සිගිරියේ පැවති යොවුන් කුමරා තේරීමේ තරගයේදී එහි ප්‍රථම ස්ථානය දිනාගත් තරුණයාට තෙවැනියා ලෙස කිරුළු පැළඳීමට සිදුවිය. ජනපති අගමැති මැති ඇමතිවරුන් මෙන්ම සජීවී රුපවාහිනි විකාශය ඔස්සේ රටම බලා සිටියදී යොවුන් කුමරා ලෙස තේරී පත්වූ එම තරුණයා මෙම වරද පෙන්වා දුන්නේය.
නිවේදකයා සභාවට පැවසු සේ දහස් ගණනක තරුණයන් අතරින් විශේෂ කණ්ඩායමක් යොදවා 2016 යොවුන් කුමරා තෝරාගෙන තිබිණි. එහිදී ප්‍රථම ,දෙවැනි, තෙවැනි තැන් ගත් අයගේ නම්ද කියැවිණි. තුන්වැනියාගේ සිට නම් කියැවිණි. ජාතික තරුණසේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ තුන්වැනියාට හිමි සාටකය තෑගි හා මුදල් පිරිනැමීමයි. නමුත් ඔහු ඒවා ප්‍රථමයාට ලබාදුන්නේය.
තුන්වැනියා ඒ බව කීවේය. එහෙත් ඔහු එය නිවැරදි නොකළේය. යොවුන් කුමරා ලෙස තේරී පත්වූ කොළඹ දිස්තික්කයේ එච් .ජි .පි. නිරෝෂණ ට ජනපති අතින් තෑගී ලැබිණි. ඒ වනවිටත් ඔහුගේ කරේ දමා තිබුණේ තුන්වැනියාගේ ඇති සාටකය යි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එක්කෙනෙක් කුරහන් සාටකයක් දාගෙන ඉන්නවා, ඒක දැකලතමයි (අ)
මිනිස්සුන් අතින් වැරදීම් සිදුවෙන බව ඇත්ත. එ්ක ක්ෂණිකව නිවැරදි කරන්න තරම් දක්ෂතාවයක් හැමෝටම නැහැ. හැබැයි මේ වගේ උසස් නිලධාරීන් මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෑ. (නි)
එ්කවත් කර ගන්න බැහැ. (බ)
මම දැන ගත්තේ පත්තරේ බලලා. සොරි හොදේ (බ)
කොහොමටත් දැන් උඩුයටිකුරු වෙලානේ (බ)
සිහි කල්පනාව ඇති පුද්ගලයෙකුටනම් මෙය වරදින්නේ නැහැ .(ම)
ඔය කියන අයගේ උගත්කම නම් හොඳින්ම පෙනෙනවා. ලැජ්ජයි...! (නි)
සිංහයාෙ දෙන්නත් හිනා වෙන්නේ කිංඩියටම ය.(ම)
තමන්ගේ වරද පිළිගන්න අකමැති මානසිකත්වයක් අපේ අයට තියෙන්නේ (නි)
ලෝක රූ රැජිණට කිරුළ පළඳනකොටත් වැරදීමකින් දෙවෙනියාට කිරුළ පළඳන හැටි මුළු ලෝකයම දැක්කානේ. නමුත් වැරදීම මිනිස් ගතියක් නිසා වහාම වරද පිළිගෙන ඒක නිවැරදි කළා. නමුත් උඩඟුකම ඉහවහා ගිය ලංකාවේ නිලධාරීන් වරදක් වූ බව පිළිගන්නවත්, ඒකට සමාව ඉල්ලා නිවැරදි කරන්නවත් දන්නේ නැහැ (නි)
බලාගෙන යනකොට මේ ආණ්ඩුව කියවනකොට පිස්සු හැදෙන හතරබීරි කතාවක් වගෙයි. (නි)
කලියුග කාලේ කොහොමත් කිරුළු පළඳින්නේ හරි මිනිහා නොවෙයි.(කෞ)
උපුලි ඔබ විශිෂ්ටයි. (බ)
වරක් මම ක්‍රීඩා තරඟයකට සහභාගි වුණා. තරඟ සංවිධායකයෝ මගේ දක්ෂතා ගැන දැනගෙන හිටියේ නැහැ. උස පැනීමේ තරඟයෙන් ඒ අය විශ්වාස කරගෙන හිටියේ ඒ අයගෙම යහළුවෙක් දිනයි කියලා. ඒ නිසා ඒ සඳහා වටිනා ත්‍යාගයක් කලින්ම වෙන්කර තිබිලා තියෙනවා. තරඟයෙන් මම දිනුවත් මට ලැබුනේ උස පැනීම සඳහා දෙවන ස්ථානය ලෙස නම්කර තිබු ත්‍යාගයයි. පළමු ස්ථානය සඳහා වූ ත්‍යාගය ඒ අයගේ යහළුවාට දෙවන ස්ථානය වශයෙන් ප්‍රදානය කළා. මේක වටහාගත් මා කිසිවක් නොදන්නාක් මෙන් ඔහු ළඟට ගොස් මෙන්න ඔයාගේ තෑග්ග මට ඇවිල්ලා කියලා බලෙන් තෑග්ග මාරු කරගත්තා. (නි)
ඔය වගේ පටළැවිලි අවුරුදු උත්සව වලත් ඕනෑතරම් වෙනවා. ඒත් ඒවා සුහදව විසඳා ගන්නවා. (නි)
ඉන්දික ගේ ජයනි ගේ කියමනට මම ලකුනුදෙනවා (බ)
එයාලගේ මුණ බලාගෙන හරි දේ කරන්න බැහැ. (බ)
ඕක මහින්දගේ කුමන්ත්‍රණයක්. තනිනම් මේගොල්ලන්ට වරදින්න විදියක් නැහැ. (බ)