(මනෝප්‍රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
අභියාචනාධිකරණය තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇති විශේෂ අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 13 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විශේෂ අභියාවත පෙත්සම සලකා බැලිණී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රේමලාල් ජයසේකර නිදහස් කිරීමට එරෙහි නීතිපතිගේ පෙත්සම විභාගයට
විපරමා Thursday, 31 July 2025 07:10 PM
දූශිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ කරපුවා. රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබූනේ.. මිනීමරුවන්ට දූෂිත දේශපාලුවන්ට දඬුවම් ලැබිය යුතුමයි. නීතීය කාටත් පොදුයි...
Perera Thursday, 31 July 2025 08:38 PM
නවාස් නඩුව ඇහුවොතින් තීන්දුව හිතාගන්න පුළුවන්...