එළැඹෙන උත්සව සමයේදී කොල්ලකරුවන්ගෙන්, සොරුන්ගෙන්, වංචාකරුවන්ගෙන් හා තැරැව් කරුවන්ගෙන් පිළියන්දල නගරයට පැමිණෙන ජනතාවගේ මෙන්ම පොලිස් වසමේ පදිංචි ජනතාවගේ ආරක්ෂාව සඳහා කරුණු 14ක් අඩංගු අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහනක් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක විය.
මේ අතර පිළියන්දල රෙදි වෙළඳසලකින් රෙදි සොරකම් කිරීමට ආ කතුන් දෙදෙනකු එහි සීසීටීවී කැමරාවේ සටහන් වී ඇතැයි ද ඔවුන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නේයැයි ද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලිගේ අදහස හරි කියල හිතනවා (බ)
පිළියන්දල ආරක්ෂාව සම්බන්ධව මම සතුටු වෙනවා ඔබ තුමන්ලාගේ වැඩ පිළිවෙළට ස්තුතියි (බ)
මේ රෙදි හෙරකම් කරන්නේ නම් අසරණකමට වෙන්නත් පුලුවන්. මොකද තමන්ගේ දරුවන්ට අවුරුද්දට අලුත් ඇඳුමක් අරගෙන දෙන්න ඔවුන්ට වත්කමක් නැතිවෙන්න පුලුවන් (නි)
සොරකම යනු ශිෂ්ට සමාජය විසින් පිළිකෙව් කරන ලද පහත් ක්‍රියාවකි. ඉන් මැන ගනු ලබන්නේ සොරකම් කරන ලද දේ ඇති මුල්‍යමය වටිනාකමට වඩා එම ක්‍රියාවෙහි ඇති පහත් බවයි .සෑම ආගමකින්ම සොරකම යනු පහත් ක්‍රියාවක් බව උපුටා දක්වයි. (බ)
සාරනාත් සමරකෝන් මහත්තය ඔබ තුමාගේ සේවය අගේ කරමි. (ර)
මේ අහිංසක මිනිසුන් ගෙනාපු රෙදි වල සල්ලි මම දෙන්න සුදානම් කරුණාකරලා කඩේ නොම්බරයත් දෙන්න .අන්ත අහිංසක මිනිස්සු කියල බැලුවම තේරෙනවා හරිම පව් මොකද දන්නා අයනම් සීසීටීවී තියෙද්දී මෙහෙම කරන්නේ නැහැ (බ)