(සුජිත් හේවාජුලිගේ )

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අට   සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්   නිකුත් කර ඇත.

එමෙන්ම කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

ඒ අනුව කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින  ලෙස  එම මධ්‍යස්ථානය  දැනුම් දී ඇත.