රකියි නම් පරිසරය විසින් අපව රකියි තේමාව පිලිබද අවබෝධයක් නැති අයගේ අසත් පුරුෂ කටයුත්තකි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නීතිය ඔස්සේ නිසි දඩුවම් ලැබේවායි යන්න මාගේ අදහසයි (නදී)
දැන් ඉතින් ඔතනට කෙල හලන උන්දලා කොච්චර නම් බලන් ඇත්ද ඔය ස්ථානය ලබාගන්න. (නදී)
දේශපාලන හස්තියක් උපදෙස් දුන්නද දන්නෙ නැහැ. ඔය වගේ වැඩ බාරගන්න බැකෝ එකක් දෙකක් රාජසන්තක කරා නම් තත්වය යම්කිසි තරමකට පාලනය වේවි. (නදී)
වනාතවිල්ලුව පොලීසිය සහ වන නිලධාරිහු මොන පරීක්ෂණ කලත් අර 'ඉහලින් එන නියෝග' ආවම ඔක්කොම ඉවරයි. (නදී)
දැඩි දඬුවම් දෙන්න. (ස)
අපේ හමුදාව සුළුජාතීන්ට ගෙවල් හදනවා. එයාල කැළෑව වනසනවා. මෙතන මොන කොමලියෝ ගැනද මේ කියන්නේ? මේක සංවිධානාත්මකව කෙරීගෙන යන රට අල්ලා ගැනීමක්. අපේ එක ආණ්ඩුවක්වත් මුකුත් කරන්නේ නැහැ . උදවු ගන්න ඕනේ නිසා. මිනිස්සු කතාකරන්න ඕනේ මේවා ගැනයි. අලුත් පාලකයෝ ආවේ නැත්නම් වෙන දේ ගැන හිතන්න? (ස)
ඕක නවත්තන්න කාටවත් බැහැ, හෙට ඕක අයෙත් පටන් ගන්නවා. ඔය පරීක්ෂණ වලට අපේ ජනතාව තවමත් රැවටෙනවා. නිකම් ටෙලි නාට්‍ය වගේ. මම දන්නා කසිප්පු මුදලාලි කෙනෙක් ඉන්නවා පොලිසියත් එක්ක ගිවිසුමකට ඇවිත් බිස්නස් එක කරන්නේ.මාසෙකට නඩු දෙකක් තුනක් දෙන්න ඕන පොලිසියට, ඒ කියන්නේ වැටලීම් කරන බව රටට පෙන්නන්න. බිස්නස් එක ජයටම කරනවා. පොලිසියෙනුත් අල්ලනවා. නඩු දානවා. දඩ ගහනවා,අල්ලාගෙන ජීප් එකේ දා ගෙන යනවා. එනවා.මිනිස්සු කසිප්පු බොනවා, ලෙඩ වෙනවා, බීල ගෙදර ඇවිත් ගැනිට ළමයින්ට ගහනවා, මහා රෑ ගෑනියි ළමයිනුයි පාරේ දුවනවා, වලන් බිඳිනවා, කුණුහරුප කියනවා, පොලිසියෙන් කසිප්පු අල්ලනවා. ඒ උනාට මේක අර ජල චක්කරේ වගෙයි. නවතින්නේ නැහැ.හැමදාම එකම වෙනවා. නවත්තන්න පොලිසියටත් බැහැ.මිනිස්සුන්ටත් බැහැ. (ස)
මෙහෙමත් හිතක් පපුවක් නැති මිනිස්සුත් ඉන්නවනේ! (නි)
වීරා, කට! කට!! දෙයක් වේ නම් සුදුස්සාටම අයිති වී ඇත. නැත පවුල් බර,බදු බර, ජීවනබර...මේ කේතුමතී නුවරයි (නි)
හිතට පුදුම දුකයි (නි)
මේ වගේ මිනිසුන් මරණීය දණ්ඩනයට යටත් කළයුතුයි (නි)
දැන් ඉතින් බැකෝ යන්ත්‍රයට විරුද්ධව නඩු දමන්න වෙයි. කවුරු හරි තප්පුලන කෙනෙක්ගේ වැඩක්නේ. (නදී)
වනාත විල්ලවේ එකට නම් සෑහෙන පිරිසක් ඇවිල්ලා තියනවා. ප්‍රීතියි, ප්‍රීතියි ඒත් අර අක්කර ගානක් විනාශ කරලා කොලනි හදපු එකට යන්න තරම් ඔවුන් අත් අඩංගුවට ගන්න බලවත් මහත්තයෙක් නැති එක ගැන නම් කණගාටුයි. (නදී)