(ගයාන් සුරියආරච්චි)

කහටරුප්ප පොලිසියේ ප්‍රධාන ආරක්ෂක දොරටුවේ රාජකාරියේ සිටියදී රාත්‍රී රාජකාරී බාර නිලධාරියාට වෙඩි තබා මරණ බවට තර්ජනය කර පාලන අංශයේ පැදුරක් බිම එලා නිදාගත් බව කියන එම පොලිසියේ කොස්තාපල්වරයකු  අත්අඩංගුවට ගත් බව බදුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

වැඩ තහනමට ලක්වූ කොස්තාපල්වරයා ප්‍රධාන ආරක්ෂක දොරටුවේ රාජකාරියේ යොදවා සිටියදී ඉන් ඉවත්වී තනිකඩ භට නිවාසයේ නිල ඇදුම් ගලවා දමා කොට සරමක් ඇද සිටියදී එදින රාත්‍රී රාජකාරි බාර පොලිස් සැරයන්වරයා ඒ පිලිබදව පොලිස් කොස්තාපල්වරයාගෙන් විමසා ඇති බව පොලිසිය කියයි.

එහිදී කොස්තාපල්වරයා කෝපයෙන් බැනවැදී වෙඩි තබා මරා දමන බවට පවසා පාලන අංශයට පැමිණ පැදුරක් බිම එලා නිදාගෙන ඇති බව පොලිස් විමර්ශවලදී අනාවරණය වි ඇත.

ඒ අනුව රාජකාරි බාර පොලිසි සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් පොතේ සටහනක් යෙදීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයා   පොලිස් සැරයන්වරයාගෙන් එම සටහන් යෙදීම සම්බ න්ධයෙන් විමසා සැරයන්වරයාගේ බෙල්ලට පහරදී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.