(කේ. බුද්ධික කුමාරසිරි)

අභ්‍යාස පොත්වලට පනවා තිබූ වැට් බදු ඉවත් කිරීමට රජය තීරණය කිරීම නිසා  දෙසැම්බර් 01 දින සිට  අභ්‍යාස පොත් මිල 18 % කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම කරුණු අනාවරණය කළ අතර එහිදී වැඩි දුරටත් මෙසේ කීය.

පොත්පත් සඳහා පනවා තිබූ 18% ක වැට් බදු ඉවත් කරන බව ජනාධිපතිවරයා ඊයේ (12) දින 2027 අයවැය ඉදිරිපත් කරමින් සදහන් කිරීම බෙහෙවින් අගය කරනවා.

එම තීන්දුව කවදා සිට ක්‍රියාත්මක වන්නේද යන්න පැහැදිලි නෑ. නමුත් එළඹෙන දෙසැම්බර් මස 01 දින සිටම අභ්‍යාස පොත් ඇතුළු පොත්පත් වල මිල ගණන් 18 % කින් අඩු කිරීමට තම සංගමය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව වඩාත් සරලව ප්‍රකාශ කරන්නේ නම් රු. 10000.00 ක පොත් ලැයිස්තුවක් මිලදී ගැනීමේදී රු. 2000.00 කට ආසන්න මුදලක් මෙම තීරණය හේතුවෙන් පාරිභෝගිකයාට වාසියක් අත් වෙනවා.