
(එම්.සුසිල් පියන්ත)
තමාට විරුද්ධව පොලීසියට ඔත්තු දුන්නේ යැයි කියමින් කුඩු ජාවාරම්කරුවකු කුරුඳුකාර්මිකයකුගේ කට තියුණු ආයුදයකින් කපා තිබියදී ඊයේ (15) පස්වරුවේදී රෝහල් ගත කිරීමට සිදුවූ බව කරන්දෙණිය පොලීසිය කියයි.
මේ සිදුවීම කරන්දෙණිය එගොඩවෙල මහ පාරේදී සිදුව ඇතැයි පොලිසිය කියයි. තියුණු ආයුද ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මත් කුඩු සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු ලබාදුන්නේ යැයි කියමින් තම හිතවතකු වූ කුරුඳුකාර්මිකයාගේ කට පිහියකින් කපා ඇති බවත් පොලීසිය කියයි.
පොලීසියට ඔත්තු දුන් නිසා තමා මත් කුඩුත් එක්ක පොලීසියට හසුව සිරබත් කෑමට සිදූවූවා යයි උරණවී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
කට කැපූ සැකකරු මත් කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබාගෙන ගමට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd