IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පිළියන්දර- මහරගම පාර අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

මහරගම - පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2000 සිට කිලෝමීටර 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කිලෝමීටර 46 ප්‍රමාණයකින් යුත් ජාතික මාර්ග වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 50ක අරමුදල් සපයා ගැනීම පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹ ඇත. එම ණය මුදල යටතේ වන අවසන් ව්‍යාපෘතිය වශයෙන් කිලෝමීටර 6.7 කින් යුත් මහරගම - පිළියන්දල මාර්ගය හඳුනාගනු ලැබ තිබේ.

එම මාර්ගයේ එක් කිලෝමීටරයක ප්‍රමාණයක් දැනටමත් වැඩි දියුණු කර ඇති අතර, ඉතිරි කිලෝමීටර 5.7 ක ප්‍රමාණය පැකේජ 03 ක් යටතේ වැඩි දියුණු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, A සහ C කොටස් වල කිලෝමීටර 04 ක ප්‍රමාණයක වැඩිදියුණු කිරීමේ කටයුතු ණය මුදලේ ප්‍රතිපාදන යටතේ දැනටමත් ආරම්භ කර තිබේ. B කොටස වන ඉතිරි කිලෝ මීටර 1.7 ක ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා එකී ණය මුදලේ අරමුදල් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. එබැවින්, මහරගම - පිළියන්දල මාර්ගයේ B කොටසේ කිලෝ මීටර 1.7 ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් අලුත්වැඩියා කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

පිළියන්දර- මහරගම පාර අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 47 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site