‘‘ ජනපතිට කියන්න“ නව සේවාව ආරම්භ කර ගතවූ පැය 24ක කාලයේ දී 1919 දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලයේ tell.president.gov.lk මගින් පැමිණිලි 3200ට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
ඕනෑම පුද්ගලයකුට තම පැමිණිලි, දුක් ගැනිවිලි, චෝදනා, යෝජනා හා අදහස් ජනාධිපතිවරයා වෙත සෘජුව යොමු කිරීමට පහසුකම් සපයමින් ‘‘ජනපතිට කියන්න“ සේවය අාරම්භ කරන ලද්දේ සිකුරාදා දිනයේ දී ය.
නවීන තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම ස්මාර්ට් දුරකථනයකින් ‘‘ජනපතිට කියන්න“ ස්මාර්ට් යෙදවුම බාගත කර ගැනීමෙන්, 1919 වෙත දුරකථන ඇමතුමක් දීමෙන්, tell.president.gov.lk වෙත යොමු වී අදාල පණිවිඩය යැවීමෙන් [email protected] වෙත විද්‍යුත් ලිපියක් යොමු කිරීමෙන් හෝ තැපැල් පෙට්ටිය 123 කොළඹ ලිපිනයට සාමාන්‍ය තැපෑලෙන් ලිපියක් එවීමෙන් තම පණිවිඩය ජනාධිපතිවරයා වෙත සෘජුව යොමු කිරීමට ජනතාවට පහසුකම් ලබා දී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ මෙලෙස ලැබෙන සියළු පණිවිඩ සඳහා කඩිනම් ප්‍රතිචාර දක්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතින් නොකෙරන විසඳුම්. ප්‍රශ්න 3200 දවසක් ඇතුළත ලැබිලා. එක ප්‍රශ්නයක් විසඳන්න අඩුම ගානේ විනාඩියක් ගතවුණොත්, පළමු ප්‍රශ්න 3,200 කියවන්න/බලන්න දවස් 2.22 අවශ්‍යයි. ඉතින් ඒවා විසඳන්නේ කවදාද? පළමු දවසේ ප්‍රශ්න 3200 කියවලා අවසන්වෙනකොට තවත් ප්‍රශ්න 7,000ක් අඩුමගානේ එකතුවෙලා කියවන්න. ඉතින් ඒවා විසඳන්න කොච්චර කලක් යාවිද? (නි)
මේ කාර්යය සාර්ථක වේවා! (නි)
මතක ඇති කාලෙක මෙහෙම දුකක් අපි වින්දේ නැහැ (නි)
මේ ලැබෙන සියළු පැමිණිලි ගැන බලන්න එතුමාට වෙලාවක් තිබේවිද? (නි)
ඉතා වැදගත් දෙයක්. අපි ඔබතුමාට කියන්නම්. ස්තුතියි. (නි)
මේක කරගන්න පුළුවන් වේවිද? (නි)
හොඳ වැඩක් (නි)
අතරමැදියෙක් නැතුව කෙළින්ම ජනාධිපතිතුමාටම අදාළ පණිවිඩය ලැබුනොත් මේ ක්‍රමය වඩාත් සාර්ථක කරගන්න හැකිවේවි. කෙසේ නමුත් හොඳ අදහසක්. (නි)
වැඩේ කෙරෙනවා නම් හොඳම දෙයක්. වැඩේ කරලම දුන්නොත් තමයි විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. මොකද දන්නවද? මෙච්චරකල් හිටිය අයත් කළේ අපිව හැමදාම රවට්ටපු එක (නි)
චාමර, පැරණි රජදරුවෝ ගෙයින් ගෙට ගිහින් රාත්‍රී කාලයේ ජනයා ගැන රහසින් සොයාබැලුවා. දැහැමි පාලනය එයයි. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
මේක නම් බොහොම හොඳ සේවයක් (නි)
අඛණ්ඩව ඉදිරියට යායුතු ඉතා හොඳ වැඩපිළිවෙලක්. හැබැයි එන ලිපිවල "අ.ක.ස." හෝ "අවශ්‍ය කටයුතු කරන්න" කියලා විතරක් සඳහන් කරලා අදාළ ආයතනයට යොමුකරලා නම් වැඩක් නැහැ. ඍජුවම අදාළ ආයතනයෙන් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න ලේකම්වරුන් දැනුවත් කරවන්න. ඔබතුමාට පිවිතුරු අනාගතයක්! (නි)
මේ නිවටයට කියල වැඩක් කරයිද? (කෞ)
හොඳයි. ආරම්භයක් පමණක් ඇති තවත් වැඩක් නොවේවා! බිම් මට්ටමින්ම විසඳාගත හැකි ප්‍රශ්නත් ජනපතිට ගලා නොඒවා! මේ ගැන විශ්වාසය තැබිය හැක්කේ මේකෙන් යහපත සැළසුනු අය ගැන ප්‍රවෘත්ති ප්‍රචාරය වනවිටයි. (නි)
කරන්න බැහැ කියලා දෙයක් නැහැ උවමනාව තිබේ නම්. ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරින්ට නම් හුස්මක් කටක් නැතුව වැඩ ඇති දැන් (නි)
මේක කරන්න පුළුවන් වැඩක්ද? (නි)
මට අපේ මිනිස්සු ගැන හරි දුකයි. හැමදාමත් රැවටෙනවා. (නි)
විනාඩියට ප්‍රශ්න 2 ක්. (නි)
මොනවා වුණත් කට්ටිය කාලේ නාස්ති නොකර වැඩ කරලා. තප්පර 30කින් තමන්ගේ ප්‍රශ්න කියනවා කියන්නේ අගය කරන්න ඕනෑ දෙයක්.
නව වසරේ පටන්ගැන්මේ ඉඳලා පොලිසි උසාවි නම් කඩිනම් සේවයක් ලබාදෙන බව පෙනෙනවා. අනික් ආයතනත් එහෙම වෙනවා නම් හොඳයි. (නි)
ජනතාව දැන් බුද්ධිමත් යැයි සිතමු (නි)
එතුමා ඕවා කරන්න ගත්තොත් රට පාලනය කරන්න කරන්න වෙන කෙනෙක් හොයන්න වේවි. (නි)
ඉතා හොඳ වැඩපිළිවෙලක්. (නි)
ඇගයිය යුතුයි. විශේෂයෙන්ම සංස්ථා ඇතුළු රජයේ ආයතන රැසක අවධානය නොලැබුණු බොහෝ ගැටළු රැසකි. (නි)
මහ ජනතාවට යහපතක් වෙන විදියට රට පාලනය කරන්න වෙනවා (නි)