බස්නාහිර පළාත් දෙවැනි වාර පරීක්ෂණය වෙනුවෙන් පිළියන්දල කලාපයේ අද (15) ලබා දුන් 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය ඊට පෙර ටියුෂන් පන්තියක උගන්වා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ගණිතය කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් එම උපකාරක පන්තියේ ඉගැන්වූ බව සුසුහු පවසති.
සඳුදා (14) පැවැති 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය ද උපකාරක පන්තියක උගන්වා තිබීම ගැන පරීක්ෂණයක් ඇරැඹීය.
විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීම සුළුවෙත් තැකිය නොහැකි බවත්, ඉතිරි ප්‍රශ්න පත්‍ර සියල්ල ද එලෙස පිටවී ඇත්නම් විභාගය පැවැත්වීමෙන් පළක් නොවන බවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි කිහිපයක්ම පසුගිය වකවානුවේ වාර්තා වූ බවත් ස්ටාලින් මහතා කීවේය.
මේ ගැන සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසත්, පිළියන්දල කලාපයේ සිටින නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කරන ලෙසත් ගුරු සංගමය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඉල්ලයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක් විමල් ගුණරත්න මහතා පැවසුවේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවයි. ගණිතය ප්‍රශ්න පත්‍රය ද එලෙස පිටවීයැයි තමා නොදන්නා බවත්, ඒ ගැන සොයා බලන බවත් ගුණරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද බන්දුල ඇමතිගෙන් අහන්න කියනවා මිසක් (නදී)
කොච්චර ශෝක්ද අප්පා. ඔක්කොම වාර විබාග පරීක්ෂණ ටියුෂන් පන්තිවලටම කරන්න පැවරුවා නම්නේ හොඳ. (නදී)
මොනවටද ගණන් ඉගෙනගන්න මහන්සි වෙන්නේ? (නි)