(අංජුල මහික වීරරත්න)
පුත්තලම මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2019 වර්ෂයේදී 'ඒ' වර්ගයේ මූලික රෝහල් කාණ්ඩයට උසස් කර ඇති පුත්තලම මූලික රෝහල මේ වන විට වයඹ පළාත් සභාව මඟින් පාලනය කරනු ලබන අතර, ඒ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 ක වාසය කරන මිලියන 4ක් පමණ වූ ජනකාවට සෞඛ්‍ය සේවා සපයනු ලබයි.
අක්කර 13 ක භුමි ප්‍රමාණයක පිහිටි ගොඩනැගිලි 52 ක් තුළ ස්ථාපිත එම රෝහලේ වත්මන් ඇඳන් සංඛ්‍යාව 746කි. ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සේවාවන් 04ක් ද, බාහිර රෝගී සත්කාර සේවා, රෝග විනිශ්චය සේවා, හදිසි අනතුරු හා හදිසි සත්කාර සේවා පහසුකම්, නේවාසික රෝගීන් සඳහා පහසුකම් සහ අනෙකුත් සහායක සේවා එම රෝහල විසින් සපයනු ලබයි. එහෙත්, එම රෝහල මේ දක්වා 'ඒ' වර්ගයේ මූලික රෝහලක් ලෙස සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවේ. රෝහලේ භූගෝලීය පිහිටීම අනුව අධික වැසි සහිත කාල වලදී රෝහලේ වාට්ටු ගංවතුර අවදානමට ලක් වන අතර, බාහිර රෝගී අංශය, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ අනෙකුත් ඒකක සඳහා රෝහලේ පවතින ඉඩ කඩ ප්‍රමාණවත් නොවන බව දනිරීක්ෂණය කර ඇත.
ඒ අනුව, 'ඒ' වර්ගයේ මූලික රෝහලක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා වන අවශ්‍යතා මතපදනම්ව 2025 වසරේදී සකස් කර ඇති ප්‍රධාන රෝහල් සංවර්ධන සැලැස්මට අනුකූලව පුත්තලම මූලික රෝහල තෘතීයික සත්කාර මට්ටම දක්වා සංවර්ධනය කිරීම පිණිස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව මත එම රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලම රෝහල සංවර්ධනය කරලා ගත්තා නම් ආණ්ඩුවටත් හොදයි.
රටේ සමස්ත රෝහල් පද්ධතියම දියුණු කරන්න ඕනෑ.
සෞඛ්‍ය සේවා සදහා නිසි ප්‍රතිපාදන අවශ්‍යයි...
පුත්තලම අපිටත් හරිහමං රෝහලක් නැහැ. මේක තමයි තියෙන්නේ. රජය හරි මැදිහත් වෙලා සංවර්ධනය කරනවා නම් හොදයි.
සෑම දිස්ත්‍රික්කයකම හොද අංගසම්පූර්ණ රෝහල් හදන්න.