බස්නාහිර පළාත් දෙවැනි වාර අවසාන විභාගය වෙනුවෙන් පිළියන්දල කලාපයෙන් ලබා දුන් සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍ර ඊට පෙර උපකාරක පන්තියක ඉගැන්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද (16) මොරටුවේ ප්‍රධාන පාසලකට ගොස් විමර්ශන ඇරැඹීය.
පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු කණ්ඩායමක් ද අද (16) පිළියන්දල කලාපයේ පාසල් කිහිපයකට ගොස් සිද්ධිය ගැන සොයා බැලූහ.
වාර විභාගයේ 11 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (17) පැවැත්වීමට නියමිත විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කළින් පිටවීයැයි ලද තොරතුරකට අනුව ප්‍රධාන පෙළේ පාසලක සිසුන්ගෙන් ඒ ගැන විමසද්දී පිළිතුරු ලියාගෙන ආ කොළ ගුරුවරුන් අතට පත් කර ඇත. සිසුන්ගෙන් ඒවා ලබා ගත් ගුරුවරු ඒවා කලාප අධ්‍යාපන අධයක්ෂවරියට හා සෙසු අධ්‍යක්ෂවරුන්ට භාර දුන්හ.
එම පිළිතුරු පත් හෙට (16) පැවැත්වීමට නියමින විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත් සමග සන්සන්ධනය කරද්දී පළමු ප්‍රශ්න 15 පිළිතුරු ඒ ආකාරයෙන්ම ගැලපී තිබිණි. කළාප අධ්‍යක්ෂවරිය උපදෙස් දී ඇත්තේ කිසිදු විභාගයක් අහෝසි නොකර එලෙසම පවත්වන ලෙසයි. ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍රවලද පිළිතුරු පරීක්ෂා කර සිසුනට ලකුණු දෙන්නැයි ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.
පිටවූ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පරීක්ෂා කර ලකුණු ලබා දෙන්නැයි කීම විහිළුවක් බවත්, එය ගුරුවරුන්ගේ කාලය කා දැමීමක් මෙන්ම සිසුනට ද කරන අසාධාරණයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ප්‍රශ්න පත්‍ර පිටවූ බව දැන දැනත් ඒවා යටපත් කරනවා වෙනුවට කළ යුත්තේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේදැයි සොයා බලා නිසි පියවර ගැනීම හා පිටවූ ප්‍රශ්න පත්‍ර නැවැත පැවැත්වීම බව ද ස්ටාලින් මහතා කීවේය.
පිළියන්දල කලාපයේ පාසලක ගුරුවරයකු කීවේ මෙතෙක් පැවැති ප්‍රධාන විෂයන් හතරෙන් තුනකම ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට සිසුන්ගෙන් දැනගත් බවයි.
පසුගිය වසරේ දෙවැනි වාර පරීක්ෂණයේ ද ප්‍රශ්න පත්‍ර රැසක ගැටළු වාර්තා වූ අතර ඇතැම් ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කිරීමට පවා සිදු විය. ආර්යයන් ලංකාවට ආ දුම්රිය මාර්ගය කුමක්දැයි ගිය වසරේ අසා තිබුණේ ද පිළියන්දල කලාපයේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයකය.
මේ ගැන විමසීමට පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයාගේ සිට සෝදුපත් බලා මුද්‍රණය කර ඒවා අදාළ පාසලට ප්‍රවාහනය කරන්න භාරගත් කෙනාගේ දක්වා වෘත්තීය ගරුත්වය කියන දේ නැතිවෙනවා නේද මේ වගේ දේවල් වලින්? මීට කලකට පෙර රජයේ සේවයට සහ අධ්‍යාපන සේවා වලට සම්බන්ධ වුයේ රාජකාරිය දේවකාරිය කරගත් පුද්ගලයන්. අනේ අපි පාසල ගිය කාලයේ බෝම්බ සහ යුද්ධය පැවතුනත් මෙහෙම විභාග වංචා නම් අහන්නවත් තිබුනේ නැහැ. (නි)
මගේ පුද්ගලික අදහස නම් මේ අමතර පන්ති කරන සමහර ගුරුවරුන් ගුරු වෘත්තියට හානිදායක ලෙස කටයුතු කරන බවයි. විභාග වංචාවක් හරි කර දිවයිනේ පළවැනියා වුණා නම් ඔවුන්ට හොඳයි කියන අදහස තමයි මේ පන්තිවල ඉගෙනගන්න දරුවන්ගේ ඔලුවට දාන්නේ. (නි)
මේ විදියට විභාග වංචා සිද්ධ වුණොත් අපේ රටේ විභාග සහතික වලට ජාත්‍යන්තරයේ කිසිම තැනක් නැතුව යාවි. (නි)
