
(එම්.දසනායක)
පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපති ධූරය හෙබවූ කේ.එස්.බී.රාජනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද එම සභාවේ ලේකම්වරියට භාරදුන්නේය.
සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදුණු රාජනායක මහතා පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය පාතහේවාහැට කොට්ඨාශ වැඩි ප්රමාණයක් ජයග්රහණය කළත් බහුතර බලයක් හිමි නොවීමත් සමග සමගි ජන බලවේගය හා සර්වජන බලය එක්ව එම සභාවේ බලය පිහිටවනු ලැබීය.
පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපති ධූරය සමගි ජන බලවේගය හා උප සභාපති ධූරය සර්වජන බලය විසින් හෙබවූ නමුත් සභාපති වරයා අත්තනෝමතික පාලනයක් සිදුකරන බව පවසමින් සර්වජන බලය පක්ෂය නියෝජනය කළ උප සභාපතිවරයා මීට සති කිහිපයකට පෙර උපවාසයක් පවා සිදු කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd