(කවීෂා ගරුසිංහ )
පිළිස්සී මිය ගියා යැයි සැක කෙරෙන පුද්ගලයකුගේ සිරුරක් බෙලිඅත්ත වටරක්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයාගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වටරක්ගොඩ බෙලිඅත්තේ පදිංචි වයස අ.වු 60ක් වූ තිලකරත්න පතිරන නැමැති පුද්ගලයෙකි.
ඊයේ (22 ) සවස 119 දුරකථන අංකයට ලැබුණු තොරතුරක් මත බෙලිඅත්ත පොලීසිය පරීක්ෂණ පවත්වා තිබේ.
පොලීසිය ලබා ගත් තොරතුරු අනුව එය සිය දිවි හානිකර ගැනීමක් යැයි පොලීසිය සැක කරයි.
මියගොස් ඇති මෙම පුද්ගලයා එකී නිවසේ තනිව ජීවත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන් නිදහසේ සිටින කාලවලදී මිනීමැරුම් අනන්ත සිදුවෙනවා. උදාහරණයක් හැටියට 1988/89 පෙන්නන්න පුළුවන්...