
(එම්.දසනායක)
පාතහේවාහැට පස්ගම රජමහා විහාරයට අයත් දහම් පාසල් ගොඩනැගිල්ල පිහිටි භූමිය නායයාමේ තර්ජනයට ලක්වීම හේතුවෙන් එහි ස්ථාපිත කර තිබූ සුරක්ෂා කඳවුරේ පිරිසක් ඉවත්කර මාරස්සන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වෙත මාරුකර යැවීමට අද(11දා) පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඔළුවාවත්ත ග්‍රාම නිලධාරී වසමේ උඩුමුල්ල ගම්මානයේ පදිංචිව සිටි නායයාමෙන් අවතැන්වූ පනහක(50) පමණ පිරිසක් මෙලෙස ආරක්ෂාකාරීව ඉවත් කර මාරස්සන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අළුතින් ස්ථාපිත කරන ලද සුරක්ෂා කඳවුර වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබේ
විහාරස්ථානයට අයත් දහම් පාසල් ගොඩනැගිල්ලේ කොටසක් හා එහි භූමියම ඉරිතලා පැති බැම්මේ කොටසක් ගිලාබැසීමට ලක්ව තිබෙන බව විහාරවාසී හිමිවරුන් සඳහන් කරති.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ හා භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් ඉදිරියේ දී එම විහාරස්ථානයේ හා අවට ප්‍රදේශයේ භූමිය පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසුව නායයාමේ අවදානම පිළිබඳව ඉදිරි නිර්දේශ ලබාදීමට නියමිත බව විහාරවාසී හිමිවරුන් වැඩිදුරටත් සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාතහේවාහැට සුරක්ෂා කඳවුරේ පිරිසක් වෙනත් කඳවුරකට මාරු කරයි