(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකාවේ ප්‍රධාන දේපළ සංවර්ධන සමාගම් දෙකක් මහල් නිවාස විකුණීමට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව පත්‍රවල දැන්වීම් පළ කර තිබෙන හෙයින් මෙම දැන්වීම් පළකිරීම නවත්වන ලෙස එම සමාගම් වලට දැනුම් දී ඇති බවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට ගත නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.

වරාය නගරයේ නීති සම්මත වෙන්නෙ පාර්ලිමේන්තුවේ. වරාය නගර කොමිෂන් සභාවට පාර්ලිමේන්තුවේ බලතල ගන්න බෑ. අපි දැනටමත් ඒ කම්පැනි වලට දැන්වීම් නවත්වන්න නියෝග කරල තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට අත්පත් කරගන්න බෑ.