හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ජාතික සංවර්ධන බැංකු ගිණුම් දෙකක් පිරික්සීමට ඇයට හා ඇයගේ පරිගණක විශේෂඥයන් පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අවසර දුන්නේය.
වත්කම් හෙළි නොකළැයි ඇයට විරුද්ධව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් නියෝග කළේ ඔවුනට ඇතැම් ලියැවිලි වල පිටපත් ගැනීමේ අවසර නැති බවයි.
ඇගේ නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ද ඊට එකඟ විය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු ගිණුම් දෙකක් පිරික්සීමට ශිරාණිට අවසර
තිලක් Wednesday, 21 May 2014 09:48 AM
මේ මහ පොළොවේ පයගහලා ජීවත් නොවුණු සමහර චරිත මහ පොළොවට බැස්සහම තමයි කට්ටියට මේ රටේ සාමාන්‍ය මිනිස්සු කියලා කොටසක් ඉන්න බව මතක් වෙන්නේ. (නි)
සේන Wednesday, 21 May 2014 10:30 AM
අපේ රටේ බුද්ධිමත් මහජන මතයක් ඇති කරන්න කාටවත් උවමනාවක් නැහැ.(දිල්)
අල්විස් Wednesday, 21 May 2014 10:43 AM
මහජනයාට මේවා වැදගත් තොරතුරු නොවෙයි. මේකට ඒ තරම් අදහස් පලනොවිමෙන්ම ඒ බව පෙනෙනවා. (ස)
මධුභාෂිනී Tuesday, 20 May 2014 07:56 PM
අපේ ගම්වල ජනතාවට මේවා ගැන සැළකිල්ලකුත් අවබෝධයකුත් නැහැ. කෙසේ හෝ මෙවැනි නඩු මුල් කාලයේදී නගරය තුළ ආන්දෝලනාත්මක බවකින් යුතු වුණත් දැන් එය ගමට වගේම නගරයටත් අවධානය යොමුකළ යුතු තත්ත්වයට පත්ව ඇත. රට තුළ බෙදීම් කැළඹිලි ඇති නොවී මේවා විසඳිම සාමය පතන කාගේත් පැතුමය. (නි)
තිලක් Tuesday, 20 May 2014 08:21 PM
විනිසුරු පදවිය වගේම අගවිනිසුරු පදවියත් ජනතාවට සංවේදී තනතුරු නෙමෙයි.මේ චරිත දිහා මොන සිදුවීමකදිවත් සානුකම්පිතව බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට පුරුදුත් නැහැ ඔවුන්ට අවශ්‍යත් නැහැ. (නි)
චතුරංග Tuesday, 20 May 2014 08:44 PM
ගම්වල මිනිස්සුත් මේවා ගැන නොදන්නවාම නෙමෙයි, දන්නවා. මිනිස්සු මේවා ගැන කතා කළා කියලා මොනවා කරන්නද? (නි)
ගිහාන් Tuesday, 20 May 2014 09:45 PM
හුඟක් .ගම්වල සමහර මිනිස්සු මේවා පත්තරවලින් කියෙවුවාට මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒ මිනිස්සු මේවා ගැන හිතන්නෙත් නැහැ. මම මේ කිවුවේ අත්දැකීමෙන්. (ස)
කැනඩා දිසා Wednesday, 21 May 2014 08:26 AM
මොන මද ගැහුවත් හෙට අනිද්දට මහජන මතයට කන් දෙන්න සිද්ද වෙනවමයි ...සත්‍ය..නම්.. සත්‍යමයි. (ස)