IMG-LOGO

පොලිස්පති නෙරපන හැටි කතානායක මැතිසබයට කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැති සභා ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු කර ඇති හෙයින්  ඔහු නෙරපීමට ගෙන එන යෝජනා සම්මතයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළුමන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පක්ෂව ඡන්දය දුනහොත්  එම පනතේ 18 වගන්තිය ප්‍රකාරව ඔහු අප්‍රමාදව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය.

නිලධාරියන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත අනුව ඔහු තනතුරින් ඉවත් කිරීමේ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවද  කථානායකවරයා  ප්‍රකාශ කළේය.

යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර සම්පූර්ණ දින පහක් ගත වූ පසු එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන බවද ඔහු සඳහන් කළේය.



අදහස් (4)

පොලිස්පති නෙරපන හැටි කතානායක මැතිසබයට කියයි

අරවින්ද මොණරවිල Wednesday, 23 July 2025 02:37 PM

අනිවාර්යයෙන්ම පන්නලා දාන්න ඕනෑ... ඊට පස්සේ නඩු පිට නඩු වැටෙයි. කරලා තියෙන අපරාධ සුළුපටු නැහැ...

:       8       28

Subha Wednesday, 23 July 2025 03:31 PM

නිකම් ගොනෙක් වගේ තමන්ගේ නායක වස්සෝ කියන දේ මෙතැන දෙසන්න එපා. මේ කරන්නේ රූකඩයක් පොලිස්පති කරගන්න. පච ආණ්ඩුව ෆේල්.

:       17       6

පොඩිඑකා Wednesday, 23 July 2025 04:17 PM

යෝගා, ගුණරත්න ඇතුළු ලොන්ඩරියන් වෙතයි. මේ ඔහුට ඔබලාගේ සහය අවශ්‍යම වේලාවයි. මෙහි බොරුවට ලොර්‍න්ඩරි කමෙන්ට් කොට කොට ඉන්නේ නැතිව වහාම ගොස් ඔහුට පිහිටවන්න.

:       7       6

පන්සිළු Wednesday, 23 July 2025 06:25 PM

එක එක්කෙනාට ඕන පඹයෙක් ගෙනැවිත් කැමති කැමති කෙනාට විරුද්ධව සහ ජනතා මර්දනය ට තමයි මේ සූදානම....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 91 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site