ගිනි ගොඩකට වැටී මුහුණ දැඩි ලෙස පිළිස්සී ගිය රෝගීයකුට කොළඹ ජාතික රෝහලේදී නාසයක් බද්ධ කිරීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දූලීප් පෙරේරා මහතා සමත් විය.
ජීව පටක සහිත නාසයක් ද ක්‍රියාකාරී ඇස් පිහාටු බද්ධය ද සාර්ථක වු බව ඔහු කියයි.
විදුලි කාර්මිකයකු වු ගිරිවුල්ලේ අමල් ජයසේන (33) මහතාට මෙම සැත්කම සිදු කැරිණි.
කන පිටුපස හමේ කොටස් ඇහි බැමට බද්ධ කැර රුධිර නාල හා ධමනි සම්බන්ධ කළ බවත් සැත්කමට පැය අටක් පමණ ගත වු බවත් වෛද්‍යවරයා පවසයි.
‘පිළිස්සීම නිසා නාස් කුහර පමණක් තිබු රෝගියාගේ ඉල ඇටයකින් නාසයේ කාටිලේජ නිර්මාණය කළා.ඔහුගේ බාහුවෙන් නාසයට අවශ්‍ය සමේ කොටස් ලබා ගත්තා.විශේෂ අන්වීක්ෂයකින් නාසයේ සියුම් ස්නායු බද්ධ කළා.ඉන් පසු රෝගියා හොදින් සිටිනවා.‘
ශල්‍ය වෙද්‍ය ඒකකයේ උප ප්‍රධානී තුෂාන් බෙනරගම ,ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරුන් වන අරුණජිත් අමරසිංහ ,චේලියන් පල්ලවන් සහ වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ සදහා සහය වුහ.
(සංවේදී පින්තූර සහිතයි)
විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා
වෛද්‍ය අරුණජිත් අමරසිංහ
වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෛද්‍යවරු කරන අමන ක්‍රියා මෙවන් දෙවිවරුන්ට නගාවක් ඔබසියලු දෙනාට දීර්ඝායු! (අ)
අගය කියන්න වචන නෑ, (අ)
මෙන්න මිහිපිට දෙවිවරු (නි)
මෙවැනි උතුම් සේවාවන්ට සම්බන්ධ වන සියල්ලන් හට දේශයේ උත්තමාචාරය හිමිවිය යුතුයි. (නි)
වෛද්‍යවරුන්ට මගේ උත්තමාචාරය! (නි)
මොන තරම් අඩුපාඩු තිබුනත් අපේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඒ අඩු පහසුකම් වලිනුත් උපරිම ප්‍රයෝජන අරගෙන ලෙඩුන් සුව කරනවා. ඔබට දීර්ඝායුෂ වේවා! (නි)
අපේ ආදරණීය වෛද්‍ය තුමන්ලා පිට රටකට නම් යන්න එපා. අපි දන්නවා අපේ රටේ ප්‍රශ්ණ තියෙනවා. ඒත් උපන් මව්බිමට සේවය කරන්න ඔබ තුමන්ලාට ගොඩාක් පිං බුදුසරනයි. (නදී)
හොඳ උත්සාහයක්. දෙවියන් වැනි දොස්තරවරු! (නි)
ගොඩක් ස්තුතියි අපේ දෙවිවරු වැනි දොස්තර මහත්වරුන්ට! (නි)
ඔබ සියලු දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා (නදී)
දොස්තරවරුන්ට මගේ ආචාරය! (නි)
මෙන්න මිහිපිට දෙවිවරු! (නි)
මෙන්න දෙවිවරු (නි)
අගනා විශිෂ්ට සේවයක්. ඔබතුමන්ලාට විශාල පිනක්. (නි)
කොළඹ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ඉන්න දොස්තරවරු , හෙදියන් ඔක්කොම නියම දෙවිවරු තමයි. එයාලා හැමදාම එයාලගේ වගකීම ඉහළින්ම කරනවා. මටත් අත්දැකීම් තිබෙන නිසයි එහෙම කිවුවේ. සියල්ලන්ටම බොහොම පින්! (නි)
අපේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. (නි)
ස්තූති කරන්න චවන නැහැ මට (නි)
වචන දෙකක් නැ මුළු හදවතින්ම කළ වැඩක්. අතිවිශිෂ්ට වැඩක්. ආශීර්වාද ගොඩක්. චිරාත් කලක් නුඹලාට ජීවත් වන්නට සොබා දහම පිහිට වේවා. (නදී)
වැඩේ නම් හොඳයි. ඒ උනාට රෝගියාගේ පිරිසිදු කම බැලුවම කනගාටු හිතෙනවා. වෙන රටවල ශල්‍ය කර්මයකින් පසු රෝගීන් ඉතා පිරිසිදුවට තමා තබන්නේ. (නදී)
මිහිපිට දෙවිවරු. (අ)