(යොහාන් භාසුර)
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිස් ස්ථාන තුළදී මියයාම සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් පුරවැසි සංවිධානය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.
පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් එසේ මියයාම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට කර ඇති නිර්දේශ අනුගමනය නොකිරීමෙන් යැයි පුරවැසි සංවිධානයේ කැදවුම්කරු රවීන්ද්‍රන් නිශ්ශංකර් පැවසීය.
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාල පැමිණිල්ල සිදුකිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවීන්ද්‍රන් නිශ්ශංකර් මෙසේ පැවසීය.
පසුගිය වසර පහක කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් පනහකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත් පොලිස් නිලධාරීන්ගේ කෘෘර වද හංසන හා සැකකරුවන්ගේ අයිතිවාසිකම් වලට විරුද්ධව පොලිසිය කටයුතු කිරීම නිසා මෙම මරණ සිදුව ඇති බවද ඔහු කියා සිටියේය.
ආසන්නම උදාහරණය ලෙස හෝමාගම මූලස්ථාන පොලිසයේදී සැකකරුවකු මිය යාම පෙන්වා දිය හැකි බවත් අදාල මරණය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, අපරාධ අංශ ස්ථානාධීපති, දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධීපති සහ පොලිස් සිරමැදිරිය බාර උපසේවක නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
බී ශ්‍රේණියේ පොලිසියක් වන වනාතවිල්ලුව පොලිසියේ ස්තානාධිපතිව කටයුතු කර ඇති චෝදනා පත්‍රද ලැබී ඇති නිලධාරියෙකු පොලිස්පතිවරයාගේ පුද්ගලික හිතවත්කම මත හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත්කර තිබෙන බවද පැමිණිළි කළ බව කී ඒ මහතා එම නිලධාරියා මෙම තනතුරට නුසුදුසු බවට හෝමාගම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාස අටකට පෙර දැනුම් දී තිබුණත් පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද සඳහන් කළේය.
වත්මන් පොලිස්පතිවරයා දේශපාලන උවමනාවන් ඉටු කරමින් සිටින බවට පොලිසියේ නිලධාරින්ගේද මතය වී ඇති බවද පෙන්වා දෙන මෙම සංවිධානය ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ ක්‍රියාතමක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කිරීම හා එලෙස ක්‍රියා නොකිරීම ගැන විමර්ශනයක් ඉල්ලා සිටින බව ද වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd