ගාල්ල වැකුණගොඩ අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී උඩරට මැණිකේ දුම්රියේ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් එහි ගිය එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුල්කැර ඇතිය පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ද අසාධ්‍ය තත්ත්වයේ පසුවෙතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කණපිට දැන් ..උඩරට මෙනිකේ ගාලු යනවා ..රුහුණු කුමාරි නුවර යනවා ..තිසා හාමි ඉන්නේ ගාල්ලේ රේල් පාර අයිනේ ..ශාන් කියනවා දුම්රිය පාරේ නවත්තන් ඉන්නවට දඩ ගහන්නේ නෙහෙලු ...මට නම් පිස්සු වගේ ..
කොමෙන්ට් දාන වැඩි දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්ණෙ කෝච්චියෙ නම. නොසැලකිලිමත් කම නිසා කොහෙ හරි දුප්පත් මිනිහෙක් මිය ගිහින්,තව තුන් දෙනෙක් මරුවා එක්ක සටනක.මොන මැණිකෙ උනත් නොසැලකිලිමත් උනොත් අසරණ වෙන්නෙ දරු පවුල. මේ විනාඩි එක හමාරක දෙකක සුළු කාලය ඉවසන්න බැරි කමින් මේ වගෙ විනාශ කීයක් උනාද....:-(
යකෝ... උඩරට මැණිකේ කොහෙද ගාලු යන්නේ ............
රටේ නීතියක් නැති නිසා තමයි මේ ඔක්කොම. කෝච්චි හැටට හැටේ යනවා. පොලිසිය දැක්කෙ නෑ වගේ ඉන්නවා. ඇයි අහින්සක රියදුරන්ට විතරක් දඩ ගහන්නෙ?
අයියො ශාන්! සෞදියෙ මිනිස්සු හරියට හරක් මස් කනවලු...... ඔන්න පරිස්සමෙන් හොඳේ??
රත්තියා ඔයාට අමු කැවිල ද.....?මොකද මං කිව්වෙ බොරුද.....?පාරේ වාහන නවත්තලා රියදුරු බලපත්‍ර පරීක්ශා කරනවා...මේ කෝච්චි පදින අයගේ බලපත්‍ර පරීක්ශා කරන්නෙ කව්ද.....?පොලීසියෙ කෙනෙක් වාහනේකට අත දැම්මම ඒක නවත්වනවා...එත් දුම් රිය රියදුරන් එහෙම නවත්වනවද....?දුම් රිය රියදුරන්ට විනයක් නෑ....අනික පාර මැද වාහනයක් නවත්වන් හිටියම දුවල ඇවිත් දඩ කොලයක් දීල යනවා පොලිස් මහත්තුරු. ඒත් දුම් රිය පාර මැද නවත්වන් ඉන්නවා කව්ද ඒවට දඩ කොල දෙන්නේ......
උඩරට මැණිකේ පීලි පැනල,,,,,,,,,,,,
ඔක්කොම පිස්සෝ?
මම නම් මේවගේ අනතුරක් දැකපු පලවෙනි වතාව ඒ නිසා මට අදහසක් නැහැ
@ ශාන් .. කොලුවෝ ..නරකද උබ ඔහෙට වෙලා ඔටුවෙක් බලාගෙන හිටියොත් ?
දැන් හැමෝටම පැත්ත මරුවෙනකොට නොතේරෙන රේල්ලුවට පැත්ත මාරුවෙන එක අහන්න දෙයක්ද ..
ඔව් නේද ශාන්. කොච්චි හැටට හැටේ යනවා. වැරදි පැත්තෙන් යනවා, වැඩිපුර සෙනග පටෝගෙන යනවා, සිග්නල් දාන්නේ නැතුව නවත්තනවා, වැරදි ගොඩයි නේද . මේ ලංකාවේ ඉන්න අපිට තේරෙන්නේ නෑනේ සෞදි ඉන්න උඹට තේරෙන දේවල්.
මැණිකේ දුම්රියේ ගැටීමෙන් කරාපිටිය රෝහලට ඇතුල්කැර ඇතිය පොලීසිය පවසයි
පව් මියගිය අයට නිවන්සුව!! අපේ සම(හරක් ) ෆන් එක ගන්නේ මේවගේ ඒවාට අදහස් දක්වලා. මෝඩ හැතිකරේ ලංකාව එක තැන මුන් හින්දා
උඩරට මැණිකේ අනචරේ හැසිරෙනවා වගේ
දර්ශන, දාන්නකෝ පහක්.....
පව් මියගිය අයට නිවන්සුව!!
කෝච්චිය ගස් බදින්න ඕන !!!
කෝ අපේ ආචාර්යතුමා වෙනදට ගොඩාක් දානවා.
දර්ශන ඔබ බුද්ධිමත්.......
මේක වුනේ ගල්ලේද නැතිනම් නුවරද . උඩරට මැණිකේ ගාල්ල ගියේ මොකටද ?
උඩරට මෑණිකෙ දෑන් ගාලු යනවද?
ලක්මාල්, උඩරට මැණිකේ ගියේ පහතරට මැණිකේ හම්බ වෙන්න
කෙල්ලන්ගේ නම් ඇයි කොච්චි වලට දාන්නේ කියලා දන්නවද?
මැණිකෙට මම කිවුවනේ ඔය ඕනේනැති ගමන් යන්න එපා කියලා
ඉස්සර උඩරට මැනිකෙ ගියෙ බදුල්ලට. දැන් ගාලුත් යනවද? ඔක්කොම අච්චාරු වෙලා වගේ...
අනේ අනේ හැමෝම හිතන්නේ ලංකාවෙ හැම කෝච්චියක්ම උඩරට මැණිකෙ කියල වෙන්නැති
උඩරට මැනිකෙ නෙමේ..... ගාල්ලෙන් 2.45 ට නුවර යන දුම් රිය... බැකෝ එකේ 4 දෙනෙක් ගිහින්. එක්කෙනෙක් එලියට පැනලා කකුල කැඩිලා බේරිලා... අනිත් තුන් දෙනාම මිය ගිහින් කියලා තමයි එතන නම් කතා උනේ.....වැඩ කර කර ඉදලා තේ බොන්න එතන කඩේකට ගිහින් එන ගමන් වෙලා තියෙන්නේ...මේක උන තැන ලොකු වංගුවක් තියෙනවා රේල් පාරේ. ගේට්ටුවක් තිබුනට ඒක භාර දීපු කෙනෙක් නෑ. ස්වේච්චාවෙන්ම මේ ගේට්ටුව වහන කෙනත් මේ වෙලාවෙ මෙතන ඉදලා නෑ....
දකුණු පැත්තෙ වෙන අමුතු අමුතු දේවල් බලන්න හිතුනද දන්නෑ මැණිකෙට
දකුණු පැත්තෙ වෙන අමුතු අමුතු දේවල් බලන්න හිතුනද දන්නෑ මැණිකෙට
උඩරට මැණිකේ කොහෙද ගාල්ලේ ගියේ?
හා මේ අපේ ෆෝමලීන් ලක්මාල් නේද......? ඇපල් වලට ෆොර්මලීන් දානවනම් උඩරට මැනිකෙ ගාල්ලෙ ගියාම මොකද.....?
එකෙක් මැරිලත් මේ බුරුවො ටික හොයන්නේ මැණිකේ ගෑනි ට්‍රෙන් එකේ ගියේ කොහෙද කියල . මොන රටේ මිනිස්සුද .....?
අනේ මන්දන්නේ නැ ... හැමදාම අනතුරු .... එපා වෙනෙවා ... පාරේ යන්නෙත් බයයි ...
තාරපාර වහල දානවද රේල්පාර වහල දානවද නැත්නම් දෙකම සමබරව පවත්වාගෙන යනවද ඔබට බරයි
තුවාල සිද්ධ වුන අයට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. මම අද ගාල්ලේ ඉඳල කෝච්චියේ එනකොට මේ බැකෝ එක දැක්ක. මෙතන ඔය කියන තරම් ලොකු වංගුවක් නෑ. නමුත් ඔය හරියේ තියන ගොඩක් දුම්රිය හරස් මාර්ග හරිම අනාරක්ෂිතයි. ගොඩක් පාසල් ළමයි පවා කෝච්චි පාර දිගේ තමයි යන්නේ. පහුගිය අවුරුදු 15-20 කාලය ඇතුලත ඔය ප්‍රදේශයේ මාරක දුම්රිය හරස් මාර්ග අනතුරු ගණනාවක් සිද්ධ වුණා. නමුත් තවමත් කිසිම විධිමත් වැඩ පිළිවෙලක් යොදල නෑ ගේට්ටු හරියාකාරව ක්‍රියාත්මක කරන්න. රැකියා විරහිත තරුණයෝ ඕනේ තරම් ඒ ප්‍රදේශයේ ඉන්නවා මේ සඳහා සහභාගී කර ගන්න පුළුවන්. බෝපේ ප්‍රදේශ වැසියෙක්
මං හිතන්නෙ ඔය කෝච්චිය සෙන්කඩගල මැණිකේ වෙන්න ඇති. මිනිස්සු සිහියෙන් සහ ඉවසීමෙන් යනවනම් ගේට්ටු අත්‍යවශ්‍ය නැහැ නේද? දානව නම් ඉතින් ස්වයන්ක්‍රීය ගේට්ටු තමයි. ගේට්ටු කරුවො දැම්මට ලොකු පඩියක් ගෙවන්න බැරුව ඇතිනෙ.
පව් ඉතින් දරු පුලක් අනාතයි ,තුවාල කරු වන්ට ඉක්මන් සුව පතමි
සොරි මෙයා, උඩරට මැනිකේ නොවෙයි. මේ කෝච්චියට නමක් නෑ. හැබැයි යන්නේ නම් නුවර තමයි.