(එම්.සුසිල් පියන්ත)

ආරක්ෂක අංශ මග හරිමින් විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ රත්ගම පිහිටි රුපියල් කෝටි 15 ක් පමණ වටිනා දේපල අද (23) තහනම් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි.

මෙසේ වත්කම් පවරාගත් අපරාද කල්ලි නායකයා දැනට විදෙස්ගතව සිටින රත්ගම පදේශයේ පදිංචිව සිටි අයෙක් බවත් එම විමර්ශන ඒකකය කියයි.

මේ අපරාද කල්ලි නායකයා විසින් ඔහුගේ මවගේ නමින් මිලදීගෙන ඇති බවද එම විමර්ශන ඒකකය කියයි.

රත්ගම, දේවිනිගොඩ පර්චස් 13.72 ක ඉදිකර ඇති රුපියල් කෝටි 06 ක් පමණ වටිනා තෙමල් ගොඩනැගිල්ල සහිත ඉඩම,  රුපියල් කෝටි 4.5 ක් පමණ වටිනා අඩක් නිම කරන ලද තෙමහල් ගොඩනැගිල්ල සහිත පර්චස් 9.10 ක ඉඩම , පර්චස් 12.33 ක රුපියල් කෝටි 2.5 ක් පමණ වටිනා ඉඩම සහ  රුපියල් කෝටි 02 ක් පමණ වටිනා ඉඩමක් මෙසේ තහනම් කළ දේපොළ අතර තිබෙන බවද පොලීසිය කියයි.