
(අංජුල මහික වීරරත්න)
ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක මගපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ ආණමඩුවේ පඤ්ඤානන්ද නාහිමියන්ට රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් ආණමඩුව සුදම්පායෙහි පැවති සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අමතමිනි.
නියංගොඩ විජිත සිරි මල්වතු අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන 'නව පුනරුද යුගයක්' කරා රට මෙහෙයවීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී ප්‍රායෝගික ආගමික නායකයින්ගේ මගපෙන්වීම සහ ආශිර්වාදය රජයට ඉතාමත් වටිනා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලගොඩඅත්තේ, බලංගොඩ වගේ පැතිවල ඔය වගේ පරිනත අය ඉන්නවා.