අධ්‍යාපනයට වගකිවයුත්තන් මේ දේවල් සොයාබැලිය යුතුයි. දැන් මේ පළමුවරට රටේ සිද්ධ වුණ දෙයක් නෙමෙයිනේ. ඔය සමහරු සතුන්ගේ නම් කියමින් අහළ පහළ අයට බනිමින්, උත්සව වල මුලාසන වලට රණ්ඩු කරමින් ඉන්න වෙලාවේ, තමන් යටතේ ඉන්න උදවිය භාරදුන් වැඩ සම්බන්ධයෙන් මොනවද කරන්නේ කියලා හොයලා බැලුවොත් නරකද? (නි)
දැන් මේවට විරුද්ධව තප්පුලන්නේ නැද්ද කවුරුවත්? (නි)
මහරගම පැත්තේ ගුරුවරයෙක් ගණිතය සහ විද්‍යාව විශේෂ සම්මන්ත්‍රණයක් ලඟකදී පවත්වා තිබෙනවා. (නදී)
නියමයි. නියමයි. ඔහොමම යමුකෝ. (නි)
විභාග සහ අධ්‍යාපන සේවා වලට සම්බන්ධ කර ගත යුත්තේ විභාග වල රහස්‍ය භාවය සුරකින වෘත්තීය ගරුත්වයක් ඇති අයයි. එක එක්කෙනාගේ ඇඳුනුම් කම් මත කටයුතු සිද්ධ වෙනකොට මේවා පත් වෙන්නේ අදාළ වැඩේ කිරීමට සුදුස්සන් අතට නෙවෙයි. දැන් පේනවානේ ප්‍රතිපල (නදී)
නුගේගොඩ පැත්තේ ශිෂ්‍යත්ව පන්තියකත් සැක කටයුතු ඉගැන්වීමක් සිද්ධ වෙලා තියනවා කියල අපේ දුවගේ මිතුරියක් කියපු දෙයකින් තේරුනා. මම අපේ ළමයාට කිව්වා ශිෂ්‍යත්වය අසමත් වුනත් නම්බුයි අවංකව විභාගයට ලියා කියලා. (නදී)
කොහොම උනත් ඔය විද්‍යාව සැහෙන යල් පැනපු දේවල්නේ උගන්වන්නේ. ක්ෂේයේ වසර ගනනාවක් අද්දැකීම් ඇති ගුරුවරයෙකුට ඊලග වසරේ විබාග ප්‍රශ්න 99% කම අනුමාන කරන්න පුළුවන්. අපේ අද්‍යාපනය හා විබාග රටාව මිට වැඩිය වෙනස් කරන්න ඕනේ. (නදී)
අපේ විභාග වල තරගකාරිත්වය මෙයට හේතුවයි. ලංකාවේ විභාග තියන්නේ ළමයව අසමත් කරන්ඩ ඉලක්ක කරගෙන. මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ . මෙහෙ සමහර විභාගවලට පොත් රැගෙන ඇවිත් ලියන්න පුලුවන්. එයාල බලන්නේ ළමයව පාස් කරලා අනාගතය හදා දෙන්න (නදී)
මේ ප්‍රශ්න පත්‍ර හදන්න ඇත්තේ ශීත කාමර වල තප්පුලන අයද දන්නේ නැහැ (නි)
මට පෙනෙන හැටියට මේ ප්‍රශ්න පත්‍ර අර්බුදය හීනෙන් පෙනෙන තරමට භයානක වෙලා. (නි)
ප්‍රශ්න පත්‍ර විෂය කීපයකම පිටවෙලා නම් මේක එම ප්‍රශ්නපත්‍ර හැදූ විෂය භාර ගුරුවරුන්ගේ වරදක් වෙන්න බැහැ. එක්කෝ සෝදුපත් බැලූ, නැත්නම් මුද්‍රණය කළ, එහෙමත් නැත්නම් බෙදාහැරි පාර්ශවයන්ගේ සම්බන්ධයක් ඇති වැඩක් වෙන්නත් පුලුවන් (නි)
මම කලිනුත් කිව්වේ සියලුම විභාග ටියුෂන් පන්ති හරහා පැවැත්තුවොත් ළමයිනුත් ගොඩ රටත් ගොඩ. (නදී)
අශාන් අපේ රට කොහොමද දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය එක්ක තරඟ කරන්නේ ? තාම අපි මෙහෙ ශීත කාමරවල තප්පුලනවා ලුනේ. (නදී)
අධ්‍යාපනයට දෙවියන්ගේම පිහිටයි! (නි)
මුළු අවුරුද්දෙම ලබා ගත් ලකුණු වල සාමාන්‍යය අගය බලා ළමයි සමත් කිරීම ප්‍රන්ශයේත් කෙරෙන්නේ. විභාගය තියෙන දාට ළමය අසනීප වුනාට බය වෙන්ට ඕනේ නැහැ. ලංකාවේ ක්‍රමය වෙනස් කරන්න ඕනා (නදී)
මට නම් හිතෙන්නෙ අධ්‍යක්ෂකවරියගේ සම්බන්ධයක් ඇති කියල මොකද දැන් අධ්‍යාපනය වල පල්ලට ගිහිල්ල නේ. (ස)
ලොකු ටියුෂන් පන්තියකට ප්‍රශ්න සල්ලිවලට ගන්න එක හොඳ ආයෝජනයක්. (නදී)
අධ්‍යාපනයට දෙවි දේවතාවන්ගේම පිහිටයි! (නි)
ඇමතිවරු ප්‍රමාණය අධ්‍යාපනයට ටිකක් වැඩි කරා නම් මේවට විසදුම් හොයාගන්න තිබ්බා (නදී)
අශාන් ගේ පිළිතුරට මම කැමතියි. සමහරක් පුද්ගලික පාසල් දැන් දැන් පොත බලා ප්‍රශ්න පත්‍රයේ කොටසකට ලියන ක්‍රමය අත්හදා බලනවා. රජයේ පාසල් තවම ඉන්නේ ගල් යුගයේ නේ (නදී)
අපේ දරුවන්ට මොනවා වෙයිද? (නි)
අනේ!මේ මොනවද වෙන්නේ? (නි)
මේවා බලා උත්තර ලියන අය කාවද රවටන්න යන්නේ?ලංකාවේ මිනිසුන් උඩ සිට පහළටම යනතුරු කපටි වෙලා. (නි)
මට මතක් වුණා අර ආර්යයන් ලංකාවට ආ දුම්රිය මාර්ගය කුමක්දැයි ඇසූ ප්‍රශ්නය... (නි)