ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද ලහි ලහියේ සිදුවෙයි. මැතිවරණ පැවැත්වෙන්නේ, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සහ සෙනෙට් සභාවට නියෝජිතයන් තෝරා ගැනීමටය.

ජනාධිපති ධුරයේ කටයුතු කරන ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. මේ වනවිට ප්‍රසිද්ධියට පත් කළ ප්‍රතිඵල අනුව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියෙන් පසුවෙයි.

ප්‍රසිද්ධියට පත් කළ මැතිවරණ ප්‍රතිඵල අනුව, සෙනෙට් සභාවේදී, ඩිමොක්‍රටික් පක්ෂය ආසන 45 ක් ද, රිපබ්ලිකන් පක්ෂය ආසන 36 ක් ද දිනා ගැනීමට සමත් වී සිටී.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය සඳහා අවශ්‍ය ආසන 218 ක සීමාව කරා ළඟ වීමට තරග වදිමින් ඩිමොක්‍රටික් පක්ෂය ආසන 104 ක් සහ රිපබ්ලිකන් පක්ෂය ආසන 61ක් දිනා සිටී.